Posts

Showing posts from April, 2022

"Bubble" Anime Movie එක අද සිට Netflix ඔස්සේ Stream කිරීමට අවස්ථාව ලැබේ !

Image
Attack on Titan (S1-3), Death Note Anime අධ්‍යක්ෂක Tetsuro Araki සෙන්සේ අධ්‍යක්ෂනය කරන Netflix "Bubble" Movie එක අද(28) සිට Netflix ඔස්සේ Stream කිරීමට අවස්ථාව ලැබෙනව. ඒ වගේම මැයි 13 වනදා සිට මේ චිත්‍රපටිය ජපානයේ තිරගත වීමටත් නියමිතයි. අපි පසුගිය සති කීපය පුරාවට මේ Movie එකේ විස්තර ඔක්කොම වගේ ඔයාලට ගෙනාව . ඒ ටික සාරාංශ කරොත් , Movie එක අධ්‍යක්ෂනය කරන්නෙ අරාකි සෙන්සේ කියලා ඔයාලා දන්නවනෙ ? ආයි ඉතින් සුපිරිම වැඩ්ඩෙක් තමා. මීට අමතරව Movie එකේ නිෂ්පාදන කටයුතු භාරව ඉන්නෙ Attack on Titan(S1-3) , Vinland Saga , Vivy , Spy x Family Animation කටයුතු කරපු WiT Studio එක. Movie එකේ සංගීත සංයෝජනය කරන්නෙ Attack on Titan , 86 වැනි ඉහලම මට්ටමේ ඇනිමෙ වලට music Compose කරපු Hiroyuki Sawano සෙන්සේ සහ Kohta Yamamoto සෙන්සේ විසින් . Movie එකේ Opening Theme Song එක ගායනා කරන්නෙ Jujutsu Kaisen ඇනිමෙ වෙනුවෙන් Kaikai Kitan theme එක වගේම , Josee , Dororo Anime සඳහා ගීත ගායනා කරපු EVE විසින්. මීට අමතරව cast එකෙන් Yuki Kaji (Eren) වගේ Seiyu දැවැනතයො එක් වෙනව. ඉතින් මේ Movie එක ගැන high hopes තියාගෙ

මොකක්ද මේ ඇනිමේ "මාස්ටර්පීස්" කියන්නෙ?

Image
ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම ගත්තම වැඩියෙන්ම අවභාවිතා වෙන වචන අතර ඉදිරියෙන්ම තියෙන එකක් විදියට Masterpiece කියන වචනය ගන්න පුලුවන්. හැබැයි එහෙම වැරදියට යූස් වෙනවා කියන්නත් බෑ . මොකද මේවගෙ තේරුම මේකයි කියලා කිව්වට එහෙම 100% ක් ඒ අරමුණ මතම යූස් වෙන එක ප්‍රායෝගිකව බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි මාස්ටර්පීස් කියන වචනය ගත්තම යූස් කරන කෙනා එයාගෙ perspective එක සහ තවත් සාධක මත ඒකට ලැබෙන වටිනාකම සහ ඒක අපි consider කරන්න ඕනි ප්‍රමාණට තීරණය වෙනවා. අද කියන්න යන්නෙ ඇනිමේ ගත්තම මාස්ටර්පීස් කියන්න මොකක්ද කියලා වුණාට මේක ගොඩක් දේවල් වලට related වෙන්න පුලුවන්.   මාස්ටර්පීස් කියන වචනය ගත්තම ඒකට සාමාන්‍යයෙන් අපි ගන්නෙ outstanding work එකක් හඳුන්වන්න. උදාහරණයක් විදියට ගත්තම Michael Angelo ගෙ David, ඩාවින්චි ගෙ මොනාලීසා වගේ ගන්නකෝ. ඒ වගේ දේක සුපිරිම ලෙවල් එක හඳුන්වන්න තමා මේ වචනය යූස් වෙන්නෙ. David by Michelangelo Mona Lisa by Leonardo da Vinci  හැබැයි මේක vocabulary එකට එන්නෙ Master's piece කියන එකෙන් බිඳිලා. ඒ කියන්නෙ මාස්ටර් කෙනෙක් එහෙමත් නැත්නම් ඒ විශයේ ප්‍රවීණයෙක් ගේ සුපිරිම වැඩ්ඩෙක්ගේ creation එකක

𝗠𝗼𝗻𝘀𝘁𝗲𝗿 කියවමු #02 !!! - 𝐏𝐮𝐫𝐞 𝐈𝐧𝐧𝐨𝐜𝐞𝐧𝐭 𝐓𝐞𝐧𝐦𝐚

Image
ඔන්න අද Monster ගැන කතා කරන්න යන්නෙ කතාවෙ හරියට track එකට වැටෙන්න කලින් තියෙන Slow Burn phase එක ගැන . ඒ කියන්නෙ මුල හරියෙ එක එක චරිත රචකයා විසින් කතාවට introduce කරන හැටි ගැන . Character plot armor සහ development අතින් ගත්තම මේක වෙනම ලෙවල් එකක කතාවක් . කෝමත් Seinen shows අතර් හොඳ Ratings ගත්ත ඕනිම කතාවක මේ වගේ තමයි. Monster කියලත් වෙනසක් නෑ.   කතාවට පිවිසීම වෙන්නෙ 1986 විතර. ඒ කියන්නෙ මේ වෙනකොට මේ Düsseldorf කියන Dr. Tenma ඉන්න රෝහල එහෙම තියෙන පැත්ත ඒ කාලෙත් එක්ක ගත්තම Germany වලම නෙවෙයි. බටහිර ජර්මනියේ. 1989 තමා Germany වල Berlin Wall එක බිඳ වැටෙන්නෙ . ඊට කලින් නැගෙනහිර සහ බටහිර විදියට ජර්මනිය බෙදිලා තිබුණේ. බටහිර ජර්මනිය සීතල යුද්ධ සමයේ ඇමරිකානු කඳවුරත්, නැගෙනහිර ජර්මනිය රුසියානු කඳවුරත් නියෝජනය කරා . අපිට කතාවෙ මුල් ටිකේ දකින්න හම්බවෙන ගොඩක් frames වල අපි නිතර දෙවේලෙ දකින western vibe එක දැනෙන්න එක හේතුවක් ඒක 😳. ඒ කාලයේ නැගෙනහිර ජර්මනිය තිබුණෙ පොඩ්ඩක් වෙනම මුහුණුවරකින්.   ඉතින් කතාවෙ ඉන්න චරිතත් පොඩ්ඩක් ඒ කාලෙ capitalism කියනෙ දේ ගිලපු අය වගේ බැලූ බැල්මට පේනවා . ටෙන්මා කියන්නෙ ඒ ව

𝗠𝗼𝗻𝘀𝘁𝗲𝗿 කියවමු !!!

Image
මටත හිතුණා views අඩුවුණාට බලපු කට්ටිය නැතිවුණාට කමක් නෑ මගෙ favourite shows ඒ කියන්නෙ Psychological Thriller/ Mystery වගේ ඇනිමේ, ඒ වගේම One of a kind Typical නොවන ඇනිමේ ගැන ලිපි මාලාවක් ගේන්න. ඒක ආරම්භය විදියට Monster කියන මගේ all time favourite anime එක තමා ඉස්සෙල්ලම ගේන්න හිතුවෙ. මේ ලිපි මාලාවෙන් Monster කියවන එකක් කරන්නෙ. ඒ කියන්නෙ කතාව වගේම මේකට ඇයි psychological thriller කියන්න කියන එක තදටම මම කතාකරන්න බලාපොරොත්තු වෙනවා . Thriller එකක් වෙන්නෙ ඇයි කියලා බැලූ බැල්මට තේරුණාට Psychological කියන වචනෙ බරපතලකම තාම touch වෙනවා අඩුයි ගොඩක් අයට. ඉතින් අද ලිපියෙ එච්චර ලොකු deep දේවල් නම් touch කරන්නෙ නෑ . අද දෙන්නෙ බලපු නැති අයට මේක ගැන දැනගන්න සහ බලපු අයට පොඩ්ඩක් මතකය refresh වෙන විදියෙ පොඩි overview එකක් වගේ ලිපියක් . එහෙනම් අපි බහිමු කතාවට... 𝐌𝐚𝐬𝐭𝐞𝐫𝐩𝐢𝐞𝐜𝐞 . ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ සිනමා හෝ වේවා වෙනත් මාධ්‍යක කලා නිර්මාණයක් රසවිඳින රසිකයන් අතර වැඩියෙන්ම පාවිච්චි වෙන සහ වැඩියෙන්ම අවභාවිතා වන වචනයක් කිව්වොත් හරි . ඇත්තටම මාස්ටර්පීස් කියන්නෙ මොකක්ද ? මේකට උත්තරයක් දෙන එක

The Upper Moon Three - AKAZA

Image
යක්ෂයෙක් වෙන්න ක්යෝජිරෝ.... අනන්තය වෙනකං අපි සටන් කරමු.. moshi moshi  කොහොමද ඔයාලට... අද මේ article එකට ගේන Character එක ගැන ලියන්න කියල ඔයාලා ගොඩ දෙනෙක් Request කරල තිබුනා.. එහෙනං එයා ගැන කතා කරන්න යං.. ඊට කලිං හැබැයි, Major Spoilers ahead for Anime Onlys ! . . මම ඔයාලට කතාවක් කියල ඉන්නද? හාද ? දැනට තියෙන වර්ථමානයට අවුරුදු සීයකට විතර කලිං..එක මනුස්සයෙක් හිටියා ගොඩාක් අසනීප ⁣උන. මෙයාට තිබුන එකම සම්පත,මෙයා හරිම ආදරෙං හදාගත්තු තමංගෙ එකම දරුවා 'හකුජී' විතරයි.. මේ හකුජිත් එයාගෙ තාත්තට ගොඩා..ක් ආදරේ කරා,එයාගෙ තාත්ත ගොඩක් අසනීප වෙලා හිටියත්,එයාලා දුප්පත් නිසා ඒ ලෙඩ වලට බෙහෙත් ගන්න හකුජිලා ලඟ සල්ලි තිබුනෙ නෑ.. මේ නිසා,හකුජි කලේ පාරෙ යන මිනිස්සුන්ගෙං සල්ලි හොරකං කරන එක (ගැට කපන එක)... එහෙම කරත් එයා මිනිස්සුන්ට අහු උනා..ගුටි කෑවා..තුන් පාරක්.. මෙන්න මේ වතාවෙදි ගමේ කෙනෙක් මේ කතාව හකුජිගෙ තාත්තට කිව්වා.. තමංගෙ පුතා,තමන්ට බෙහෙත් ගේන විදිහ නොදැන හිටියත්,එදා දැනගත්තු එයා..තමන් නිසා තමන්ගෙ දරුවා ගොඩක් වැරදි පාරක ගිය එක ගැන ⁣අතිශයින් කලකිරීමට පත්වෙලා.. හකුජිව තනි කරල එල්ලිලා මැරෙනව.. තාත්ත මිය

The Sound Hashira - Tengen Uzui

Image
Tanjiro...තමන් සතු සියලුම ශක්තිය එක්තැන් කරමින් සටන් කරමින් සිටියේය.. පැහැදිලිව ම එම උත්සාහය ප්‍රමාණවත් නොවන බව Tanjiro ටම තේරුම් යමින් තිබුන මොහොතේම...Giyutaro ගේ අවිය කෙලිම්ම ඔහුගේ ඇස කරා පැමිනෙමින් තිබුනි... නමුත්..ඒ මොහොතේම..විශාල කඩු තලයකින් එම ප්‍රහාරය ආවරණය විය.. එක කඩුවක් කටින් සහ අනෙක එක් අතකින් දරාගත් ඔහු...tanjiro වෙනුවෙන් පැමින තිබින.. Giyutaroව මරණීය විස්මයකට පත් කල මොහොතේම .... 'මම මගේ ටෙකිනික් එක සම්පූර්ණ කලා..අපි මේක දිනන්නයි යන්නේ... ලෙස ඔහු ඉතා උද්යෝගයෙන් කෑ ගසනු ඇසුනි.. Moshi Moshi.... ඔයාල හැමෝම හොඳින්..Oh shit this is Sri lanka,Sorry  එනිවේ..අද කතා කරන්න එන කෙනානං මේ වෙනකොට anime fan කෙනෙක් නොදැන ඉන්න විදිහක් නෑ... Demon Slayer anime ඉතිහාසය තුලදී අපිට හමු උන Major roles තිබුන Hashirala 03 දෙනා අතර,Anime fans ල ව වගේම මුලු මහත් KnY universe එකම හොල්ලපු, ලෝකෙ පුරාම ඉන්න කොල්ලංගෙ Dream personality එකක් උන වගේම.. Of couse කෙල්ලංගෙ favorite Crush එකක් උන.. 'The Sound Hashira....Lord Tengen Uzui ව ඔන්න අද අරගෙන ආවා ඔයාල ඉස්සරහට  Uzui කියන්නෙ Demon Slayer unive

Serpent Hashira - Iguro Obanai

Image
'මුසාන් එක්ක අපි කරන සටනෙදි.. මට ඕන එයා අතිං මැරෙන්න. ඒ මැරිලා,මගෙ මේ අපිරිසිදු ලේ එක්ක තියන අපිරිසිදු ආත්මය ශුද්ධ කරගෙන.. අලුතින් මනුස්සයෙක් වගේ ඉපදෙන්න පුලවන්.. එතකොට මට පුලුවන්,මගෙ හිතේ තියෙන,pure හැඟීමෙං,ඔයාට ආදරෙයි කියන්න ........... Kanrogi  Moshi moshi.. කොහොමද ඔයාලට..?  ඔන්න අරං ආවා KnY article එකක්  ඔයාලා කැමතිම character එකකුත් එක්ක.. ඇත්තම කිව්වොත්,මේ කැරක්ටර් එක ගැන තාම මම දන්නව ඔයාලා ලඟ තියෙන්නෙ Mixed feelings කියල,මොකද එයාගෙ තිබ්බ appearance සේරගෙම අපිට දුන්නෙ එහෙම දැනෙන Vibes නිසා. Anyways,අද අපි කතා කරමු KnY විශ්වය තුල ඉන්න probably the freakiest Hashira, 'The serpent hashira'Iguro Obanai ගැන Major Spoiler Alert for Anime Onlys ! . . Iguro ගැන ගත්තොත්,මෙයා අපිට හමුවෙන Main supporting character එකක්.. Black and white striped Haori එකක් අඳින,Bandaged mouth එකක් තියන middle build පොරක් තමයි මේ obanay  Heterochromia කියන තත්වය නිසා මෙයාගෙ දකුණු ඇහැයි වම් ඇහැයි පාට දෙකක් කියල මතකනෙ,ඒ වගේමයි මෙයාට ඒ හන්දම දකුණු ඇහේ පෙනීමේ පොඩි අවුලකුත් තියනව  තනි psycho past එකක

ඇනිමේ එකක් හදන්න කීයක් යනවා ඇත් ද ?

Image
  මීට ටික කාලෙකට කලින් Japanese animator ලගෙ Underpaid සිද්ධි ගැන news අහලම මට හොයන්න හිතුන නිසා හෙව්ව දෙයක් මේක .  මම මේක ලිව්වට විස්තර ගොඩාක්ම internet එකේ දැක්ක article සහ Youtube Videos වල දැක්ක interview වලින් හොයාගත්තු දේවල් !  මේ කාලෙ (2019-2021) වගේ වෙනකොට තත්පර 60 ක 2D animation එකක් සඳහා $6000 ක් වගේ වැය වෙනෝලු . Full episode එකක් කරන්න අවසාන වශයෙන් $100,000-300,000 ක් වගේ යනව කියල තමා කියන්නෙ .  ගොඩාක් producers ලා කියන විදිහට Anime ගොඩාක් බිහි උනාට Anime industry එක රැඳිලා තියෙන්නෙ අතරින් පතරින් එන big hits දෙක තුනක් මත කියල .  ඉතින් ඒ උනත් Anime වලින් ජපානෙට එන සමස්ත ආදායම හිතාගන්නත් බැරි නිසා රටක් වශයෙන් ඒ ගොල්ලො මේ industry එක තවත් promote කරනව කියල තමා කියන්නෙ .  ජපනා හපනා .  ටික කාලෙකට කලින් CG creator කෙනෙක් වෙන සසමුනේ සකාකි කියල තියෙනව episodes 13 ක වගේ mini anime series එකක් කරන්න $million 2 ක් වගේ යනව කියල .  ඒ වගේම තවත් anime producer කෙනෙක් කියල තියෙනව episodes 24 anime එකක් කරන්න $ million 4-5 වගේ එයාට යනවලු . නමුත් ඒ anime එකට advertise කරල මිනිස්සු බලන තත්ව

ඇනිමේ හැදෙන්නෙ කොහොමද ?

Image
ඇනිමේ හැදෙන්නේ කොහොමද කියන එක ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් නෙ .  ඉතින් කුතුහලය හින්දම මාත් මේක ගැන ටිකක් හොයන්න හිතුවා .  මුලින්ම කියන්න ඕනෙ ඉතින් මට මේ Anime හදල ඒක ගැන පලපුරුද්දක්වත් ඊට අදාල ක්ශේත්‍රයක ඉගෙනීමෙන් ලබපු දැනුමක්වත් නෑ. මම එක එක මූලාශ්‍ර වලින් හොයාගත්තු කරුනු මත හදන post එකක් තමා මේක .  ඉතින් ඔක්කොටම කලින් දැනගන්න ඕන දෙයක් තියෙනව 😲 𝗔𝗻𝗶𝗺𝗮𝘁𝗶𝗼𝗻 කියන්නෙ මොකක්ද ?  Animation Making Process - Disney (1938) Animation එකක් කියන්නෙ සැබෑ ගතික(motion) රූප[අපි camera එකකින් ගන්න video එකක් හිතන්න] , ප්‍රබන්ධව(illusionary) නිර්මානය කිරීම සඳහා , ඉක්මනින් එකිනෙක මාරු වෙන(Flip) මිනිසා විසින් නිර්මානය කළ විවිධාකාරයේ ගතික රාමු වල දිවෙන සිතුවම්(Drawings) වලට .  ඉතින් ඔයාලා පොඩි කාලෙ ආසාවට , දැනුවත්ව හෝ නොදැනුවත්ව  flip book හදලා තියෙනව නං ඒ ඔයා හදලා තියෙන්නෙ එක්තරා විදිහකට Animation එකක මූලාරම්භයක් . ඔයා walt disney ලගෙ Mickey Mouse animation එකේ making video එහෙම බලලා තියෙනව නං මේක ඔයාලට වැටහේවි  💯 Flip Books Anime සහ Animation අතර තියෙන වෙනස්කම්  මේ Anime එහෙම නැත්තන් japanese