The Upper Moon Three - AKAZA



යක්ෂයෙක් වෙන්න ක්යෝජිරෝ....
අනන්තය වෙනකං අපි සටන් කරමු..

moshi moshi 

කොහොමද ඔයාලට...

අද මේ article එකට ගේන Character එක ගැන ලියන්න කියල ඔයාලා ගොඩ දෙනෙක් Request කරල තිබුනා..
එහෙනං එයා ගැන කතා කරන්න යං..
ඊට කලිං හැබැයි,

Major Spoilers ahead for Anime Onlys !

.
.

මම ඔයාලට කතාවක් කියල ඉන්නද? හාද ?

දැනට තියෙන වර්ථමානයට අවුරුදු සීයකට විතර කලිං..එක මනුස්සයෙක් හිටියා ගොඩාක් අසනීප ⁣උන.
මෙයාට තිබුන එකම සම්පත,මෙයා හරිම ආදරෙං හදාගත්තු තමංගෙ එකම දරුවා 'හකුජී' විතරයි..
මේ හකුජිත් එයාගෙ තාත්තට ගොඩා..ක් ආදරේ කරා,එයාගෙ තාත්ත ගොඩක් අසනීප වෙලා හිටියත්,එයාලා දුප්පත් නිසා ඒ ලෙඩ වලට බෙහෙත් ගන්න හකුජිලා ලඟ සල්ලි තිබුනෙ නෑ..
මේ නිසා,හකුජි කලේ පාරෙ යන මිනිස්සුන්ගෙං සල්ලි හොරකං කරන එක (ගැට කපන එක)...
එහෙම කරත් එයා මිනිස්සුන්ට අහු උනා..ගුටි කෑවා..තුන් පාරක්..
මෙන්න මේ වතාවෙදි ගමේ කෙනෙක් මේ කතාව හකුජිගෙ තාත්තට කිව්වා..
තමංගෙ පුතා,තමන්ට බෙහෙත් ගේන විදිහ නොදැන හිටියත්,එදා දැනගත්තු එයා..තමන් නිසා තමන්ගෙ දරුවා ගොඩක් වැරදි පාරක ගිය එක ගැන ⁣අතිශයින් කලකිරීමට පත්වෙලා..
හකුජිව තනි කරල එල්ලිලා මැරෙනව..

තාත්ත මිය ගිය එකට දුක සහ මේ අසාධාරණ සමාජය ගැන තියන අධික කේන්තියත් එක්ක හිටපු ගමින් පිටත් වෙන හකුජි,අතරමගදි හමුවෙන හැම ගමකම මිනිහෙක් එක්කම ගහගන්නව..
ගහගෙන කොහොම හරි පරාදත් කරනව හැබැයි..
ඔහොම යන ගමනෙදි තමයි එයාට Keizo ව හමුවෙන්නෙ..
Keizo කියන්නෙ ඒ අවට ගමක තිබුන Dojo එකක sensei කෙනෙක්..ඒ ගමේ හිටිය මිනිස්සු හත් දෙනෙකුට මැරෙන්න ඔන්න මෙන්න වෙනකං ගහල ඉන්න හකුජි,ඒ කරලත් චිල් එකේ තමං දිහා බලං ඉන්න මේ මිනිහගෙං  ගේම ඉල්ලනව..
හැබැයි ඉතිං,ඉක්ක වැටෙන්නත් කලිං අනිප්පැත්තට බඩ කට පුරා ගුටි කාලා තමයි මෙයා නවතින්නෙ..

කොහොම හරි මේ Keizo,හකුජි ව තමංගෙ Dojo එකට එක්කගෙන යනව..ඒ එක්කං යන්නෙ,එහෙ ඉන්න දෙන්න තමයි,හැබැයි ඒ ගමන්ම එයාගෙ අසනීප වෙලා ඉන්න දුව Koyuki වත් බලාගන්න එකට උදව් කරගන්න..
තමංගෙ තාත්තවත් බලාගත්තු නිසා මේක එච්චර අවුලක් උනේ නැතත්,මෙතනදි පොඩි අවුලක් හකුජි ට ආවා..
ඒ තමයි,මේ කෙල්ල හැම වෙලාවෙම මොකකට හරි අඬාගත්තු ගමං ඉන්න එක..
කොහොම හරි මේ හැම වෙලාවකම හකුජි koyuki ට කිව්වෙ 'ලබන අවුරුද්ද වෙනකල් ඉවසන්නකො' කියල..
නොදැනීම ඒ නිසා koyuki ගෙ හිතේ බලාපොරොත්තුවක් ගොඩනැගුන එක ගැනනං හකුජි දැනං හිටියෙ නෑ..
ඔහොම යද්දි එක දවසක්,අහල ගමක තවත් Dojo එකක sensei කෙනෙක් Koyuki ව බලෙං අරං යනවා..⁣මේකට හේතුව⁣,මේ kenzo ගෙ භූමිය අත් කරගන්න..
හොඳම එකෙං මල පයින හකුජි,තමංගෙ Sensei kenzo එක්ක එතනට ගිහිං එහෙ ඉන්න සේරටම ගහනව..
⁣හිටපු සේරටම ගහලා ආපහු පැත්ත පලාතක නොඑනව කියල එවුං ටිකගෙං පොරොන්දුවකුත් අරං ඊට පස්සෙ මිනිහට කඩුවකිං ඇරල දාපු ඒ Dojo එකේ sensei ටත් පට්ට වැඩ කෑල්ලක් එහෙම දාලා පෙන්නල මිනිහ කට්ටියත් එක්ක එන්න එනව.
මෙහෙම කාලයක් යනව,දැං කොයුකිටත් හොඳටම හොඳයි..
එයා දැං⁣ ගෙදර වැඩ ගැන බලන නිසා kenzoටයි හකුජි ටයි Dojo එක ගැන බලන්න පුලුවන් වෙනවා..මේ kenzo විසින් උගන්වන Soryu කියන Style එක Master කරන හකුජි..දෙන්නත් එක්කම Dojo එකේ උගන්නන්න පටං අරගන්නව..ඉතාම ඉක්මනට ඒක දියුනුත් කරල ගන්නව.

මෙහෙම යද්දි,දවසක් Kenzo තමන්ගෙ දක්ෂතම ගෝලයා හකුජිට දෙන්න පුලුවන් ඉහලම ගෞරවය දෙනව..
ඒ තමයි තමන්ගෙ Dojo එක පවරන එක සහ,තමන්ගෙ ආදරණිය දුව ව විවාහ කරගන්න කියල ඔහුට කියන එක.

පුදුම තරම් සතුටටත්,ඒ වගේම ලැජ්ජාවටත් පත් වෙන කොල්ලා..ඇත්තටම බොහොම ගෞරවයෙන් ඒ ඉල්ලීම් දෙකටම හා කියනව විතරක් නෙවෙයි..
මේ ආදරණිය පවුල,තමන්ගෙ ජීවිතේ ගියත් ආරක්ෂා කරනව කියල තමන්ටම ප්‍රතිඥා දෙනව.
කොහාම උනත්,තමන් දැන් ඉන්න තැනට එන්න කලිං හිටිය විදිහ ගැනත් කියන්න ඕන නිසා බඳින්න කලිං කොයුකි ට ඒ සේරම ගැන කියල ඒක අවුලක් නැද්ද කියල අහන්නත් මෙයා අමතක කලේ නෑ...
ඒත් ටිකෙං ටික හිතිං අසීමිතව හකුජිට බැඳිල හිටිය කොයුකිට ඒ කිසිම දෙයක් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..

කොහොම හරි,මේ ආරන්චිය හකුජි එක්ක තරහෙං හිටිය අර අල්ලපු ගමේ Dojo එකට ආරන්චි වෙනව..
ආපහු කිහිප දෙනෙක් එකතු කරගන්න ඒ sensei නැවතත් හකුජිට ගහන්න යනව,(බලෙං උනත් උස්සං යන්නෙ පොඩි හරි කැමත්තක් තියන හන්දනෙ ඉතිං )
ඒ පාරත් බඩ කට පුරා ගුටි කන මෙයාලා,මේ වතාවෙදි නිකං ඉන්න තීරණය කරන්නෙ නං නෑ..
හකුජි ගොඩක් සතුටිං ඉන්න නිසාම..තමංගෙ පියාගෙ සොහොන ලඟට ගිහිං එන්න ගිහිල්ලයි තිබුනෙ..
ඒ,එයා කසාද බඳිනව කියල කියන්නත් එක්ක...
ඒ ගිහිං එද්දි,මොකක් හරි අවුලක් කියල තේරුණ මෙයාට..ඒ හිතල ඉවර වෙන්නත් කලිං ම දැනගන්න ලැබෙනව.
අර අල්ලපු ගමේ සෙන්සෙයි ඇතුලු පිරිස එයාලා වතුර බොන ලිඳට වස එකතු කරල කියලත්,ඒ වතුර නිසා Kenzo සහ තමංගෙ පෙම්වතිය Koyuki ත් මිය ගියා කියල..

මෙන්න මේ මරණ දෙක කිසිම විදිහකිං දරාගන්න බැරි උන හකුජි..ඒ වියරුවත් එක්කම එතනින් පිට වෙලා ගිහිං..
ඒ අපරාදෙ කරපු Dojo එකේ හැට හත් දෙනෙක්වම තමන්ගෙ අත් දෙක විතරක් පාවිච්චි කරල මරලම දානව.
නිකං නෙවෙයි,මූනක්වත් හරියට හොයාගන්න බැරි වෙන්න..

මේන්න මේ සිද්දිය Demon senses awake caliber එකක incident එකක් බවට පත් වෙලා..The demon lord Muzan මෙතනට එනව..
අතිශය දුකකිං වගේම කියාගන්න බැරි තරම්,අසරණ කමකින්,කේන්තියකින් ඉන්න හකුජිව හමුවෙන මෙයා..
මේ තියන කාලකන්නි මනුෂ්‍ය ජීවිතේ අතෑරල..Demon කෙනක් වෙන්න කියල එයාට ආරාධනා කරනවා...

වෙනස්ම ජීවිත දෙකක් ලබා ගන්න එක ලඟ ආරාධනා ලැබුන හකුජිට,පලවෙනි ජීවිතේ ලබාගන්න බැරි උනත්..මේ දෙවනි එක ලබා නොගෙන ඉන්න හේතුවක් තිබුනෙ නෑ..

ඒ ඉල්ලීමට එකඟ වෙන හකුජි..එදා ඉඳං..
අපි සියලුම දෙනා හොඳට අඳුනන..

The Most beloved demon of all time in KnY universe, The upper moon three , Akaza බවට පත් වෙනවා..

ඔන්න ඔය කතාව,මම කිව්ව ⁣විදිහට වඩා ගොඩාක් ඔයාලට විස්තරාත්මකව වගේම ගොඩාක් දැනෙන්න දැනේවි manga එකෙං වගේම upcoming season එකේදිත්..

ඉතිං..අපි akaza ගැන කතා කරන්න ගත්තොත්..Akaza කියල කියන්නෙ පට්ට Strong look එකක් තියන well build body එකක් තියන Demon කෙනෙක්..
මෙයාගෙ past human life එකේදි pick pocket කලා කියල මම කිව්වනෙ..ඒකෙදි අහු උන තැනකදි මෙයාට ගහල පස්සෙ හො⁣⁣රෙක් කියලත් tattoo කරනව ඇඟේ.
මේක නිසාම Demon කෙනෙක් වෙලත් එයාගෙ ඇඟේ Body patterns දකින්න පුලුවන් තාමත්..
Humans ලට තිබුන අධික පිලිකුල නිසාම,
Demon කෙනෙක් වෙලත්,මෙයා මිනිස්සුංව පිලිකුල් කරත්,ඒ දුර්වල මිනිස්සු විතරයි...

මෙයා හිතන විදිහට සේරම දුර්වලතාවයන් ලෝකයෙන් අතුගාලා දාන්න ඕන වගේම,සියලු ශක්තීන් රැකගන්න ඕන..
ඒ නිසා සියලුම දුර්වල මිනිස්සුංව මරල දාන්න මෙයා දෙපාරක් හිතන්නෙ නෑ..(මතකනෙ මුලින්ම tanjiro හම්බුනාමත්)
ඒ වගේම තමයි ශක්තිමත් මනුස්සයෙක් හම්බුනාමත්..
ඔහු සමග සටන් කරන්න ඉතාමත් ඉක්මනට එකතු වෙන මෙයා..ඒ සටනෙන් බොහොම හොඳට විනෝද වෙනව වගේමයි,බැරිම උනොත් ඇරෙන්න තමන්ගෙ ප්‍රතිවාදියා ව මරන්න උත්සාහ කරන්නෙ නෑ..
මොකද,ශක්තිවන්තයින් ඉතුරු කරන්නනෙ මෙයා හදන්නෙ..
මේ වගේ සටන් වලදි හමුවෙන ප්‍රතිවාදීන්ගෙ නම දැනගන්නත් එයා අමතක කරන්නෑ වගේම,ඒ අයට ⁣කරන ගෞරවයක් විදිහට ඒ නම කවදාවත් අමතක කරන්නෙත් නෑලු 
ඒ වගේමයි තමන්ගෙ Caliber එකටම එන කෙනෙක් නං එයාට Demon invitation එක දෙන්නත් මෙයා අමතක කරන්නෙ නෑ..(මේකට බෑ කිව්වොත් තමයි මරන්නෙ කෙනෙක්ව )

මිනිස්සු වගේම තමන්ගෙ Fellow kizuki ලවත් Akaza හැම වෙලේම දකින්නෙ ප්‍රතිවාදියෙක් විදිහටමයි..
හිත යටිං හැම වෙලාවකම,යන්න පුලුවන් උපරිම level එකට යන්න උන්මාදයක් තියෙන Akaza..හැම වෙලාවෙම තමන්ට ඉහල ඉන්න Demonල ඇසුරු කරල,එයාලා එක්ක train උනා..

confidence අතින් ඉහලම ලෙවල් එකක ඉන්න Akaza කොයි තරමට තමන් ගැන Confidence ද කියනවනං upper level 3 ආව මුල් කාලෙදිම වගේ Kokushibu (upper moon one) ටත් Challenge කරා එක වතාවක්..(පරාද උනා හැබැයි)

Demon කෙනෙක් උනාට පස්සෙ Past Human life එක අමතක උනත්..ඒ ආභාසය තියන නිසා හරි..මෙයා ටිකක් අමුතු ප්‍රතිපත්තියක් අනුගමනය කරන කෙනෙක්..

කිසිම දවසක Akaza කිසිම කාන්තා ජීවිතයක් නැති කරන්නෙවත් හිංසා කරන්නෙවත් නෑ කියල ඉන්න කෙනෙක්..
සාමාන්‍යයෙන් KnY තුල ඉන්න Demon ලට ගෑනු කෙනෙක් Devour කලොත් ලැබෙන ශක්තිය වැඩියි..
එහෙම උනත්,මෙයා කවදාවත්..කාන්තාවකට හිංසා කලේ නෑ..

ඒ වගේමයි කමන්ට වඩා ශක්තිවන්තයින් ට ගරු කරනව වගේම අගය කරන්නත් මෙයා පසුබට වෙන්නෙ නෑ..

තමන් ජීවත්ව ඉන්න කාලෙදි ප්‍රගුන කරපු Soryu technique එකේම Adaptation එකක් තමයි Blood demon art එකට භාවිතා කරන්නෙත්..
ඒ වගේම ඒකෙ තියන Needle compass technique එක,Koyuki ගැන තියන මතකයක් හන්ද නිර්මාණය වෙන එකක්..

මේ හැම දෙයක් එක්කම Akaza කියන්නෙ almost unstoppable demon කෙනෙක්..

Hand to hand Combat වලදි අතිශය Lethal weapon එකක් වෙන මෙයා.. combat වලදි මොන වගේද කියන්න Mugen train arc එකේදි දැක්කනෙ 

ඒ වගේමයි Soryu technique එකෙං Adapt උන Blood demon art එකත්,දැනට තියන Deadly ම සහ Badass ම technique එකක්..
Body manipulation එක අනික් සියලුම Demon ලට වඩා සාපේක්ෂව වේගවත් මෙයා..හැම වෙලාවකම තමන් මුහුන දෙන Situation එකේදි 'The best' වෙන්න උපරිම ට්‍රයි කරන කෙනෙක්..

මුල ඉඳලම Muzan ගෙ Favorite කෙනෙක් වෙන මෙයා..Muzan විසින් Special missions වලට යොදාගන්න Demon ල කිහිප දෙනා අතරත් ඉන්න කෙනෙක්..
ඇත්තටම ඒ අතරිං සුවිශේෂී ම Task එක බාරව ඉන්න කෙනා කිව්වත් හරි..
Demin lord මේ ලෝකයට බිහි වෙන්න හේතු උන..'Blue Spider Lilly' ශාකය හොයන්න භාර වෙලා ඉන්නෙ මෙයාට තමයි.

කොහොම හරි,කවමදාවත් Nichirin Sword එකකිං Decapitate වෙන්නෙ නෑ කියල දිවුරල තිබුන Akaza..ඇත්තටම Decapitate උනත් මිය ගියෙ නෑ...

මිය ගිය විදිහ සහ මිය යන Scene එක anime  එනකං මමත් එක්ක Manga Fan base එක කොයි තරමට Excite ද කියල මම දන්නව..
ඒක ඒ තරම් Touching scene එකක්..

ඒ ගැන ඉක්මනට දැනගන්න ඕනනං ⁣Guys,අද හෙටම Manga කියවන්න ගන්න 

එතකල් කතාව එහෙනං අදට ඉවරයි..
ඔයාලලෙ ඉල්ලීම මට Satisfy කරන්න පුලුවන් වෙන්න ඇති කියල මම හිතනව.

එහෙනං ඔයාලගෙ අදහස් යටිං දාලා තියන්න.


Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬