𝗠𝗼𝗻𝘀𝘁𝗲𝗿 කියවමු !!!
මටත හිතුණා views අඩුවුණාට බලපු කට්ටිය නැතිවුණාට කමක් නෑ මගෙ favourite shows ඒ කියන්නෙ Psychological Thriller/ Mystery වගේ ඇනිමේ, ඒ වගේම One of a kind Typical නොවන ඇනිමේ ගැන ලිපි මාලාවක් ගේන්න. ඒක ආරම්භය විදියට Monster කියන මගේ all time favourite anime එක තමා ඉස්සෙල්ලම ගේන්න හිතුවෙ. මේ ලිපි මාලාවෙන් Monster කියවන එකක් කරන්නෙ. ඒ කියන්නෙ කතාව වගේම මේකට ඇයි psychological thriller කියන්න කියන එක තදටම මම කතාකරන්න බලාපොරොත්තු වෙනවා . Thriller එකක් වෙන්නෙ ඇයි කියලා බැලූ බැල්මට තේරුණාට Psychological කියන වචනෙ බරපතලකම තාම touch වෙනවා අඩුයි ගොඩක් අයට.
ඉතින් අද ලිපියෙ එච්චර ලොකු deep දේවල් නම් touch කරන්නෙ නෑ . අද දෙන්නෙ බලපු නැති අයට මේක ගැන දැනගන්න සහ බලපු අයට පොඩ්ඩක් මතකය refresh වෙන විදියෙ පොඩි overview එකක් වගේ ලිපියක් . එහෙනම් අපි බහිමු කතාවට... 𝐌𝐚𝐬𝐭𝐞𝐫𝐩𝐢𝐞𝐜𝐞 . ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ සිනමා හෝ වේවා වෙනත් මාධ්‍යක කලා නිර්මාණයක් රසවිඳින රසිකයන් අතර වැඩියෙන්ම පාවිච්චි වෙන සහ වැඩියෙන්ම අවභාවිතා වන වචනයක් කිව්වොත් හරි . ඇත්තටම මාස්ටර්පීස් කියන්නෙ මොකක්ද ? මේකට උත්තරයක් දෙන එක එක පාරටම කරන්න අමාරුයි. මම මෙහෙම කියන්නම් අදාළ field එකේ ඒ creation එක, ඒ කියන්නෙ අදාළ නිර්මාණය ඒකට අදාළ සියලු පැතිවලින් උපරිමයක් කරල තියෙනවා කියල පේනවානම් ඒක Masterpiece කියන්න පුළුවන් . ඉතින් අද මම කතාකරන්න යන්නෙ Undoubtedly Anime අතර Masterpiece කියල හඳුන්වන්න පුළුවන් ඇනිමෙ එකක් ගැන. මගෙ All Time Favourite ඇනිමෙ එකක් ගැන. ඉතින් මම කියන්න යන්නෙ අද Monster කියන anime series එක ගැන. මේක ඇවිල්ල 2004-05 විකාශය වෙච්ච පරණ Anime එකක් . Naoki Urasawa කියන Writer ගෙ නිර්මාණයක් මේක. Naoki සෙන්සේ Mystery Genre එකේ පතාක යෝධයෙක් .![]() |
Naoki Urasawa |
ලෝකෙ mystery thriller genre එකෙන් වැඩ දාන්න හැමෝටම බෑ . ඇගතා ක්‍රිස්ටි, stephen King වගේ ගොඩක් iconic නම් අතර මන්ගා ක්ෂේත්‍රයේ ඒ වගේ ඩයල් එකක් තමා Naoki Urasawa . මන්ගා සම්ප්‍රදාය ගත්තම Shonen Action , rom com වගේ genres වලින් මිදිලා Mystery, psychological thriller ක්ෂාණර ඉදිරියට ගෙනියන්න ලොකු මෙහෙයක් කරපු කෙනෙක් තම urasawa sensei . මෙයා ලිව්ව Monster, Pluto, 20th Century Boys වගේ මන්ගා ඔක්කොම වගේ සාමාන්‍යයෙන් මාස්ටර්පීස් විදියට සලකනවා . Top 20 Manga ලිස්ට් එකගත්තම පාඨක වගේම විචාරකයන්ගෙත් ප්‍රශංසාවලට නිරන්තරයෙන්ම ලක්වෙන මන්ගා කිහිපයකම රචකයා තමයි Urasawa Sensei. ඔයාලත් තාම කියවලා නැත්නම් follow කරන්න ඕනිම මන්ගකා කෙනෙක් තමා මේ. මගහැරගන්න නම් එපා.
"මේක සුපිරි ගණයේ Crime-Psychological-Thriller Story එකක්"
Comments
Post a Comment