මොකක්ද මේ ඇනිමේ "මාස්ටර්පීස්" කියන්නෙ?



ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම ගත්තම වැඩියෙන්ම අවභාවිතා වෙන වචන අතර ඉදිරියෙන්ම තියෙන එකක් විදියට Masterpiece කියන වචනය ගන්න පුලුවන්. හැබැයි එහෙම වැරදියට යූස් වෙනවා කියන්නත් බෑ . මොකද මේවගෙ තේරුම මේකයි කියලා කිව්වට එහෙම 100% ක් ඒ අරමුණ මතම යූස් වෙන එක ප්‍රායෝගිකව බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි මාස්ටර්පීස් කියන වචනය ගත්තම යූස් කරන කෙනා එයාගෙ perspective එක සහ තවත් සාධක මත ඒකට ලැබෙන වටිනාකම සහ ඒක අපි consider කරන්න ඕනි ප්‍රමාණට තීරණය වෙනවා. අද කියන්න යන්නෙ ඇනිමේ ගත්තම මාස්ටර්පීස් කියන්න මොකක්ද කියලා වුණාට මේක ගොඩක් දේවල් වලට related වෙන්න පුලුවන්.  

මාස්ටර්පීස් කියන වචනය ගත්තම ඒකට සාමාන්‍යයෙන් අපි ගන්නෙ outstanding work එකක් හඳුන්වන්න. උදාහරණයක් විදියට ගත්තම Michael Angelo ගෙ David, ඩාවින්චි ගෙ මොනාලීසා වගේ ගන්නකෝ. ඒ වගේ දේක සුපිරිම ලෙවල් එක හඳුන්වන්න තමා මේ වචනය යූස් වෙන්නෙ.

David by Michelangelo

Mona Lisa by Leonardo da Vinci


 හැබැයි මේක vocabulary එකට එන්නෙ Master's piece කියන එකෙන් බිඳිලා. ඒ කියන්නෙ මාස්ටර් කෙනෙක් එහෙමත් නැත්නම් ඒ විශයේ ප්‍රවීණයෙක් ගේ සුපිරිම වැඩ්ඩෙක්ගේ creation එකක් නම් අපි ඒකට මාස්ටර්පීස් කියනවා. ඒකෙ අනිත් පැත්තත් එහෙමයි සුපිරිම creation එකක් කරපු එක්කෙනෙක්ව අපි අනිත්  පැත්තට මාස්ටර් කෙනෙක් නැත්නම් ඒ විෂය ප්‍රගුණ කරපු එක්කෙනෙක් විදියට හඳුන්වනවා . දෙපැත්තටම okay. 

හැබැයි මෙහෙමයි Master කෙනෙක් විදියට අපි පොදුවේ acknowledge කරාට එයා කරන හැම එකක්ම මාස්ටර්පීස් එකක් වෙන්නෙ නෑ . උදාහරණයක් විදියට Takehiko Inoue Mangaka ගන්නකෝ. පොරගෙ මන්ගා තුනක් තියෙනවා මාස්ටර්පීස් ලෙවල් එකේ. හැබැයි එයා කරපු buzzer beater manga එක එහෙම සෑහෙන average. Takehiko sensei master කෙනෙක් කියලා පිළිගත්තට කවුරුවත් Buzzer Beater කියන එකට මාස්ටර්පීස් කියන්නෙ නෑ. 

Takehiko Inoue

හැබැයි Naoki Urasawa වගේ එක්කෙනෙක් ගත්තම එයාව අවිවාදයෙන්ම මාස්ටර් ලෙවල් එකට අපි acknowledge වෙනවා වගේම එයාගෙ monster, Billy Bat, Pluto, 20th Century Boys වගේ ජනප්‍රිය මන්ගා හැම එකක්ම වගේ මාස්ටර්පීස් කියලා කියන්න පුලුවන්.

Naoki Urasawa

තේරෙනවා නේද ? 
තව විදියකට ගත්තොත් Miyazaki Sensei අවිවාදයෙන්ම GOAT Anime Director කෙනෙක් . හැබැයි එයාගෙ හැම work එකක්ම masterpiece කියන්න බෑ කියලා එයාම කියලා තියෙනවා. අපේ generation එකේ ජනප්‍රියම අධ්‍යක්ෂකවරු අතර ඉන්න Shinkai Sensei ත් අන්න ඒ වගේ. Horror King කියලා සලකන Ito Junji ගෙ Uzumaki අවිවාදයෙන්ම මාස්ටර්පීස් කියලා සලකනකොට එයාගෙ Short Story Collection එකට එහම තියෙන්නෙ mixed feedback. 

එතකොට කොහොමද අපි මාස්ටර්පීස් එකක් කියලා දැනගන්නෙ? කවුද ඒක කියන්නෙ? කියලා ඔයාට ප්‍රශ්නයක් ඇති. තව තමන්ට හොඳට දැනුණ නිර්මාණයකට මාස්ටර්පීස් කියන්න බැරිද? ඔහොම ප්‍රශ්න ඇති ඔයාලට.  

මම ඊළඟට එන්නෙ අන්න ඒ තැනට. 

ඔව්... මාස්ටර්පීස් කියන වචනය ගත්තම Perspective එක මත සහ ඒක use කරන කෙනා මත ඒකෙ බලපෑම සහ value එක  වෙනස් වෙනවා කිව්වෙ. අන්නෙ ඒක කොහොමද වෙන්නෙ කියන්න තමා දැන් යන්නෙ.  

හරි දැන් මෙහෙම හිතමු. Anime වලට අලුතෙන්ම ආපු කෙනෙක් බලනවා Demon Slayer . එයාට ඒක මාර විදියට ෆීල් වෙනවා . එයා තව කෙනෙක්ට ඒක "masterpiece එකක් මචන් බලහන්කො"  කියලා strongly recommend කරනවා . ඒක වැරදිද ?  

ඔව් සහ නැහැ . 
ඕනිම දේක වගේ මේ වචනයෙත් සාපේක්ෂ සහ නිරපේක්ෂ දෙකක් තියෙනවා. ඔයාට හදවතටම දැනුණ නිර්මාණේ අගය කරන්න මාස්ටර්පීස් කියන වචනට යූස් කරන්න තහනමක් කොහෙවත් නෑ. බොක්කටම වැදුණනම් Demon Slayer නෙවෙයි Bocu no Pico වුණත් කමක් නෑ "මේක මට නම් මාස්ටර්පීස් එකක්"  කියන්න ඔයාට අයිතිය තියෙනවා . හැබැයි Keyword එක තමා "මට අනුව" " 𝗔𝗰𝗰𝗼𝗿𝗱𝗶𝗻𝗴 𝘁𝗼 𝗺𝗲" කියන කෑල්ල . ඔතනින් තමා ඔයාගෙ perspective එකෙන් මාස්ටර්පීස් එකක් විදියට දකිනවා කියලා හැඟවෙන්නේ . හැබැයි අපේ community වල ගොඩක්ම වෙන්නෙ තමන්ගෙ perspective එකෙන් දකිනවා කියන කෑල්ල කියන්නෙ නෑ පොදුවේ මාස්ටර්පීස් කියනවා . අන්න ඒක වැරදි . ඒක වැරදි වෙන්නෙ එක හේතුවක් ඒ ශෝ එක ඔයාගෙ taste එකට මැච් වුණාට පොදුවේ අපි අවිවාදයෙන්ම මාස්ටර්පීස් කියලා සලකන මූවිස් එක්ක ගත්තම අහසට පොළොව වගේ වෙනසක් තියෙන්න පුලුවන් . ඇනිමේ ගත්තම ඔයාට Demon Slayer Masterpiece එකක් වුණාට ඔයා ඒක නිකන්ම මේක masterpiece එකක් කියලා කිව්වොත් වෙන්නෙ සාමාන්‍යයෙන් මාස්ටර්පීස් ලෙවල් එකේ ඇනිමේ ගැන අවබෝධයක් තියෙන කෙනෙක් ඒ ලෙවල් එකත් එක්ක තමා ශෝ එක බලන්නෙ . (no offence to Demon Slayer ) 
එතකොට ඔයාගෙ standard එකයි එයාගෙ standard එකයි පෑහෙන්නෙ නැත්නම් ශෝ එක දෙවනියට බලන කෙනා ඒ ශෝ එකට hate කරන්න ඉඩක් තියෙනවා . මොකද high expectations මත බලලා ඒක කුඩුවුණ නිසා . ඒක තමයි My Hero Academia, Demon Slayer වගේ ඇනිමේ වල fans ල නිසා ඇනිමේ එපාවුණා කියලා අපිට නිතරම ඇහෙන්නෙ . ගොඩක් newbies ල ඔය ඇනිමේ බලල කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ එයාගෙ මතය විතරයි කියලා හඟවන්නෙත් නැතුව මාස්ටර්පීස් ලෙවල් එකට ශෝ එක උස්සනවා. ඒවා නිසා high expectations තියාගෙන ශෝ එක බලල disappointed වුණාම ඒ ශෝ එකට hate කරන කට්ටියක් ඉබේම ඇතිවෙනවා. පේනවා නේද අනවබෝධය නිසා වෙන විනාශය.  

මම ආයෙත් කියනවා ඔයා ඔයාගෙ personally masterpiece කියලා දකින නිර්මාණයක් එහෙමයි කියන්න මැලිවෙන්න එපා . හැබැයි පැහැදිලිවම ඒක explain කරන්න. අඩුම තරමෙ කියන්න "මේක මට අනුව මාස්ටර්පීස් එකක්" කියලා . තවත් කියනවනම් "මම බලල තියෙන ශෝ එක්ක බැලුවම මේක මේ හේතු නිසා විශේෂයි. ඒ නිසා මටනම් මේක මාස්ටර්පීස් එකක්" කියලා. එතකොට ඒක දකින කෙනෙක් ඒක කියෙව්වම එයාගෙ සහ ඔයාගෙ taste එක preference එක ගැන idea එකක් ගන්නවනේ . ඒකට මැච් වෙනවනම් තමා එයා ඕක consider කරලා බලන්නේ. නැතුව පොදුවේ හරි common දෙයක් වගේ masterpiece කිව්වම ඒක දකින්නෙ වෙනම විදියකට.  

ඔය කිව්වෙ සාපේක්ෂ මාස්ටර්පීස් ගැන. දැන් ගමු අනිත්පැත්ත 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐞 𝐌𝐚𝐬𝐭𝐞𝐫𝐩𝐢𝐞𝐜𝐞 ගැන.  

සාමාන්‍යයෙන් universe masterpiece කියන්නෙ ඒක undoubtedly අපි සලකනවා masterpiece එකක් කියලා . ඇනිමේ ගත්තම මට ඔලුවට එන්නෙ Monster වගේ එකක්. (Monster Anime - MAL) තව ඔයාලට තේරෙන්න කිව්වොත් මූවිස් ගන්නකෝ Citizen Kane, 12 Angry Men වගේ. මන්ගා ගත්තම berserk, Vagabond වගේ ඒවා. මේවා සාමාන්‍යයෙන් Holy Level එකේ දේවල්. ලේසියකට වට්ටන්න බෑ.  

ඇයි ඉතින් එහෙම වට්ටන්න බැරි ?

මෙහෙමයි මම කලින් කිව්වෙ මාස්ටර්පීස් කියන වචනය යූස් කරන කෙනා මත ඒකෙ වටිනාකම තීරණය වෙනවා කියලා. උදාහරණයක් විදියට ඔයා Grave of Fireflies බලල ඒකට මාස්ටර්පීස් එකක් කිව්වට වඩා ලක්ශ වාරයක් පිළිගන්නවා ඒක Martin Scorsese, Villeneuve, Lynch වගේ ඩයල් එකක් කිව්වනම් . ඒ වගේ තමා Hollywood Reporter, Variety වගේ magazine වල review එක සහ විචාරකයො විදියට නමක් දිනාගත්ත අය පොදුවේ මාස්ටර්පීස් කියනවනම් යම් නිර්මාණයකට ඒක අවිවාදයෙන්ම මාස්ටර්පීස් එකක් කියලා කියන්න පුලුවන්.

 ඒක සමහරවිට අවුල් ඇති ඔයාලට කියනවනකොට "එහෙම කොහොමද එයාල මාස්ටර්පීස් කියන්නෙ ? අපි බලලවත් නැති එකක්නෙ" කියලා. ඒකට කියන්න තියෙන්නෙ ආතල් එකට මේවා බලන අපෙයි බලල රිවිව් කරන එක ජීවිතයම කරගත්ත අයගෙයි reviews වලට තියෙන වටිනාකම සෑහෙන්න වෙනස්. කොටින්ම හරි critic කෙනෙක් negative review එකක් දුන්නොත් ඇති මූවි එකක් flop වෙන්න . ඒ තරම් මේක impactful දෙයක්. ඇනිමේ කියලත් වෙනසක් නෑ . හැබැයි වැඩේ තියෙන්නෙ ඇනිමේ critics ල කියලා ලොකුවට අධිකාරියක් තාමත් ගොඩනැගිලා නෑ . ඒ නිසා ඇනිමේ ගත්තම universe masterpiece කියන ලෙවල් එකේ තියෙන්නෙ අතලොස්සක් වගේ . වෘත්තිමය critics ලට වඩා ඇනිමේ ගත්තම Social Media වල review කරන අය තමා ගොඩක්ම ඉන්නෙ . හැබැයි එයාලගෙ standards අඩුයි කියන්න බෑ. MothersBasement GrandlineReview, GlassReflesction වගේ ගත්තම ඉතාමත් ගුණාත්මකභාවයෙන් යුක්ත reviews වෙනවා . හැබැයි reviewer කෙනෙක් සහ critics ල කියන්නෙ වෙනස් කට්ටියක් . ඇනිමේ වල මේ අධිකාරිය නැති නිසා තමා Personal Perspective එකෙන් වෙන බලපෑම වැඩි . ඒ නිසා තමා fandom toxic කියලා හංවඩු ගැහෙන එක බහුලවම වෙන්නෙ. 

අනිත් දේ තමා Perspective එක. ඒ කියන්නෙ සමහර creations ගත්තම එක පැත්තකින් 100% නම් තව පැත්තකින් 1%ක් වගේ වෙන්න පුලුවන් . උදාහරණයක් ගත්තම Demon Slayer Animation පැත්තෙන් top tier වුණාට storyline ගත්තම average . අන්න ඒ වගේ. හැබැයි කෙනෙක් ඒ වගේ දෙයක් Animation පැත්තෙන් මාස්ටර්පීස් කිව්වට වරදක් නෑ . සමහර ඇනිමෙ තියෙනවා Storyline එක masterpiece level එකේ හැබැයි හැම දේම consider කරාම ඒක average anime එකක් . ඒත් ඒකෙ storyline එක වෙනම අරන් ඒකට masterpiece කිව්වට ලොකු වැරැද්දක් නෑ . ඒක කියවන කෙනෙක් දන්නවා මේකෙ storyline එක පට්ට වුණාට අනිත් දේවල් ලොකුවට expect කරන්න බෑ කියලා.  

මම ඉතින් පතම පත හෑල්ලක් දාලා ඇනිමේ වලට විතරක් වෙන් නොවුණ දෙයක් ගැන කතාකරේ අද . ඒක දිගවැඩිවුණානම් සොරි . හැබැයි තමන් බලපු දෙයක් ගැන අපේ feedback එක express කරනකොට ඒකට අපි responsible වුණේ නැත්නම් toxicity එකක් ඇතිවෙන එක වළක්වාගන්න බෑ . අන්න ඒකමයි මම මේ ලිපිය ගෙනාවෙත්. ඔයාලගෙ අදහස් එහෙමත් කියාගෙන යන්න.  

ජයවේවා 



Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬