The Sound Hashira - Tengen Uzui


Tanjiro...තමන් සතු සියලුම ශක්තිය එක්තැන් කරමින් සටන් කරමින් සිටියේය..
පැහැදිලිව ම එම උත්සාහය ප්‍රමාණවත් නොවන බව Tanjiro ටම තේරුම් යමින් තිබුන මොහොතේම...Giyutaro ගේ අවිය කෙලිම්ම ඔහුගේ ඇස කරා පැමිනෙමින් තිබුනි...
නමුත්..ඒ මොහොතේම..විශාල කඩු තලයකින් එම ප්‍රහාරය ආවරණය විය..
එක කඩුවක් කටින් සහ අනෙක එක් අතකින් දරාගත් ඔහු...tanjiro වෙනුවෙන් පැමින තිබින..
Giyutaroව මරණීය විස්මයකට පත් කල මොහොතේම ....

'මම මගේ ටෙකිනික් එක සම්පූර්ණ කලා..අපි මේක දිනන්නයි යන්නේ... ලෙස ඔහු ඉතා උද්යෝගයෙන් කෑ ගසනු ඇසුනි..

Moshi Moshi....

ඔයාල හැමෝම හොඳින්..Oh shit this is Sri lanka,Sorry 

එනිවේ..අද කතා කරන්න එන කෙනානං මේ වෙනකොට anime fan කෙනෙක් නොදැන ඉන්න විදිහක් නෑ...
Demon Slayer anime ඉතිහාසය තුලදී අපිට හමු උන Major roles තිබුන Hashirala 03 දෙනා අතර,Anime fans ල ව වගේම මුලු මහත් KnY universe එකම හොල්ලපු, ලෝකෙ පුරාම ඉන්න කොල්ලංගෙ Dream personality එකක් උන වගේම..
Of couse කෙල්ලංගෙ favorite Crush එකක් උන..

'The Sound Hashira....Lord Tengen Uzui ව ඔන්න අද අරගෙන ආවා ඔයාල ඉස්සරහට 

Uzui කියන්නෙ Demon Slayer universe එක තුල ප්‍රධානම Supporting Character එකක්..
අවුරුදු 23ක් වෙන මෙයාව,ඉතාමත් විශාල ⁣Strong body එකක් තියන උස කැරක්ටර් එකක් විදිහට ඔයාලට මතක ඇති..
ඇස් දෙකට පල්ලෙං එල්ලිලා වැටෙන Crystal Clamp ටික ඇහැ ලඟ තියන red mark එක වගේම තදට බැඳපු සුදු පාට කොන්ඩෙත් අනිවාර්යයෙන්ම ඔයාලට මතක ඇති..

මෙයා ගොඩාක් Joyful character එකක් වගේම හැම දෙයකම විචිත්‍රවත් බව හොයන බලන කෙනෙක් ..ඒක එයාගෙ appearance එකට පවා අදාල දෙයක්නෙ..
කොයි තරම් ඒ වගේ Flashy දේවල් වලට කැමතිද කියනවනං මෙයා තමන්ව 'The God of Flashy and festivals' කියලත් නම් කරගත්ත ඔයාලට අනිවාර්යයෙන් මතක ඇති 
හුඟක් වෙලාවට Boastful චරිතයක්,එහෙම නැත්තං අපේ බාසාවෙං පොයිය ගහන චරිතයක් වගේ ඉන්න මෙයා..ඔයාලට මතකනං tanjiro සහ inosuke zenitsu තුන් දෙනාට කුනු ගොඩක් කියලත් කිව්ව 
කොයි තරම් දරුණු විදිහෙ විසක් ඇඟට වැදුනත් uppermoon six Giyutaro ට ඒ සද්දෙම්ම ගේම ඉල්ලුව වගේම Daki ව සත පහකට ගනං ගත්තෙ නෑ..

මේ විදිහෙ මූනක් උඩිං තියාගෙන හිටියට Uzui කියන්නෙ ඇත්තටම ගොඩක් Caring වගේම Big heart එකක් තියන කෙනෙක්..
විශේෂයෙන්ම එයාගෙ ලඟම ඉන්න අයට..
තමන්ගෙ ආදරණිය බිරින්දෑවරු 03 ව යොදවපු risky undercover mission එකේදි උනත් එයා ඒ තුන් දෙනාව කොයිතරම් හොඳට බලාගත්තද එයාලගෙ efforts කොච්චර අගය කරාද කියල ඔයාලට මතක ඇති..ඇත්තටම tanjito trio එකත් එක්ක එයා යන්නෙත් ඒ අයව බේරගන්නත් එක්කමනෙ..
ඒ වගේම එයා එයාගෙ බිරින්දෑවරු තුන් දෙනාව Care කරනව වගේම entertainment district එකේ ඉන්න සියලුම මිනිස්සුගැනත් Care කරන නිසා Makio Suma සහ Hinatsuru ව හොයාගත්ත ගමන්ම පිටත් කරන්නෙ ඒ මිනිස්සුංව ආරක්ෂිතව එතනින් ඉවත් කරන්න..
Hashira කෙනෙක් වෙන්න කලිං Shinobi warrior කෙනෙක් වෙලා හිටිය මෙයා තමන්ගේ පිරිසගෙ සම්ප්‍රදාය උන සියලුම දේට වඩා යෙදෙන මෙහෙයුමට මුල් තැන දෙන එක අමතක කරල දාලා..මෙහෙයුමට වඩා තමන් එක්ක එකට එකතු වෙලා ඉන්න අයට මුල් තැන දීපු කෙනෙක්..
පහු ගිය අතීතයේදි තමන් අතිං ගිලිහිලා ගියපු ගොඩක් මිනිස් ජීවිත ගැනත් එයා ගොඩක් කණගාටු වෙලා හිටිය වගේම...ඒ වගේ දුෂ්කර මාවතක් ⁣තෝරගත්තු එක අවබෝධ කරගෙන එයාව appreciate කරපු Master Kagaya ටත් ඉතාම ඉහලින් ගරු කරන කෙනෙක්..
Hashira බලකාය තුල හිටපු අපි කාගෙත් Favorite ම Hashira rengoku ව ඉහලින්ම අගයන මෙයා..හැමදාමත් ඒ වගේ වෙන්න ට්‍රයි කරා වගේම තමන්ට Rengoku ගෙ සීමාවට එන්න බැරි බවත් ප්‍රසිද්ධියේ ම කියපු කෙනෙක්..
මේ සේරම ඇරුනම,Uzui කියල කියන්නෙ Hashira Corp එක තුල ඉන්න දෙවනියට Strongerst ම Hashira.
ඒ වගේමයි වෙන කාටත් වඩා Speed movements තියන..අති දක්ෂ Hand to hand Combat specialist කෙනෙක්...
කිසිම ගින්නක් නැතිව upper moon six demons දෙන්නටම Face කරන්න තරම් හැකියාවක් තියන මෙයාට Daki ට හිතාගන්නත් කලිං Decapitate කරල දාපු වැඩ්ඩෙක් 
ඒ වගේමයි මතක් කරන්නම ඕන explosive use කරන්නත් ඉතාම දක්ෂ කෙනෙක් තමයි Uzui කියල කියන්නෙ.
තමන්ගෙ තියන Sound breathing techniques වලට අමතරව යන Musical Score technique එකත් ප්‍රවීණ කරන මෙයාට ඒ මගිං ලැබෙන Sonar like hearing ability එක Use කරල,තමන්ට දුර ඉඳං එල්ල වෙන ඕනම Attack එකක් predict කරන්න පුලුවන් .
ඒ වගේමයි අපි දැකපු විදිහට,තමන්ගෙ Shinobi training එක නිසාම..මාරාන්තික මට්ටමේ තියන Poisons වලටත් මෙයා හොඳට resist වෙන කෙනෙක්..
අනික් Slayers ලට වඩා ටිකක් විශාල Nichirin swords දෙකක් Use කරන මෙයා මේ දෙකම එක වර භාවිතා කරන්න පුලුවන් මට්ටමේ Sword man කෙනෙකුත් වෙනවා .

කොහොම නමුත්,Entertainment district arc එකේ තිබුන දැනට anime world එක තුලදි අපිට හමුඋන Badass ම Fight එකක් දීපු Uzui..එතනින් පස්සෙ Hashira බලකායෙන් Retire වෙන්න තීරණය කරනව.

Don't worry Guys...අපිට තාමත් මෙයා දැකල ඉවර කරන්න වෙන්නෑ .
ඉස්සරහට එන්න තියන Hashira training arc එකේදි වගේම...
Infinity Castle arc එකේදිත් නැවතත් 'The Flashy God,Lord Uzui' අපි එක්ක ඉඳීවි...වෙනස්ම විදිහකට...

එහෙනං එතකං...
Uzui ගැන ඔයාලගෙ අදහස් යටිං දාගෙනම යන්න..

එහෙනං අදට Sayonara 👋

Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬