"Bubble" Anime Movie එක අද සිට Netflix ඔස්සේ Stream කිරීමට අවස්ථාව ලැබේ !


Attack on Titan (S1-3), Death Note Anime අධ්‍යක්ෂක Tetsuro Araki සෙන්සේ අධ්‍යක්ෂනය කරන Netflix "Bubble" Movie එක අද(28) සිට Netflix ඔස්සේ Stream කිරීමට අවස්ථාව ලැබෙනව.

ඒ වගේම මැයි 13 වනදා සිට මේ චිත්‍රපටිය ජපානයේ තිරගත වීමටත් නියමිතයි.

අපි පසුගිය සති කීපය පුරාවට මේ Movie එකේ විස්තර ඔක්කොම වගේ ඔයාලට ගෙනාව . ඒ ටික සාරාංශ කරොත් ,

Movie එක අධ්‍යක්ෂනය කරන්නෙ අරාකි සෙන්සේ කියලා ඔයාලා දන්නවනෙ ?
ආයි ඉතින් සුපිරිම වැඩ්ඩෙක් තමා.

මීට අමතරව Movie එකේ නිෂ්පාදන කටයුතු භාරව ඉන්නෙ Attack on Titan(S1-3) , Vinland Saga , Vivy , Spy x Family Animation කටයුතු කරපු WiT Studio එක.

Movie එකේ සංගීත සංයෝජනය කරන්නෙ Attack on Titan , 86 වැනි ඉහලම මට්ටමේ ඇනිමෙ වලට music Compose කරපු Hiroyuki Sawano සෙන්සේ සහ Kohta Yamamoto සෙන්සේ විසින් .

Movie එකේ Opening Theme Song එක ගායනා කරන්නෙ Jujutsu Kaisen ඇනිමෙ වෙනුවෙන් Kaikai Kitan theme එක වගේම , Josee , Dororo Anime සඳහා ගීත ගායනා කරපු EVE විසින්.

මීට අමතරව cast එකෙන් Yuki Kaji(Eren) වගේ Seiyu දැවැනතයො එක් වෙනව.

ඉතින් මේ Movie එක ගැන high hopes තියාගෙන මේක එනකන් ඇඟිලි ගැන්නෙ නැත්තන් එයා ඇනිමෙ රසිකයෙක් නෙමෙයි.

ඉතින් අනිවා මේ Movie එක බලන්න 
Netflix ලගෙ මේ අවුරුද්දෙ ඇනිම්ව් projects 40 අතර උඩින්ම තියෙන එකක් තමා මේක . වෙනදට නං අපිට ඇනිමෙ movie එකක් බලන්න ඒක Premiere වෙලා මාස 5 ක් විතර බලන් ඉන්න වෙනව . නමුත් මේක අපිට අද හෙටම බලාගන්න ලැබේවි (Paid or pirated ) .

ඉතින් try එකක් දීලා බලන්න 

Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬