ඇනිමේ හැදෙන්නෙ කොහොමද ?



ඇනිමේ හැදෙන්නේ කොහොමද කියන එක ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් නෙ . 

ඉතින් කුතුහලය හින්දම මාත් මේක ගැන ටිකක් හොයන්න හිතුවා . 

මුලින්ම කියන්න ඕනෙ ඉතින් මට මේ Anime හදල ඒක ගැන පලපුරුද්දක්වත් ඊට අදාල ක්ශේත්‍රයක ඉගෙනීමෙන් ලබපු දැනුමක්වත් නෑ. මම එක එක මූලාශ්‍ර වලින් හොයාගත්තු කරුනු මත හදන post එකක් තමා මේක . 

ඉතින් ඔක්කොටම කලින් දැනගන්න ඕන දෙයක් තියෙනව 😲


𝗔𝗻𝗶𝗺𝗮𝘁𝗶𝗼𝗻 කියන්නෙ මොකක්ද ? 

Animation Making Process - Disney (1938)

Animation එකක් කියන්නෙ සැබෑ ගතික(motion) රූප[අපි camera එකකින් ගන්න video එකක් හිතන්න] , ප්‍රබන්ධව(illusionary) නිර්මානය කිරීම සඳහා , ඉක්මනින් එකිනෙක මාරු වෙන(Flip) මිනිසා විසින් නිර්මානය කළ විවිධාකාරයේ ගතික රාමු වල දිවෙන සිතුවම්(Drawings) වලට . 

ඉතින් ඔයාලා පොඩි කාලෙ ආසාවට , දැනුවත්ව හෝ නොදැනුවත්ව  flip book හදලා තියෙනව නං ඒ ඔයා හදලා තියෙන්නෙ එක්තරා විදිහකට Animation එකක මූලාරම්භයක් . ඔයා walt disney ලගෙ Mickey Mouse animation එකේ making video එහෙම බලලා තියෙනව නං මේක ඔයාලට වැටහේවි  💯

Flip Books


Anime සහ Animation අතර තියෙන වෙනස්කම් 

මේ Anime එහෙම නැත්තන් japanese animation ගත්තාම මේක ලෝකෙ අනිත් Animation වලින් ගොඩාක්ම වෙනස් වෙන්නෙ ඒකෙ art style එක නිසා . හැඟීම් දැනවෙන බෝල ඇස් . හැඟීම් උද්දීපනය වෙන්න අඟ පසඟ පෙන්වීම. ඒ වගේම ජපානෙටම unique වෙච්ච හඬකැවීම් රටාව වගේ දේවල් . 

ඉතින් මම ටිකක් හොයලා බැලුවාම 

නූතන Anime style එකේ ආරම්භය සනිටුහන් වෙන්නෙ Astro Boy චරිතය create කරපු ඔසාමු ටෙසුකාගෙන් .

Osamu Tezuka sensei

ඉතින් මේ legendary creator ගත්තොත් මෙයා ගොඩාක්ම inspire උනා කියල සැලකෙන්නෙ Disney ලගෙ එවකට(1960-70)  Animation style වලින් කියල තමා කියන්නෙ . විශේෂයෙන්ම Bambi ගෙ චරිතය සහ Micky mouse ගෙ චරිතය . 


ඉතින් ඇත්තටම ගොඩාක් මේ Anime style එකට මග පාදලා තියෙන්නෙ budget ප්‍රශ්න තමා . ඒ කියන්නෙ ඒ කාලෙ creator ලට ඕන වෙලා තියෙනව western animator ලට වඩා අඩු වියදමින් හොඳ නිර්මාන කරන්න. ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමා එයාලා මේ style එක හොයාගත්තා කියල අදහස් පලවෙලා තියෙන්නෙ .

ඉතින් ඔන්න ඔය ටික තමා මුලින්ම කියන්න ඕන උනේ ...


ඊළඟට අපි එමු,

 Anime එකක් හැදෙන පිළිවෙළ 

මේකට ඇත්තටම එක එක නම් කියන phases එහෙම නැත්තන් stages හෙන ගොඩාක් තියෙනව . නමුත් මූලිකවම හඳුනගන්න ප්‍රධාන ඒවා ගැන විතරක් මං කියන්නන් . 

 𝗜𝗱𝗲𝗮 

Anime එකක් හැදෙන්න වැදගත් වන පලවෙනි පියවර තමා මේක . ඉතින් Anime බලන ඔයලා ගොඩාක්ම දන්න දෙයක්නෙ Anime හැදෙන්න ගොඩාක් මූලාශ්‍ර භාවිතා වෙනව කියල . ඉතින් ඒකෙ ප්‍රධාන ක්‍රම තුන තමා , 

  • Manga 
  • Light Novel (LN) 
  • Original Scripts 
2021 වසරේ විකාශය වූ ඇනිමේ නිර්මාණයට භාවිත වූ මුලාශ්‍ර - Crunchyroll ඇසුරෙනි.

මෙතනදි මේ Manga එකක් එහෙම නැත්තන් LN එකක් Anime එකක් කරන්න පුලුවන්ද කියල තීර්නය කරන්නෙ director වගේ key roles කිහිපයක මැදිහත්වීමෙන් . ඉතින් මේකෙදි Manga විතරක් අපි සැලකුවොත් මේවයෙ chapters හරියට වෙන් කරල episode එහෙම නැත්තන් movies හදන්න පුලුවන්ද කියල අදහසක් ගන්නව . ඉතින් ඒවා Anime script එකකට convert කරන්නෙ director ඇතුලු මේ අනිත් කට්ටිය තමා . 

ඉතින් Anime එකක් හදන්න manga එක ok නං pre production වැඩ පටන් ගන්න එක තමා කරන්නෙ.


1. 𝗣𝗿𝗲𝗣𝗿𝗼𝗱𝘂𝗰𝘁𝗶𝗼𝗻

Anime එකක විශාලම කාලයක් යන්නෙ මොන කොටසටද කිව්වොත් එක එක අය එක එක ඒවා කියයි . ඒත් දන්නවද ? 

Anime එකක වැඩිම කාලයක් යන්නෙ මේ නිශ්පාදනය ආරම්භයට පෙර කොටසට . 

ඉතින් මේකෙදි තමා anime එකේ මූල්‍යමය තීර්න ගැනීම , කතාවෙ අයිතිය පිළිබඳ අයිතිවාසිකම්(rights)  ලබාගැනීම , නිශ්පාදන කටයුතු වලට හරි මිනිස්සුන්ව තෝරගැනීම වගේම නිශ්පාදන කටයුතු වෙනුවෙන් ආයෝජකයො හොයාගන්නෙත් . 

මේ නිශ්පාදන ක්‍රියාවලියෙ නිර්මානාත්මක කොටස සම්පූර්න භාරව ඉන්නෙ director  . මෙයා producers ලා දෙන budget එක යටතේ කොටු වෙලා එයාලගෙ අවශ්‍යතා සපුරලා Anime එක අන්තිම වෙනකන් ඇදන් යන job එක කරන්න ඕනෙ . ඉතින් ඒකට මෙයාට අවශ්‍ය පුද්ගලයො hire කිරීමේ අවසරය ගොඩාක් වෙලාවට ලැබෙනව . ඒක ඉතින් studio මත තීර්නය වෙන්නෙ . මාර කට්ටක් ඉතින්  . 


 2. 𝗖𝗼𝗻𝗰𝗲𝗽𝘁 

ඉතින් මේ අදියරේදී තමා කතාවට අදාල චරිත , පසුතල , ආලෝකකරනය සහ Art style එක පිළිබඳ අදහස් හදාගන්නෙ . 

ඉතින් විශේෂයෙන්ම මෙතනදි Anime එක base වෙන්නෙ manga එකකින් හෝ Light Novel එකකින් හෝ වෙනයම් මූලාශ්‍රයකින් නං ඒකෙ style එක තමා ගොඩාක් වෙලාවට concept එක විදිහට ගන්නෙ . 

ඉතින් මේ අදියරේ  අන්තිම හරියෙදි animators ලා Characters එහෙට මෙහෙට චලනය වෙන Animation clips හදලා එයාලගෙ concepts හරිද කියල test කරල බලනව . 

ඒ වගේම සම්පූර්න Anime එකට යොදාගන්න mood(භාවය) එක වගේම Colour tone එකත් මේකෙදි තමා තීර්නය කරගන්නෙ .


3. 𝗦𝘁𝗼𝗿𝘆 𝗕𝗼𝗮𝗿𝗱𝘀


ඉතින් මේ අදියර නං පට්ට වැදගත් . 

Animation කොටස් හදන්න උපකාරී වෙන කතාවට අදාල සියලුම ක්‍රියා(actions) , සිදුවීම් සිදුවෙන පසුබිම්(movie set) , කතාවෙ සම්පූර්න ක්‍රියාවලිය වගේ දේවල් අඳින එක තමා මෙතනදි වෙන්නෙ . 


Akira Storyboards

4. 𝗔𝗻𝗶𝗺𝗮𝘁𝗶𝗼𝗻 

ඉතින් මේක වෙනකන්නෙ දැන් අපි කතාකරගෙන ආවෙ . 

වැදගත්ම කොටස . 

මුලින්ම හොඳම artist ලා එකතු වෙලා key frames හදන එක තමා කරන්නෙ . 

Kaguya sama - Key Frames

සිදුවීමක(Scenario) ලොකු පරතරයක් අතෑරලා අඳින ක්‍රියා සහ අංග චලන වල රූප(drawings) තමා මේ key frames කියන්නෙ . 

ඊළඟට ඉතින් මේවයෙ මේ අන්තරා කොටස් අතින් හෝ computers උපයෝගී කරගෙන විශාල animator ලා සංඛ්‍යාවකගේ ශ්‍රමයෙන් නිර්මානය කරනව . මෙයාලට කියන්නෙ inbetween artist ලා කියල . 

Key Frame එකක් develop වෙන විදිහ 

සාමාන්‍යෙන් Anime එකක් fps  24-31 අතර තමා යන්නෙ . ඉතින් මේ frames එකක් නෑර ඒවයෙන් කොටසක් හෝ නිර්මානය කිරීම animator ලගෙ වගකීම වෙනව .

එහෙමද ? 

ඔව් . හැබැයි මීට දශක ගණනාවකට කලින් නං එහෙමයි  .  

වර්තමානය වෙනකොට මේ ශ්‍රමය අඩුකරගන්න පරිගනක තාක්ශනයෙන් එක එක ක්‍රම හඳුන්වල දීලා තියෙනව. 

Anime : Attack on Titan

මේකෙදි පරිගනක උපයෝගී කරගෙන මේ "Animating on one/two/three" කියන Animators ලා අතර ප්‍රසිද්ධ ක්‍රම හඳුන්වලා දීලා තියෙනව . Anmating on One ක්‍රමය ගොඩාක්ම ඔය ඉහත කියපු Manual ක්‍රමයට සමානයි. නමුත් මේකේ  Animating on two ක්‍රමයට අනුව inbetween artist කෙනෙක් frame 2 න් 2 ට වගේ තමා රූප නිර්මාණය කරන්න ඕනෙ . ඒ අතර කොටස් පරිගනක මගින් නිර්මානය වෙනව . (process එක නං ටිකක් සංකීර්නයි . ඒක නිසා පැහැදිලි කරන්න යන්නෙ නෑ )  

Animating on One or Two Explained

කොහොම නමුත් Anime වලදි Animating on one ක්‍රමය ගොඩාක්ම යොදාගන්නෙ action scene එහෙම නැත්තන් fighting scenes වලට . ඒක නිසා ගොඩාක්ම මේක යොදාගැනෙන්නෙ high budget anime වලට තමා . 

මේ Inbetween animation කොටස් ගොඩාක්ම වැදගත් නිසා මේවයෙ style වෙනස් ඇති නොවෙන්න මේ හැම animator කෙනෙක්ම අධීක්ශනය කරන්න supervisor කෙනෙක් ඉන්නව . 

මේක මෙහෙම  උනාට Animator ලගෙ වැඩ ලේසි වෙලා නං නෑ හැබැයි . 

ඉතින් Anime එකක විශාලම කාලයක් වගේම වැඩිම වියදමක් යන කොටස තමා මේක.


5. 𝗖𝘂𝘁𝘁𝗶𝗻𝗴 

ඉතින් මේ අදියරේදී නිර්මානය කරපු ඔක්කොම Animation එකට තියල අවශ්‍ය කොටස් පමනක් කපලා වෙන් කරල ගන්නව . ඒ වගේම වර්ණ නිවැරදිකිරීම් වගේම ඇතුල්වෙන්න ඕන තව විස්තරාත්මක දේවල් ඇතුල් කරන එකත් මේකෙදි තමා වෙන්නෙ . 

අවසාන වශයෙන් effects එකතු කරල තව ලස්සන කිරීමකුත් සිද්ධ වෙනව.


6. 𝗗𝘂𝗯𝗯𝗶𝗻𝗴 𝗮𝗻𝗱 𝗦𝗼𝘂𝗻𝗱𝘀 


ඉතින් Anime එකක් එන්නෙ සද්ද මොකුත් නැතුව නෙමෙයිනෙ . Animation වැඩ ඉවර උන ගමන් මේක යවනව Dubbing Studio එකකට මේකෙ Audio වැඩ ටික ඉවර කරන්න . ඉතින් මෙතනදි Voice Acters ලා උපයෝගී කරගෙන හඬකැවීම තමා මූලිකවම වෙන්නෙ . ඊට අමතරව පසුතල ශබ්ද (sounds) , Sound Effects , Music , Sound Mixing , Masterning වගේ දේවල් එකතු කිරීම සිද්ධ වෙනව.


ඉතින් මේ ක්‍රියාවලි ඉවර උනාට පස්සෙ Anime එකක් සම්පූර්නයෙන් complete වෙනව . 


මේ පිළිවෙළටම Anime එකක් හැදෙන්න ඕනෙද ? 

මොන පිස්සුද . මේ පිළිවෙලටම හැමතිස්සෙම Anime හැදෙනව කියල නීතියක් නෑ . ඒක Studio එක මත වගේම production එකේ key roles මත වෙනස් වෙනව . 


ඉතින් ඔන්න ඔය ටික තමා මේ Anime එකක් හැදෙන විදිහ ගැන කියන්න තියෙන්නෙ . 

මුලින් කිව්ව වගේ මට මේ ක්ශේත්‍රය ගැන පරතෙරට දැනුමක් නෑ . ඉතින් මේක ගැන මීට වඩා දන්න කෙනෙක් ඉන්නව නං comment section එකේ ඒ දැනුම බෙදාගමු . 


[Sources For this Post : 

AnimeWhiz

Craftknights

wikipedia]



Comments

Post a Comment

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬