ඇනිමේ එකක් හදන්න කීයක් යනවා ඇත් ද ?

 


මීට ටික කාලෙකට කලින් Japanese animator ලගෙ Underpaid සිද්ධි ගැන news අහලම මට හොයන්න හිතුන නිසා හෙව්ව දෙයක් මේක . 

මම මේක ලිව්වට විස්තර ගොඩාක්ම internet එකේ දැක්ක article සහ Youtube Videos වල දැක්ක interview වලින් හොයාගත්තු දේවල් ! 


මේ කාලෙ (2019-2021) වගේ වෙනකොට තත්පර 60 ක 2D animation එකක් සඳහා $6000 ක් වගේ වැය වෙනෝලු . Full episode එකක් කරන්න අවසාන වශයෙන් $100,000-300,000 ක් වගේ යනව කියල තමා කියන්නෙ . 


ගොඩාක් producers ලා කියන විදිහට Anime ගොඩාක් බිහි උනාට Anime industry එක රැඳිලා තියෙන්නෙ අතරින් පතරින් එන big hits දෙක තුනක් මත කියල . 

ඉතින් ඒ උනත් Anime වලින් ජපානෙට එන සමස්ත ආදායම හිතාගන්නත් බැරි නිසා රටක් වශයෙන් ඒ ගොල්ලො මේ industry එක තවත් promote කරනව කියල තමා කියන්නෙ .  ජපනා හපනා .


 ටික කාලෙකට කලින් CG creator කෙනෙක් වෙන සසමුනේ සකාකි කියල තියෙනව episodes 13 ක වගේ mini anime series එකක් කරන්න $million 2 ක් වගේ යනව කියල .  ඒ වගේම තවත් anime producer කෙනෙක් කියල තියෙනව episodes 24 anime එකක් කරන්න $ million 4-5 වගේ එයාට යනවලු . නමුත් ඒ anime එකට advertise කරල මිනිස්සු බලන තත්වෙට පත්කරගන්න තවත් $million 1.2-1.6 වගේ ගානක් යනවලු . ඉතින් production cost එක වගේ 50% තව වියදම් යනව මේක අපි බලන තත්වෙට එනකොට . 


Media Development Research Institute Inc. එකෙන් 2010 කරපු සමීක්ශනයකට අනුව  මිනිත්තු 30 ක  TV anime episode එකක් කරන්න  ජපන් යෙන් 11,000,000  ( US $145,214 ) විතර වැය වෙනවලු . 😲

ඉතින් ඒ episode එකක් සඳහා යන වියදම් විදිහට දීලා තිබ්බ දේවල් තමා : 

  • Original work - 50,000 yen ($660)
  • Script - 200,000 yen ($2,640)
  • Episode Direction - 500,000 yen ($6,600)
  • Production - 2 million yen ($26,402)
  • Key Animation Supervision - 250,000 yen ($3,300)
  • Key Animation - 1.5 million yen ($19,801)
  • In-betweening - 1.1 million yen ($14,521)
  • Finishing - 1.2 million yen ($15,841)
  • Art (backgrounds) - 1.2 million yen ($15,841)
  • Photography - 700,000 yen ($9,240)
  • Sound - 1.2 million yen ($15,841)
  • Materials - 400,000 yen ($5,280)
  • Editing - 200,000 yen ($2,640)
  • Printing - 500,000 yen ($6,600)
Source: Crunchyroll, Animenewsnetwork

( Note : දැන් තියෙන currency exchange rate එකෙන් තමා ඔය දීලා තියෙන්නෙ)

Crunchyrollලා පල කරපු ලිපියට මෙතනින් පිවිසෙන්න.


මේ යන cost එක cover කරන්න ආදායම් එන්නෙ කොහෙන්ද ? 

tv එකේ air කරල එන ආදායමෙන්ද ? නෑ .  

tv එකේ air කරල සැලකිය යුතු ආදායමක් ආවට ඒක මේගොල්ලොන්ගෙ budget cover කරගන්න ප්‍රමානවත් නෑ .

Tv Anime එකක ලොකුම ආදායම එන්නෙ ඒ anime එක DVD වලට write කරල විකිනීම මගින් . ඉතින් DVD sell වෙන්නෙ නෑයි කියන්නෙ බඩුම තමා . 


මේකෙ මේ budget එක බෙදිලා යන එකේදි ගොඩාක්ම අසාධාරනයට ලක්වෙලා ඉන්න Japanese animator ලා ගත්තොත් අඩු කාල පරාසයක් ඇතුලෙ වැඩි වැඩ කොටසක් කරලත් එක්කෙනෙක්ගෙ සාමාන්‍ය මාසික වැටුප $1000 ට අඩුයි(රු.200,000)  . වාර්ශිකව ගත්තොත් $12,000 ක් වත් ලැබෙන්නෙ නෑ .  මේක රුපියල් වලින් බැලුවාම ලොකු ගානක් වගේ පෙනුනට මේ ගාන හම්බකරන්න මේගොල්ලො අපාදුකක් විඳින්නෙ . සාමාන්‍යෙන් anime එකක් fps 24-31 ත් අතර ගණනක තමා විහිදෙන්නෙ . මේ ගාන තවත් වැඩි වෙනෝ AOT වගේ full action series ගත්තාම .  Western Animator කෙනෙක් ගත්තොත් ලොකූ production කාලයක් ඇතුලත $27,689 ක වාර්ශික වැටුපක් ගන්නව . 


මේ  interview එක බලන්නකෝ. මේ interview එකේදී rookie animator කෙනෙක් කියනව එයාගෙ මාසික වැටුප $600 ක් කියල . ඉතින් එයා ගෙදර ඉඳන්ලු එයාගෙ animation වැඩ ඔක්කොම වගේ කරන්නෙ . working desk එකෙන් නැගිටින්නෙ කන්නයි බොන්නයි සනීපාරක්ශක වැඩ වලටයි විතරලු . තුන්වේලටම කන්නෙ instant noodles ලු . ඉතින් ජපානෙ මේ Animators ලගෙ තත්ත්වෙ සලකලා අඩු කුලියට ඉන්න පුලුවන් කුලියට දෙන apartment  පවා ඒ ගොල්ලොන්ට තියෙනවලු . 

ඉතින් මෙහෙම දුක් විඳන් අඩු පඩියකට මේ මගුල මොකට කරනවද ? 

ඒකෙදි එයාගෙ උත්තරේ වෙන්නෙ ආත්මතෘප්තිය කියන එක . ඒගොල්ලො කියන විදිහට ගොඩාක් animator ලා මේකට එන්නෙ සල්ලි හම්බුකරන එක මූලික පරමාර්තය කරගෙන නෙමෙයිලු . මේ industry එක විශාල කරන්න බලාගෙනලු එන්නෙ . 


තුන්වෙනි ලෝකෙ රටක ඉන්න අපි ගොඩාක්ම පුරුදු වෙලා ඉන්නෙ digital properties කොල්ලකාල(pirate) ම බලන්න තමා  . ඉතින් මේ සල්ලි බෙදීයාමෙ අර්බුදයට අපිත් එක්තරා විදිහක වැරදිකාරයො . 

මේකට ඉතින් ඇත්තටම වැරදිකාරයො කියන්නත් බෑ . මොකද අපි වගේ රටවල්වලට එකම platform එකකින් Anime buy කරල බලන්න පුලුවන් sources ගොඩාක් අඩුයි . 

ඇමරිකාවෙ මේ ළඟකදි කරපු සමීක්ශනයකදි හෙලිවෙලා තියෙනව digital properties(movies,tv series,songs...etc) කොල්ලකාලා(pirate) රසවිඳීම නිසා ඇමරිකාවට විතරක් $billion 1-2 ත් අතර පාඩුවක් වසරට වෙනව කියල  . 

ඉතින් කියන්න තියෙන්නෙ අතට ගානක් එන දවසක මේ දේවල් සල්ලි දීලා අරගෙන බලමු . Anime නෙමෙයි ලෝකෙ එන ඕනෙම දෙයක් .

 creators ලට තව තවත් ලොකෙ නිර්මාණ කරන්න motivation එක එන්නෙ එතකොට තමා . 


[Sources for this post : 

Craftknights.com

Asian Boss Youtube Channel

AnimeNewsNetwork

Quora]


Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬