𝗠𝗼𝗻𝘀𝘁𝗲𝗿 කියවමු #02 !!! - 𝐏𝐮𝐫𝐞 𝐈𝐧𝐧𝐨𝐜𝐞𝐧𝐭 𝐓𝐞𝐧𝐦𝐚
කතාවට පිවිසීම වෙන්නෙ 1986 විතර. ඒ කියන්නෙ මේ වෙනකොට මේ Düsseldorf කියන Dr. Tenma ඉන්න රෝහල එහෙම තියෙන පැත්ත ඒ කාලෙත් එක්ක ගත්තම Germany වලම නෙවෙයි. බටහිර ජර්මනියේ. 1989 තමා Germany වල Berlin Wall එක බිඳ වැටෙන්නෙ . ඊට කලින් නැගෙනහිර සහ බටහිර විදියට ජර්මනිය බෙදිලා තිබුණේ. බටහිර ජර්මනිය සීතල යුද්ධ සමයේ ඇමරිකානු කඳවුරත්, නැගෙනහිර ජර්මනිය රුසියානු කඳවුරත් නියෝජනය කරා . අපිට කතාවෙ මුල් ටිකේ දකින්න හම්බවෙන ගොඩක් frames වල අපි නිතර දෙවේලෙ දකින western vibe එක දැනෙන්න එක හේතුවක් ඒක 😳. ඒ කාලයේ නැගෙනහිර ජර්මනිය තිබුණෙ පොඩ්ඩක් වෙනම මුහුණුවරකින්.
ඉතින් කතාවෙ ඉන්න චරිතත් පොඩ්ඩක් ඒ කාලෙ capitalism කියනෙ දේ ගිලපු අය වගේ බැලූ බැල්මට පේනවා . ටෙන්මා කියන්නෙ ඒ වගේ චරිත අතර අතරමං වුණ කෙනෙක් වගේ . Tenma ඇවිල්ල පට්ටම දක්ෂ Surgeon කෙනෙක් . ජපානයේ ඉඳන් එයාගෙ research එකක් කරන්න ජර්මනියට එන ටෙන්මා Eisler Memorial Hospital එකේ අධ්‍යක්ෂකවරය ව මුණගැහෙනව . ඉතින් මේ director Heinemann එයාගෙ රෝහලට මෙයාව ඇදලා ගනනවා මෙයාගෙ දක්ශතා දැකලා . Tenma ට මේක ලොකු අවස්ථාවක්. එයත් මේක පිළිගන්නවා. කතාව ආරම්භයේ දි අපිට පෙන්නනවානෙ Tenma ගෙ surgery එසේ මෙසේ කට්ටිය නෙවෙයි recover කරන්නෙ කියලා. හැබැයි ඩයල් එක කරන වැඩ මීඩියා ඉස්සරහා කියන්නෙ Heinemann මහත්තයා . එයා hospital එකට උපරිම ප්‍රසිද්ධියක් ගන්න මේක යොදාගන්නවා. කොටින්ම Tenma ව තමන්ට employee කෙනෙක්ට වඩා සමීප කරගන්න තමන්ගෙ දුවව පවා engage කරගන්න අවසර දෙනවා . මොකද එතකොට tenma ට Boss ට වඩා එක්කෙනෙක් වෙනවා director. Eva ත් මේ scheme එකේ කොටසක් හැබැයි අසරණ tenma මුකුත් දන්නෙ නෑ.
ඉතින් Tenma ට පලවෙනි Wake Up call එක තමා එයාගෙ මහන්සියේ ජනප්‍රියත්වය Director ලබාගන්න එක ගැන පසුතැවෙන එක . ඒක තමා පලවෙනිම එක. හැබැයි Eva ඒ වගේ වෙලාවල් වල එයාගෙ මායම් දාලා ගාණට Tenma ව track එකේ තියාගන්නවා . අපිට පෙන්නනවා ඒ relationship එකේ වුණත් Tenma ටිකක් boring nice guy කියලා . Heinemann විරුද්ධ වෙන්න තරම් පෞරුෂයක් එයාට නෑ. Eva ගැන හිතලමත් නෙවෙයි Tenma ගෙ චරිතයේ මුල ඉඳන්ම එයා සෑහෙන High Targets තියෙන චරිතයක් කියලා අපිට පෙන්නනවා . Head of neurology වෙන එක තමා එයාගෙ goal එක. හැබැයි එයා ඒකට deserve. නමුත් Eva නිසාත් පෙනි පෙනී තියෙන දීප්තිමත් අනාගතය නිසාත් අනවශ්‍ය විදියට rebel කරන්න එයා යොමුවෙන්නෙ නෑ.
ඕක හරි සාමාන්‍ය දෙයක්නේ. තමන්ට ලැබෙන දේවල් නැතිවෙන නිසා ඕනි තරම් අය අසාධාරණයක් වුණාම කටපියන් ඉන්නෙ. ලංකාවෙම අනන්තවත් උදාහරණ ඇති.
අනිත් එක තමා Heinemann hospital එක මෙහෙයවන හැටි, ජනප්‍රිය තීරණගන්න හැටි, මාධ්‍ය හසුරවන හැටි මේ ඔක්කොම තනි political. කතාවෙ මුල නොතේරුණාට Urasawa Sensei මේකෙ හීනියට ඔය Capitalism වලට ටොකු ඇනගෙන ඇනගෙන යනවා . ඒකෙ මුල් ටිකේ සැරම ටොක්කක් තමා Tenma ගෙ surgery එක reschedule කරලා opera singer කෙනෙක්ට surgery එකක් දෙන එක නිසා Tenma surgery එක perform කරන්න නියමිත patient මැරෙන එක . ඔතන සාමාන්‍යයෙන් ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙ ඕනිම තැනක වෙන දෙයක් . පුලුවන් එකා කරගන්නවා. නැති එකා ලැබෙන එක බාරගන්නවා . Hospital වලත් මේක සෑහෙන්න වෙනවා. Donations, reputation බලාගෙන හොඳම ඩොක්ට හොඳම donor ට. ඕක සැර ටොක්කක් ඇති නැති පරතරය ගැන Urasawa ඇනපු.
මේකෙ ඒ patient ගෙ wife ටෙන්මා හම්බවෙලා දෝශාරෝපණට කරන එක තමා තුන්වෙනි Wake Up call එක.
එතකොට මොකක්ද දෙවනි එක ?
හරි ඒකට එන්නම්. ඒ වුණාට කියාගෙන ආපු එකේ මේක කියලා දෙවනි එක ගැන කියන්නම් . මේ දෝශාරෝපණට ලක්වෙන විදියත් එක්ක තමා Tenma පසුතැවෙන්න ගන්නෙ එයාගෙ doctor oath එක එයා පිළිපැද්දාද කියන එක ගැන එහෙම . කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේක විදි ගණනාවකට. එකක් තමා Opera Singer අතෑරලා මෙයාව බේරගත්තනම් Opera Singer ගෙ surgery එක අසාර්ථක වෙලා donations අඩුවෙලා පස්සෙ තවත් ජීවිත අනතුරේ වැටෙනවනෙ කියන එක . නමුත් Tenma ට ඇතිවෙන හැඟීම වෙන දෙයක්. එයා වෛද්‍යවරයෙක් විදියට ගන්න Oath එක අනුව එයා ප්‍රතිකාර කළ යුතු රෝගියෙක් තමා ඔය මැරිලා තියෙන්නෙ . Tenma ඒක මගහැරපු එක unintentional වුණාට ඒකට reward පවා හම්බවෙනවා. ඉතින් ඕක Tenma වගේ කෙනෙක්ට එයාගෙ personality එක එක්ක දරාගන්න අමාරුම තැනක් .
ඕක ඉතින් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා වගේ වුණේ Dr. becker මේ දේ වෙන්න ටිකකට කලින් Tenma Heinemann ගෙ අතකොලුවක් වෙලා කියන දේ කියනවත් එක්ක . Becker කියන්නෙත් මරු චරිතයක්. එයා ගැන පස්සෙ කතාකරමු . ඉතින් මේක තමා මම කිව්ව දෙවනි Wake Up Call එක.
ඊළඟ එක තමා සැරම Wake Up call එක. ඒ තමා Eva කියන "Everyone's lives are not created equal" කියන එක . ඔතන Eva Meat dish එකක් ගන්න ගමන් ඉන්නෙ. ඔතන music + animation වලින් ලෙසටම ඕක කොච්චර tenma ට වැදුණද කියන එක පෙන්නනවා. Eva කියන කතාව ඇත්ත. හැබැයි කියන විදිය නිකන් ගාණක්වත් නෑ වගේ . Tenma ට නිකන් ඒකිව පේන්න ඇත්තෙ දුප්පත් මිනිස්සු බිලි දීලා සාරය උරාබොන එකියක් වගේ . අනිත් එක ඕක එයා අහිංසක විදියට මොනවා කරන්නද එයාලගෙ ලැබීම වගේ කිව්වනම් කමක් නෑ ඒත් මහ කෲර විදියකට ඕක කියන්නෙ .
ඔය වෙලාවෙ තමා Tenma ට ක්ලික් වෙන්නෙ තමන්ගෙ හීන අස්සෙ එයා ළංකරගත්ත මිනිස්සුන්ගෙ ඇත්ත තත්වෙ . ඔය dinner එකේ අර patient ගෙ සීන් එක Eva ට පොර කියන්නෙ මොකක් හරි සහනයක් බලාපොරොත්තුවෙන් නේ . ආදරේ කරන කෙනෙක් එක්ක ඒ දේ බෙදාගන්නෙ ඒ නිසානෙ. හිතන්න ඔයා ඔහොම හිතට වද දෙන දෙයක් ඔයාගෙ partner ට කිව්වම එයා කියනවා දෙයක් එයාගෙ අමනුස්ස පැත්තක් පෙන්නන . අන්න එතකොට කොහොම දැනේවිද ?
Tenma මෙතන තනිකරම Heinemann ගෙ scheme එකෙන් ගැලවුණා කිව්වොත් හරි . Mayor වෙනුවට Johan බේරගන්නෙත් ඔන්න ඔතන වෙන collapse එක නිසාමයි .
ඉතින් Dr. Tenma ගෙ immature shy ගතිගුණ නැතිවෙලා එයා තමන් හරි කියලා හිතෙන දේ කරන්න යන්නෙ මෙන්නෙ මේ මොහොතෙ ඉඳන් . ඊළඟට ඒකෙ ප්‍රතිඵලයක් විදියට Mayor මැරෙනවා. Johan පස්සෙ nonster කෙනෙක් කියලා හෙළිවෙනවා . Mayor ගෙ මරණය එක්ක තව politically තව දේවල් වෙන්න ඇති.ඉතින් මෙතනත් Tenma ගෙ තීරණය rebelious වුණාට ඒක හරියි කියන්න බෑ . ඒකෙ consequences බරපතල නිසා .
මෙතන Tenma ගෙ තියරි එක තමා First Come First Serve කියන එක. Mayor ඉස්සෙල්ල ආවනම් බොහෝදුරට එය Mayor ට treat කරාවි. හැබැයි director push කරන්න ආවම එයාගෙ කලින් නොතිබුණ rebelious nature එක උඩට ඇවිල්ලා ආපහු Johan වම තෝරගන්න ඉඩ තියෙනවා. ඒක අපි දන්නෙ නෑ. හැබැයි මෙතන Tenma කොච්චර හොඳ මනුස්සයෙක් වුණත් මෙතන ගන්න තීරණය Impulsive ආවේගශීලි එකක් . Tenma ගෙ kindness එකට වඩා අන්න ඒ දේ තමා එයාව push කරන්නෙ මේ දේ කරන්නෙ. ඒ එයාගෙ ambitions ඔක්කොටම පයින් ගහලා .
එතනින් පස්සෙ Tenma ගෙ ජීවිතේ දෙවනි Rebirth එක වෙන්නයි යන්නෙ .
Heinemann ගෙ මරණය එක්ක එහෙම. ඒ ගැන ඊළඟ පෝස්ට් එකෙන් කියන්නම්. ඔය කිව්ව ඔක්කොම වෙන්නෙ පලවෙනි එපියෙ. Boring රෙද්ද තමා.
ඊළඟ ලිපියෙන් හමුවෙන්නම්...
Comments
Post a Comment