Serpent Hashira - Iguro Obanai


'මුසාන් එක්ක අපි කරන සටනෙදි..
මට ඕන එයා අතිං මැරෙන්න.
ඒ මැරිලා,මගෙ මේ අපිරිසිදු ලේ එක්ක තියන අපිරිසිදු ආත්මය ශුද්ධ කරගෙන..
අලුතින් මනුස්සයෙක් වගේ ඉපදෙන්න පුලවන්..
එතකොට මට පුලුවන්,මගෙ හිතේ තියෙන,pure හැඟීමෙං,ඔයාට ආදරෙයි කියන්න ...........
Kanrogi 

Moshi moshi..
කොහොමද ඔයාලට..?

 ඔන්න අරං ආවා KnY article එකක්  ඔයාලා කැමතිම character එකකුත් එක්ක..
ඇත්තම කිව්වොත්,මේ කැරක්ටර් එක ගැන තාම මම දන්නව ඔයාලා ලඟ තියෙන්නෙ Mixed feelings කියල,මොකද එයාගෙ තිබ්බ appearance සේරගෙම අපිට දුන්නෙ එහෙම දැනෙන Vibes නිසා.

Anyways,අද අපි කතා කරමු KnY විශ්වය තුල ඉන්න probably the freakiest Hashira,

'The serpent hashira'Iguro Obanai ගැන


Major Spoiler Alert for Anime Onlys !

.
.

Iguro ගැන ගත්තොත්,මෙයා අපිට හමුවෙන Main supporting character එකක්..
Black and white striped Haori එකක් අඳින,Bandaged mouth එකක් තියන middle build පොරක් තමයි මේ obanay 
Heterochromia කියන තත්වය නිසා මෙයාගෙ දකුණු ඇහැයි වම් ඇහැයි පාට දෙකක් කියල මතකනෙ,ඒ වගේමයි මෙයාට ඒ හන්දම දකුණු ඇහේ පෙනීමේ පොඩි අවුලකුත් තියනව 

තනි psycho past එකක් තමයි මේ Obanai ගෙ past එක ගත්තොත් තියෙන්නෙ 
Obanai ගෙ Family එක සර්පයන් ට නැත්තං Serpent ලට obsessed වෙච්ච පවුලක්..
ඒ වගේමයි මේ පවුලෙ එකම පිරිමියට හිටියෙත් මෙයා විතරයි..
ඒ නිසා හැමෝම මෙයාව නිකං tool එකක් විදිහට use කරපු ⁣එක කලේ..
මේ හේතුව නිසා,මේ Obanai ට අවුරුදු 12දි එයාගෙ කට කම්මුල් කෙලවරටම එනකල් කපල එයාට ,serpent කෙනෙක් ගෙ look එකක් ගන්න පවුලෙ අය try කරනව  (ඒ නිසා තමයි bandage එක තියෙන්නෙ)

ඒ නිසා වගේම,පොඩි කාලෙදි සිදු උන Dark incidents කිහිපයක්ම නිසා මෙයා නිකං Freaky චරිතයක් වගේ තමයි ඉන්නෙ...
Serpent ලට obsessed උන family එකක නිසාම,මෙයත් සර්පයන්ට හරි කැමති කෙනෙක්...

ඒ නිසාම මෙයා දකින හැම තැනකම,මෙයාගෙ ප්‍රියතම serpent Kaburamaru එක්ක තමයි දකින්න වෙන්නෙ..

ස්වභාවයෙන්ම ගොඩක් Harsh සහ Strict personality එකක් තමයි obanai ට තියෙ⁣න්නෙ..
Demon slayer Corp.එක තුල තියෙන Rules මතම පිහිටල ඉන්න මෙයා..කිසිම කෙනෙකුට ඒ පිටිං යනවනං නිදහසට කාරණා බලන්නෙ නෑ වගේම ඒ කෙනා වෙනුවෙන් පෙනී ඉන්නෙත් නෑ ඔයාලට මතක ඇති rehabilitation arc එකේදි ..

ඒ වගේමයි,තමන්ගෙ fellow Hashira ලට උනත්,විශේෂ සැලකිල්ලක් දක්වන්නෙ නෑ එක්කෙනෙක්ට ඇරෙන්න..
ඔයාලට මතකනං Uzui විසින් Upper moon six එක්ක තිබුන සටනෙ අවසානෙදිත් මෙයා ඒක හෙන..ලොකු දෙයක් විදිහට ගනං ගත්තෙ නෑ..
එච්චර damage උනේ near lower moon කෙනෙක් එක්ක සටන් කරලනෙ කියල Lame feeling එකකිං Uzui දිහා බැලුවා මිසක්..
ඒ වගේමයි,කෙනෙක්ව Insult කරනවනං ඒ වගේම පහත් කරල,වැරද්දක් පෙන්නල කතා කරනවනං ඒක කෙලිම්ම ඒ කෙනාට ඇඟිල්ල දික් කරලම කියල දාන්නත් දෙපාරක් මෙයා හිතන්නෙත් නෑ..
කිසිම වෙලාවක තමන් දුර්වලයි කියල මැනපු කෙනෙක් ගැන ආපහු හොයල බලන්න මෙයා වදවෙන්නෙ නෑ වගේම,ඒ වගේ කෙනෙක් Corp එක තුල ඉන්නවටත් කැමති නෑ..
ඒ නිසා තමයි,Uzui කියද්දි tanjiro බේරුනා කියල වගේම එයා upper moon කෙනෙක් decapitate කරා කියද්දි Obanai පුදුම වෙන්නෙත්..මොකද මෙයා දකින විදිහට tanjiro ගෙ big heart එක නිසා tanjiro දුර්වල කෙනෙක් 

මේ කාරණා මෙහෙම වෙද්දි,මේ Obanai බොහොම හොඳින් වගේම ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කරපු,ගරු කරපු අයත් හිටියා.. දෙන්නෙක්..
ඒ තමයි master Kagaya සහ the love Hashira..

සියලුම Hashira වරුන් වගේම kagaya ට අසීමිතව ගරු කරන Obanai,ඔහුගෙ කිසිම නියෝගයකට ඉහලින් යන්නෙ නෑ..කවමදාවත්..

එයින් පස්සෙ ඉන්න Mitsuri Kanrogi කියන්නෙ ඇත්තටම මෙයාගෙ Crush එක..
එයාට තියන Dark past එක වගේම appearance එක වගේ දේවල් නිසා mentally මෙයා හිතං ඉන්නෙ එයා Corrupted soul එකක් තියන psychotic පොරක් කියල ☹
Obanai කියන විදිහට,මිට්සුරි ලඟ කතා කර කර ඉද්දි ඒ දේවල් නැති වෙලා තමන් සාමාන්‍ය Teenage කෙනෙක් වගේ එයාට දැනෙනව 
මොන දේ උනත් හැම දේකදිම කන්රොගිත්  එයා ලගින් හිටිය නිසාම,මෙයා හිතින් අසීමිතව ආදරේ කරත්..ඒක අර එයා හිතං ඉන්න විදිහ නිසා කියන්නෙ නෑ..
ඒ නිසාම මෙයා කන්රොගි ලඟට වෙන කෙනෙක් ලං වෙනවට කැමතිත් නෑ... ඉස්සරහට හමුවෙන hashira training arc (or SV arc හරියටම මතක නෑ) එකේදි tanjiro ට threatening පවා කරනව මේ හේතුව නිසා..
Despite all of that,ඔබනායි කියන්නෙත් KnY විශ්වය තුල ඉන්න අතිශය දැවැන්ත මට්ටමේ skillful character එකක්..
එයාට තියන ඇහේ දෝෂයත් එක්ක උනත්,Hashira level එකකට ආව එකෙන්ම මං හිතන්නෙ ඔයාලා ඒක Guess කරන්නත් ඇති..
Infinite castle arc එකේදි තමයි අපිට මෙයාගෙ වැඩ හරියටම දැකගන්න වෙන්නෙ..
Lower moon ල කිහිප දෙනෙක්ම single handedly decapitate කරල දාන මෙයා upper moon 4 එක්කත් face කරනව කිසිම ගින්නක් නැතිව..
අවසන් සටනෙදි Muzan එක්ක direct fight කරනව වගේම මුසාන් ව almost decapitate කරන්නත් මෙයාට පුලුවන් වෙනව 
විශේෂයෙන්ම මතක් කරන්නම ඕන Obanai ගෙ pet වත්...
Obanai partially blind නිසා සටන් වලදි ගොඩක් උදව් කරන්නෙ මේ serpent තමයි..

කලින් එන attack predict කරල ඒක Obanai ට relay කරන්න මෙයාට පුලුවන්..
Giyu tomiyoka වගේම තමන්ගෙ Demon slayer mark එක awake කරගන්නත් obanai ට පුලුවන් උනා වගේම,Transparent world එකට enter වෙන්නත් මෙයාට පුලුවන් වෙනව..
ඒ වගේමයි The bright red sword ability එක ගන්නත් obanai ට පුලුවන් වෙනව..


Serpent breathing technique එකේ සියලුම styles (5 යි) master කරල තියන මෙයා..තමන්ගෙ strength එකත් එක්ක වගේම speed එකත් එක්ක ඒක combine කරල ඕනම level එකක enemy කෙනෙක් Slay කරල දාන්න පුලුවන් මට්ටමේ කෙනෙක්..

ඔන්න ⁣ඔහොමයි Obanai ගැන කියන්න තියෙන්නෙ..

මොකද හිතන්නෙ..Obanai ගැන
යටිං කියාගෙන යන්න..



Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬