The Case Files of Jeweler Richard



Genre : Crime, Mystery, Slice of life
Rating : (IMDb)- 6.9/10

හයි ගයිස් !

අද කියන්න ආවේ කවුරුත් එච්චර කතා කරන්නැති ඇනිමේ එකක් ගැන. ඒ තමා මේ Case Files of Jeweler Richard ඇනිමේ එක. 
මේක ගැන එච්චර කතා වෙන්නැත්තේ ඇයි කියන ඒකටත් උත්තරයක් දෙන්නම්.

  1. මේකේ Genre එක Crime/Mystery කියලා තිබ්බාට ලොකුවට Crime/Mystery කියලා දෙයක් නෑ හේතුව ඒක හුගක් Slice of life පැත්තට බර නිසා
  2. මේකේ ඔරිජිනල් සෝස් එක වෙන novel එකත් එච්චර ප්‍රසිද්ධ නෑ (කොච්චර ප්‍රසිද්ධ නැත්ද කිව්වොත් මේකේ ඉංග්‍රිසි පරිවර්තනයක්වත් කාටවත් හොයාගන්න බෑ ඉන්ටර්නෙට් එකේ)

ඉතින් මොකද්ද මේකේ විශේෂත්වය? 
එච්චර ප්‍රසිද්ධ නැත්නම් එච්චර විශේෂත්වයක් නැතුව ඇතිනේද?

නෑ. මේ කතාව හුගක් unique. මේක කොයි වගේ ඇනිමේ එකක්ද කිව්වොත් හුගක් violet evergarden, maoyuu maou yuusha වගේ ඇනිමේවලට සමානයි මේක. ඔය උඩ කියපු ඇනිමේ දෙකේ ෆැන් කෙනෙක් නම් මම මේක recommend කරනවා. 
කෝ, මේකේ කතාව පොඩ්ඩක් කියන්නන්කෝ දැන්.

මේකේ කතාව තියෙන්නේ රිචඩ් කියලා ජුවලර් කෙනෙක් ජපානේට ඇවිල්ලා Sri Lankan Based ජුවලර් සමාගමකට අයිති Entranger කියලා ජුවර්ලස් එකක් ඔපන් කරනවා. එයා ජපානේ ඉද්දි Seigi Nakata කියලා ජපන් කෙනෙක් එයාට හම්බෙනවා. ආ...පොඩ්ඩක් ඉන්න. මුලින්ම කියන්නන්කෝ ප්‍රධාන චරිතේ නම. මේ ඇනිමේ එකේ ප්‍රධාන චරිතේ නම තමා රිචඩ් රණසිංහ දි වුල්ෆියන් (Richard Ranasinghe De Vulpian).
ඔව් ඔව් ඔයා උඩ තියෙන නම කියෙව්වා හරි. පොරට Sri Lankan Surname එකක් තියෙන්නේ.
පොර නම් සම්පුර්ණ ශ්‍රි ලාංකිකයෙක් නෙමෙයි. එයාගේ අත්තම්මා ලංකාවේ රත්නපුර(Rathnapura) පැත්තේ ඉපදුණු කෙනෙක්. එයාගේ අම්මා ප්‍රංශ ජාතික නිළියක් එයාගේ තාත්තා එංගලන්තේ Claremont family එකට අයිති වලව්කාරයෙක්. පොරට ජපන්, ඉංග්‍රිසි, සිංහල, දෙමළ, අරාබි, ප්‍රංශ සහ තව තවත් භාෂා හුගක් හසුරවන්න පුළුවන්. ඇනිමේ එකේ පොර සමහර වේලාවල්වලදි සිංහලත් කතා කරනවා. හැබැයි පොරගේ රණසිංහ කියන surname එක නම් අත්තම්මාගෙන්වත් වෙන ලේ නෑයෙක්ගෙන්වත් නෙමෙයි එන්නේ. ඒ නම එන්නේ පොරගේ ගුරුවරයාගෙන්. ගුරුවරයාගේ නම සෝල් රණසිංහ අලි (Saul Ranasinghe Ali) කියලා ශ්‍රි ලාංකිකයෙක්.
පොර ඇයි ගුරුවරයාගේ නම පාවිච්චි කරන්නේ කියලා නම් මම කියන්නෑ. කිව්වොත් කතාව Spoil වෙනවා.
කොහොමහරි කතාව නම් බලන්න වටිනවා විශේෂයෙන් ඔයා ශ්‍රි ලාංකිකයෙක් නම්. හේතුව මේ කතාව හුගක් revolve වෙන්නේ ශ්‍රි ලංකාව මත. මේකේ novel එක කියවලා review කරන කෙනෙක් කියලා තියෙන දේ අනුව දැන් කතාවේ latest chapter එකේ ප්‍රධාන චරිතයයි අර මම උඩ කියපු මෙයාත් එක්ක ඉන්න ජපන් කොල්ලායි දෙන්නාම ලංකාවේ නුවරඑලියේ (Nuwaraeliya) තැනක ලොකු කේස් එකකට අහු වෙලා ඉන්නේ.

මේක හුගක් calm ඇනිමේ එකක්. ඔයා stressful වෙච්ච වේලාවක නැත්නම් මනස සැහැල්ලු කරගන්න ඕන වේලාවක නැත්නම් හුගක් depressing show එකක් නැත්නම් ඇනිමේ එකක් බලලා ඉවර වුනු වේලාවක මේ ඇනිමේ එක බලන්න හුගක් සුදුසුයි. හේතුව මේකේ හුගක් ඇනිමේවල වගේ තියෙන depressing moments නැත්නම් තරහ යන moments වගේ ඒවා නෑ. හුගක්ම හුගක් calm ඇනිමේ එකක් සහ හුගක් family freindly ඇනිමේ එකක්.

Official Teaser


So that is my spoiler free review of Case Files of Jeweler Richard folks.


Comments

Post a Comment

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬