"The Immovable Hashira" - Gyomei himejima



'මනුශ්‍යයෙක් විදිහට ඉපදිලා,ජීවත් වෙලා,මැරිල යන විදිහට අපි කවුරුත් කැමතියි..ආය ඒකෙ වෙනස් කරන්න දෙයක් නෑ...
කරුණාකරලා ඔහේගෙ ඔය වචන වලින් මේ ඔලු වලට විස කවන්න එපා'

Namu,amida butsu !

කොහොමද ඔයාලට..😃

ඔන්න එහෙනං ඔයාල බලාගෙනම ඉන්න සීරීස් එක අරං අදත් ආවා...
ඇත්තටම අද අරං එන Character එක මම මෙච්චර කලිං දෙන්න හිතුව එකක් නෙවෙයි..
But, ඔයාලා Vote කරලම ඉල්ලල තිබුන නිසාත්,page එකට වගේම මාව දන්න අය personally මටත් කතා කරල ඉල්ලපු නිසාම KnY universe එක තුල ඉන්න major ම Character කීපයෙන් එකක් ⁣උන මෙයාව අරං එන්න හිතුව.

එහෙනං..අද කතා කරමු.. "The Immovable Hashira" Gyomei himejima ගැන...

Major Spoilers for Anime Onlys !
.
.
.


Gyomey කියන්නෙ Demon slayer බලකා⁣ය තුල ඉන්න Ranking අතර ඉහලම ඉන්න Hashira කෙනෙක්...
දැනට ඉන්න දැවැන්තම සහ උසම සිරුරක් සහිත Slayer වෙන්නෙත් මෙයාමයි...
ඉතාමත් දැඩිව හැදුන Muscular body එකක් තියන මෙයා සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන්නෙ Usual Demon slayer uniform එකත් එක්ක...
මේකෙ collars විතරක් unusually විදිහට උස්සල හදල Uniform එකේ sleeves වැලමි⁣⁣ට ලඟට එනකල් නවල මෙයා අඳින්නෙ...

මේකට පිටින් උරහිස් වල එල්ලගෙන ඉන්න happi (හාපි) එකකුත් අපිට දකින්න පුලුවන්..මේ හාපි එකේ ලයින් වල Nianfo එහෙම නැත්තං namu amida butsu කියන කන්ජි අක්ෂර ටික උඩ ඉඳං පහලට paint කරල තියනව..
පොඩි කාලෙදි වැලඳුන උණ රෝගයක් නිසා මෙයා පොඩි කාලෙ ඉඳන්ම අන්ධයි... ඒ නිසා මේ character එක තුලදි අපිට ඇහේ pupil එක දකින්න ලැබෙන්නෙ නැ..

Gyomey, Demon slayer කෙනෙක් වෙන්න කලින් ආරාමයක නැවතිලා හිටිය Orphan කෙනෙක්.. මෙයා එක්ක තවත් 09 දෙනෙක් නැවතිලා හිටියා..
මේ නැවතිලා හිටිය ආරාමය වටේටම Demon ලගෙ attacks වලට ලොකු ප්‍රසිද්දියක් තිබ්බ නිසාම,Gyomey මේකෙ ඉන්න වෙලාවට Wisteria සුවඳ දුම් පුච්චල වටේට අල්ල අල්ල තමයි ඉන්නෙ...
කොහොම හරි එක දවසක්,මෙතන හිටිය 09 දෙනාගෙං එක්කෙනෙක්..එලියට යන්න එපා කියන එක අහන්නෙ නැතිව රාත්‍රියකදි එයාලගෙ Border එකෙං එලියට යනව..😑
එහෙම ගිය මොහොතෙම වගේ Demon කෙනෙක්ට අහුවෙන මෙයා,තමන්ගෙ ජීවිතේ බේරල දෙන්න කියල ඉල්ලනව,ඒ වෙනුවට Gyomey ඇතුලු ඉතුරු පිරිස ව මරං කන්න ඉඩ හදල දෙන්නං කියල මේකා කියනව.

එහෙම කියල..අර wisteria සුවඳ ත් මකල දාලා අර යකාව ඇතුලට ගත්ත ගමං මේ Demon ක්ෂණිකව එතන හිටිය 4 දෙනෙක්වම මරල දානව...
මේ සිද්දිය ඉක්මනටම aware කරන Gyomey එයාගෙ ඉතුරු කට්ටියට එයත් එක්ක ඉන්න කියල කිව්වත්..Gyomey අන්ධ නිසාත්,එයාගෙ Senses ගැන වැඩි වැටහීමක් තිබුන් නැති නිසාත් කිහිප දෙනෙක් ඒ ගැන අහන්නෙ නැතිව එයාව දාලා යනව...
එහෙම යන අයටත් අවාසනාවන්ත විදිහට අර demon අතිං මැරෙන්න තමයි වෙන්නෙ..කොහොම හරි එක්කෙනෙක් විතරක් කියන එක අහල Gyomey ලඟ නැවතිලා ඉන්නව...
කොහොම  හරි ඒ වෙලාවෙ මො⁣හොතකට gyomey ගෙ අවධානය වෙන දිහාකට යන නිසා Demon ගෙ පහර දීමකට ලක් වෙන්න සිද්ද වෙනව...
නලලෙ තියන scar එක අන්න ඒ නිසා ඇති උන එකක්..😶
කොහොම හරි ඉක්මනටම senses වලට aware වෙන මෙයා ඉතාමත් ඉක්මනට Demonට පහර දෙනව..අන්න ඒ වෙලාවෙදි තමන්ගෙ ඇඟ තුල තියන Enormous potential energy එක ගැන පුදුම වෙන මෙයා..ඒක භාවිතා කරමින් උදේ වෙනකල්ම Demon ට පහර දීලා මරල දානව..😌

කොහොම උනත් උදේ එතනට ආව ගම්වාසීන් අතින් පොඩි අත්වැරද්දක් වෙනව. Sayo කියන අර ඉතුරු උන දරුවා ඇවිල්ල ඉන්න අයට කියනව 'එයා යක්ෂයෙක්,මෙතන ඉන්න හැමෝවම මැරුවා' කියල...
ඇත්තටම මේ කියන්නෙ Demon ගැන උනාට ලේ පෙරාගෙන හිටිය Gyomey ගැන වැරදියට හිතුව මිනිස්සු ⁣Gyomey ව හි⁣රේට දානව..
කොහොම හරි අවසානයේ දි මෙතනට එන Master Kagaya ubuyashiki විසින් මෙයාව මුදව ගන්නව...
එතන ඉඳං Demon Slayer බලකායට බැඳෙන gyomey..තමන් සතු අසීමාන්තික ශක්තිය නිසා ම මාස දෙකකටත් අඩු කාලෙකිං Hashira කෙනෙක් වෙන්න සමත් වෙනව සහ වර්ථමානයේ ඉන්න Stone Hashira නියන mantle එක උසුලනවා..❤️



මෙන්න මේ වගේ අතීතයක් එක්ක එන Gyomey ස්වභාවයෙන්ම ගොඩාක් සන්සුන් සහ හරිම Soft nature එකක් තියන කෙනෙක්...
එයා අදහන ආගමත් එක්කම බැඳෙන දෙයක් වෙන සියලුම living creatures ලට තියන ලබඳියාව නිසා..මෙයා ඉතාමත් ඉක්මනට ඒ හා සම්බන්ධ tragic situation වලදි අඬා වැටෙනව දකින්න පුලුවන්..🥺
සටන් නොකරන හැම වෙලාවකම එයාගෙ Prayer beads (අර අත්තම්මල අතේ තියන ඇට මාල යක්) රැඟෙන යන මෙයා.. දකින ඕනම කෙනෙක් වෙනුවෙන් හොඳම ප්‍රාර්ථනයක් කරන්න සුදානමින් ඉන්නෙ...



Demon කෙනෙක්ව මරලා දැම්මත් ඒ වෙනුවෙන් හැම වෙලාවෙම දුක් වෙන මෙයා,ඇත්තටම එහෙම මැරුවට පස්සෙ දැනෙන හැඟීම නිසාම Demon කෙනෙක් මරල දාන්න ගොඩාක් අකමැති කෙනෙක්...

මේ ⁣සේරම දේවල් ඇරුනම Gyomey කියන්නෙ දැනට ඉන්න Merciless ම සහ Stongest ම fighter කෙනෙක්...
වර්ථමාන හෂිරා බලකායෙ Leader position එක දරණ මෙයා Sanemi ගෙ ආදරණිය මල්ලි Genya ගෙ Mentor ද වෙනවා..

Kusarigamajutsu කියන සටන් කලාවෙ ප්‍රවීනයෙක් වෙන මෙයා තමන්ට වඩා විශාලත්වයෙන්,බරින් වැඩි දෙයක් උනත් Easyliy move කරන්න පුලුවන් මට්ටමේ Gigantic energy එකක් තියන කෙනෙක්..
ඒ වගේමයි Blind නිසාම එයාගෙ Hearing skills තියෙන්නෙ God level එකක...🙏
Transparent world සහ Demon slayer mark  එක unlock කරන්න සමත් වෙන මෙයා..ඇත්තටම Kokushibu විසින් මුහුන දුන් බලවත්ම සතුරා බවටත් පත්වෙන්න සමත් වෙනව...

එහෙනං..Gyomey ගැන ඔච්චරයි 
තවත් විස්තර ඔයාලට Manga එක use කරොත් මීට වඩා interesting විදිහට දැනගන්න පුලුවන්..

ගොඩාක් ස්තූතියි මේ සීරීස් එක එක්ක රැඳිල ඉන්නවට..ඔයා⁣ලගෙ ගොඩාක් lovable comments,Discussions මට ඇත්තටම ගොඩක් ලොකු මානසික සුවයක් දෙන දෙයක්..ඒකට arigato..

එහෙනං අදට ගිහිං එන්නං
Peace ✌️



Comments

  1. වැඩියෙන් ඇහෙන එක මෙයාගෙ week point එකක් වෙන්නෙ නැද්ද ??

    ReplyDelete

Post a Comment

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬