The Case Files of Jeweler Richard
The Case Files of jeweler Richard Genre : Crime, Mystery, Slice of life Rating : (IMDb)- 6.9/10 හයි ගයිස් ! අද කියන්න ආවේ කවුරුත් එච්චර කතා කරන්නැති ඇනිමේ එකක් ගැන. ඒ තමා මේ Case Files of Jeweler Richard ඇනිමේ එක. මේක ගැන එච්චර කතා වෙන්නැත්තේ ඇයි කියන ඒකටත් උත්තරයක් දෙන්නම්. මේකේ Genre එක Crime/Mystery කියලා තිබ්බාට ලොකුවට Crime/Mystery කියලා දෙයක් නෑ හේතුව ඒක හුගක් Slice of life පැත්තට බර නිසා මේකේ ඔරිජිනල් සෝස් එක වෙන novel එකත් එච්චර ප්‍රසිද්ධ නෑ (කොච්චර ප්‍රසිද්ධ නැත්ද කිව්වොත් මේකේ ඉංග්‍රිසි පරිවර්තනයක්වත් කාටවත් හොයාගන්න බෑ ඉන්ටර්නෙට් එකේ) ඉතින් මොකද්ද මේකේ විශේෂත්වය? එච්චර ප්‍රසිද්ධ නැත්නම් එච්චර විශේෂත්වයක් නැතුව ඇතිනේද? නෑ. මේ කතාව හුගක් unique . මේක කොයි වගේ ඇනිමේ එකක්ද කිව්වොත් හුගක් violet evergarden, maoyuu maou yuusha වගේ ඇනිමේවලට සමානයි මේක. ඔය උඩ කියපු ඇනිමේ දෙකේ ෆැන් කෙනෙක් නම් මම මේක recommend කරනවා. කෝ, මේකේ කතාව පොඩ්ඩක් කියන්නන්කෝ දැන්. මේකේ කතාව තියෙන්නේ රිචඩ් කියලා ජුවලර් කෙනෙක් ජපානේට ඇවිල්ලා Sri Lankan Based ජුවලර් සමාගමකට අයිති Entranger ක...