ශ්‍රී ලාංකීය ඇනිමේ සුපිරි වීරයෝ දෙන්නෙක්
හයි ගයිස්, මෙන්න අපෙන් ඔය කට්ටියට ගෙනාපු Anime & Sri Lanka Post Series එකට අලුත්ම ලිපියක්. සාමාන්‍යයෙන් අපි මේ Post Series එකේ කතා කරන්නේ ඇනිමේවල දකින ශ්‍රි ලාංකික පුරාවෘත්ත සහ මිත්‍යා කතාවල හමුවන චරිත ගැන. අද හැබැයි කතා කරන්න යන චරිත දෙක නම් පුරාවෘත්ත නැත්නම් මිත්‍යා කතාවලින් හම්බෙන දෙන්නෙක් නෙවෙයි. අද කතා කරන්න යන්නේ Kinnikuman ඇනිමේ එකේ අපිට හම්බෙන Teapackman සහ Nankeeman යන ශ්‍රි ලාංකික සුපිරි වීරයෝ දෙදෙනායි. Kinnikuman - MAL සඳහා මෙතනින් පිවිසෙන්න මේ දෙන්නාට හැබැයි සුපිරි වීරයෝ කියලා කිව්වාට හුගක් වේලාවට විකට චරිත දෙකක් විදියට තමා ඉන්නේ. කොහොමත් හැබැයි Kinnikuman ඇනිමේ එකේ චරිත බහුතරයක්ම ඒ වගේ තමා. සටහන: Kinnikuman ඇනිමේ එකේ කතාව මොකද්ද කියලා ඔය කට්ටිය ඇහුවොතින් සරලව කිව්වොතින් ඒක ලෝකයේ සුප්‍රසිද්ධ ජපන් සුපිරි වීරයෙකු වන Ultramanගේ Parody කතාවක් තමා Kinnikuman එකේ කතාව. Ultraman කියන්නේ කවුද කියලා ඇහුවොතින් එයා තමා අර "Japanizing beam" meme template එකේ ඉන්න එක අතකින් ලේසර් එකක් විදින කෙනා. ඒ Meme template එකත් දන් නැත්නම් වෙන විදියක් නම් මම දන්නෑ Explain කරන්න. ඕන...