Posts

Showing posts with the label Slice of Life

The Case Files of Jeweler Richard

Image
The Case Files of jeweler Richard Genre : Crime, Mystery, Slice of life Rating : (IMDb)- 6.9/10 හයි ගයිස් ! අද කියන්න ආවේ කවුරුත් එච්චර කතා කරන්නැති ඇනිමේ එකක් ගැන. ඒ තමා මේ Case Files of Jeweler Richard ඇනිමේ එක.  මේක ගැන එච්චර කතා වෙන්නැත්තේ ඇයි කියන ඒකටත් උත්තරයක් දෙන්නම්. මේකේ Genre එක Crime/Mystery කියලා තිබ්බාට ලොකුවට Crime/Mystery කියලා දෙයක් නෑ හේතුව ඒක හුගක් Slice of life පැත්තට බර නිසා මේකේ ඔරිජිනල් සෝස් එක වෙන novel එකත් එච්චර ප්‍රසිද්ධ නෑ (කොච්චර ප්‍රසිද්ධ නැත්ද කිව්වොත් මේකේ ඉංග්‍රිසි පරිවර්තනයක්වත් කාටවත් හොයාගන්න බෑ ඉන්ටර්නෙට් එකේ) ඉතින් මොකද්ද මේකේ විශේෂත්වය?  එච්චර ප්‍රසිද්ධ නැත්නම් එච්චර විශේෂත්වයක් නැතුව ඇතිනේද? නෑ. මේ කතාව හුගක් unique . මේක කොයි වගේ ඇනිමේ එකක්ද කිව්වොත් හුගක් violet evergarden, maoyuu maou yuusha වගේ ඇනිමේවලට සමානයි මේක. ඔය උඩ කියපු ඇනිමේ දෙකේ ෆැන් කෙනෙක් නම් මම මේක recommend කරනවා.  කෝ, මේකේ කතාව පොඩ්ඩක් කියන්නන්කෝ දැන්. මේකේ කතාව තියෙන්නේ රිචඩ් කියලා ජුවලර් කෙනෙක් ජපානේට ඇවිල්ලා Sri Lankan Based ජුවලර් සමාගමකට අයිති Entranger ක...

පිස්සු නේවාසිකාගාරය...

Image
හුරතලේට සත්තු හදන්න ගිහින් වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුනා වගේ වැඩක් වෙච්ච කොල්ලෙක් ගැන තමා අද කතාව . ඉතින් එක හුස්මට බලල ඉවර කරන්න පුලුවන් ආතල් rom-com එකක් තමා මේක.  Name : Sakura-sou no Pet na Kanojo (The Pet Girl of Sakura-sou) Aired : 2012  Type : TV Series Status : Finished  Seasons : 1 Episodes : 24  Duration : 23min Genre : Slice of Life, Romance, Drama, Comedy, School  Score : MAL 8.15  Source : Light Novel යාවත්කාලීන කරන ලද තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න. ඉතින් කතාවට බැස්සොත් සොරාටා කන්ඩා කියන්නෙ සුයිමෙයි උසස් පාසලේ ඉගෙන ගන්න දෙවෙනි වසරෙ කොල්ලෙක් .  මේ ඉස්කෝලෙට තියෙනව ශිෂ්‍ය නේවාසිකාගාර දෙකක් . පලවෙනි එක තමා සාමාන්‍ය නේවාසිකාගාරය . අනිත් එක තමා මේ sakura-sou , aka Sakura Dominator එහෙම නැත්තන් සකුරා නේවාසිකාගාරය කියන්නෙ .  ඉතින් මේ සකුරා නේවාසිකාගාරෙ ගත්තොත් මේක තියෙන්නෙ ඉස්කෝලෙ සාමාන්‍ය නේවාසිකාගාරෙ නවත්තගන්න බැරි , පිස්සු කෙලින , මොලේ කොලොප්පන් කට්ටියට නේවාසික පහසුකම් දෙන්න . ඒක ගැන ඇහුවාමම ඔලුවට එනවනෙ පිස්සන් කොටුව වගේ feel...

ඔබේ හීනයට ඔබ එක්ක...

Image
අහම්බයක් ! coincidence ! කියන දේ අපි නිතර දෙවේලේ නිර්මාණ තුළ සහ අපේ ඇත්ත ජීවිතේ තුළ දකිනව . අහම්බයක් කියන එක කෙනෙක්ගෙ ජීවිතේ කොයිතරම් වෙනස් කරන්න පුලුවන්ද ?   හීන දකින එහෙත් ඒවා සාක්ශාත් කරගන්න හැකියාවක් නැති කෙනෙක්ට අහම්බයක් නිසා එයාගෙ ජීවිතේ වෙනස් කරගන්න ලැබුනොත් ....  Name   : Josee, The Tiger and The Fish     Year : 2020 Type : Movie Running Time : 1h 38min  Genre : Slice of Life , Drama , Romance   Score : MAL 8.63 IMDBb 8.1 Source : Short Story by Seiko Tanabe   යාවත්කාලීන කරන ලද තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න - MAL IMDB තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න. ඉතින් මේ Anime එකේ කතාවට හැරුනොත්,  Josee කියන්නෙ කකුල් දෙක පන නැති වීම නිසා රෝදපුටුවකට වෙලා තමන්ගෙ ජීවිතේම පිටත ලෝකෙන් වෙන්වෙලා අපි සමහරු වගේ මනෝ පාරවල් ගගහා හීන දකිමින් , දකින හීන චිත්‍රයට නගමින් ජීවත් වෙන තරුණ වයසෙ කෙල්ලෙක්. ඉතින් මෙයාට මෙයාගෙ ජීවිතේ වැදගත්ම කෙනෙක්ට කියල ඉන්නෙ මෙයාගෙ ආච්චි . මෙයාට ලොකූ ආසාවක් තියෙනව පිටත ලෝකෙට ගිහින් සිරි නරඹන්න . නමුත් කලින් එහෙම ගියපු වෙ...

ඇනිමෙ අම්මා ...

Image
අගක් මුලක් නොදන්නා වූ සංසාර චක්‍රයේ ඔබ මොබ සැරිසරන පුද්ගලයෙක්ට මෙලොව එලිය දීලා , උස්මහත් කරල , උගන්වලා තමන්ගෙ දරුවා ලෝකෙ හොඳම දරුවා වෙන සිහිනය ඉටු කරගන්න වෙර දරනා අසීමිත ස්නේහයක පුද්ගල සාක්ශිය දෙමව්පියන්...  දෙමව්පියො ගත්තාම අපිට අපේ ජීවිතේ හම්බවෙච්ච වටිනාම වස්තුවක් . අපි අද කොතැනක හරි ඉන්නව නං ඒ සාර්ථකත්වයේ අංශු මාත්‍රයක හෝ වටිනාකමක් ඔවුන්ට අයිතියි. භෞතික වස්තූන්ට ඇලී ගැටී ඉන්නා වූ සමකාලීන සමාජය තුළ මාපිය සෙනෙහසට අබ ඇටයක තරම්වත් වටිනාකමක් ලබා දෙන්නට අසමත් වූ හිස් ලූ ලූ අත දුවන මිනිසා නැරඹිය යුතුම චිත්‍රපටියකි 𝗪𝗼𝗹𝗳 𝗖𝗵𝗶𝗹𝗱𝗿𝗲𝗻... මා හිතාදර ඇනිමෙ සහෘදයන් සමග අම්මා ගැන වූ මේ විශිෂ්ට සලරුව පිළිබඳ කථිකා කිරීමට මත්තෙන් Wolf Children ගැන නොඇසූ , නොබැලූ මිත්‍රයින් වෙනුවෙන් Spoiler Alert ! එකක් දීමට කැමැත්තෙමි. ඔබ තවමත් මේ විශිෂ්ට ඇනිමෙ සිනමාපටිය නොබැලුවා නං අද තමා හොඳම දවස ඒක බලන්න. අම්මා ගැන වූ ඔබ මා දන්නා, නොදන්නා පැතිකඩ ඇනිමෙ ඇසකින් බලා හැඟීම්බර මනසකින් යුතුව ලිපියේ ඉතුරු ටික කියවනු මැනවි ... . . . අපේ කතා නායිකාවගෙ ජීවිතය වෙනස් වෙන්නෙ ඇයගෙ විශ්වවිද්‍යාලයේ පන්තිකාමරයක් තු...