Demon Slayer Mark
ඔන්න එහෙනං ගොඩක් අය ඉල්ලපු..ගොඩ කාලෙකට කලිං දෙන්නං කියල පොරොන්දු උන Fact post එකක් අරගෙන මම ආවා
රයිට්..
ගොඩ දෙනෙකුට තිබ්බ ප්රශ්නයක් තමයි,මම weekly දෙන KnY article වලදි mention කරන Demon Slayer mark එක..
ඊගාවට තව කිහිප දෙනෙක් Bright red Nichirin එක ගැනත්,Transparent world එක ගැනත් අහල තිබුනා... මේ දේවල් related ප්රශ්න ටිකකුත් අහල තිබුන
Spoiler Alert for Anime Onlys !
.
.
.
Demon Slayer Mark
Demon slayer mark එක කියල කියන්නෙ Strong ම Demon Slayer කෙනෙකුට විතරක් Awake කරගන්න පුලුවන්..Mysterious mark එකක්..
ඒ කියන්නෙ කැලලක්..
මේක ඇත්තටම හැම කෙනෙක්ටම ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයි..ඒ වගේමයි එහෙම හැම කෙනාම ලබාගෙනත් නෑ..
Demon slayer mark එක යම් කිසි Slayer කෙනෙක් ගෙ Awake වෙන්නනං එයා අනිවාර්ය කාරණා 04ක් එක වර Complete කරන්න ඕන..
- Obviously එයා Demon කෙනෙක්ට Face කරන ගමන් ඉන්න ඕන..
- ඒ demon එක්ක කරන Fight එක Near death experience එකක් ගානට Lethal වෙලා තියෙන්න ඕන..
- ඒ වෙලාවෙදි එයාග Heart rate එක 200BPM වල තියෙන්න ඕන..
- Body temperature එක 39°C වගේ වත් තියෙන්න ඕන..
ඔන්න ඔය හතර එක වර Complete වෙලා එයා එතනදි Survive උනොත්,එයාට පුලුවන් Automatically තමන්ගෙ Mark එක Awake කර ගන්න..
මේ මාක් එක එක එක්කෙනාට විශේෂ වෙනව තම තමන්ට ආවේනික උන Breathing style එකත් එක්ක..
ඇත්තටම කියනවනං KnY වල Sengoku era වලින් පස්සෙ ම මේක දකින්න ලැබෙන්නෙ නෑ.. හේතුව,මේ තරම් Skillful Slayer කෙනෙක් එදා ඉඳං present day එක වෙනකල් ම බිහි වෙන්නෙ නෑ..
Sengoku era වල දි බිහි උන..
The all time Great Slayer 'The Yorichi Tsugikuni' තමයි පලවෙනි වතාවටම මේ මාක් එක Bear කරන කෙනා...
ඒකට හේතුව වෙන්නෙ මොකක් හරි හේතුවක් නිසා මෙයාගෙ නලලෙ උපතේ ඉඳන්ම මේ කැලල පිහිටල තිබුන එක..
මෙන්න මේ කාරණාව එක්ක,ඔයාලා අහල තිබුනා Tanjiro ගෙ නලලෙ Mark එක ගැන සහ Giyutaro එක්ක Fight එකේදි එයාගෙ නලලට සහ කොන්ඩෙට වෙන Transform එක ගැන..
ඇත්තටම කියනවනං Tanjiro ගෙ mark එක උපතේ ඉඳන් පිහිටන එකක් නෙවෙයි..ඒ කැලල එයා පුංචි කාලෙ උන accident එකක් නිසා ඇති උන දෙයක්..
Giyutaro එක්ක ඇති උන සටනෙදි එයා ඇත්තටම mark එක awake කරනව තමයි.. ඇත්තම කියනවනං Shibuya arc එකෙං පස්සෙ ඉස්සෙල්ලම Demon slayer mark එක awake වෙන්නෙත් මෙයාගෙ.. ඒත් මේක temporary වගේ සිදුවුන awake එකක්..Tanjiro ගෙ හරිම mark එක බලන්න අපිට Hashira training arc එකට වෙනකල් ඉන්න වෙනව...
Moving on.........
මෙන්න මේ වගේ Badass mark එකක් උන Demon slayer mark එක,ඇත්තටම කිව්වොත් Curse එකක්
මම කිව්වනෙ මේ මාක් එක ඉස්සෙල්ලම bear කරන්නෙ Yorichi කියල...
ඒත් මේක ගැන හොඳටම Research කරන්නෙ Michikatsu AKA the upper moon One Kokushibu.. එහෙම නැත්තං Yorichi ගෙ සහෝදරයා..
මෙයත් Demon Slayer mark එක awake කරගත්තු කෙනෙක්..
Kokushibu කියන විදිහට,මේ Mark එක Awake කරගත්තු කිසි කෙනෙක් අවුරුදු 25කට වඩා ජීවත් වෙන්නෙ නෑලු..
ඇත්තටම කියනවනං මේක හරි කියන්නත් වැරදි කියන්නත් හේතු අපිට KnY තුලින්ම හොයාගන්න පුලුවන්...
- Shinobu Kocho තමන්ගෙ Mark එක Awake කරගන්නෙ අවු.18 දි.. එයා 25 වෙනකල් ජීවත් වෙන්නෙ නෑ..
- Gyomey තමන්ගෙ Mark එක ,Awake කරගන්නෙ අවු.25 පැනල උනාට එයා ඒක Awake කරල ජීවත් වෙන්නෙ පැය 8යි..
- වර්ථමාන කාලයේදි mark එක සමග ලැබෙන සේරම Abilities use කරන්නෙ Iguro..එයත් 25 වෙනකල් ඉන්නෙ නැ.. ඒ වගේමයි Kanroji ත්..
- හැබැයි, Mark awake කරගත්ත Sanemi,Giyuu,tanjiro ත් හිටියා.. මේ අයටත් අවු.25ක් නොවුනට එයාලා මැරෙන්නෙ නෑ (මැරෙනව කියල කොහෙවත් නෑ.)
- ඒ වගේමයි First bearer Yorichi ත් අවු.25ට වඩා ඉඳල වයසට ගිහිල්ලයි නැති වෙන්නෙ අවු.85 දි..
ඔන්න ඔය වගේ දෙපැත්තටම evidence තියේ මේ Curse එක ගැන..
හරි,මම උඩ Mention කරානෙ මේ mark එකත් එක්ක ලැබෙන Special abilities ගැන..
ඒ තමයි..ඔයාලා ඊලඟට අහල තිබුන
The Bright Red Nichirin සහ The Transparent world කියන Abilities
The Bright Red Nichirin
මේක නිකං මටනං Sun breathing එක represent කිරීමක් වගේමයි..
මෙන්න මේ Ability එක යටතෙදි ඉතිං ඕනම Neck එකක් Butter වගේ තමයි..
ඔයාලට මේ technique එක ඕන තරම් ඉස්සරහට දකින්න පුලුවන්...
Transparent World Ability
Transparent world ability එක හැමෝටම Unlock වෙන්නෙත් නෑ..Unlock උනාට හැමෝටම Use කරන්නත් බැරි දෙයක්..
මේක හොඳටම Use කරන්නෙ The serpent Hashira Obanai Iguro
මේ ability එක හරහා Slayer ට පුලුවන් වෙනවා තමන්ගෙ ප්රතිවාදියා ගෙ සිරුර විනිවිද දකින්න..
ඒ කියන්නෙ සම හරහා ගිහිං ඇඟ ඇතුලෙ Organs දැක බලාගන්න මේ හරහා පුලුවන් වෙනවා..
ඇත්තටම මේ ability එක Final fight එකේදි මාරම විදිහට Useful වෙන ability එකක්..
එහෙනං....ප්රශ්න ටිකට උත්තර හම්බෙන්න ඇති කියල හිතෙනව....
අනිවාර්යයෙන්ම අදහස් යටිං කියාගෙන යන්නත්..තව මොනවම හරි දැනගන්න තියෙනවනං ඒ ගැන අහන්නත් අමතක කරන්න එපා..
ඉක්මනටම ආපහු අලුත් Post එකක් එක්ක එන්නම්..
එතකල්...✌️
Stay Hyped ❤️🔥
මේකේ post කියෝන එක වෙනම ආතල් එකක් 🥺💖🔥
ReplyDeletehe he he :)
DeleteKokushibo ge articke ekaknam anewa one
ReplyDeleteaniwa . admin hashirata rquest ekak danna
Deletemehema kiyawana eka supiri ❤️❤️❤️❤️
ReplyDeleteoyala wenuwen thama ithin
DeletePost ekanam supri. Love it❤️🔥
ReplyDeleteour pleasure
DeleteSupiriii🖤
ReplyDelete:)
Delete