Elden Ring Lore: Godfrey, The First Elden Lord


Godfrey කියන්නේ Lands Betweenවල පළවෙනි Elden Lord. ඒ කියන්නේ රජ කෙනෙක් වගේ. Game එකේ මුල ඉදන්ම අපිට හොයාගන්න පුළුවන් මෙයාගේ චිත්‍ර එක එක locationවලින්. ගොඩක් playersලා මුලින්ම Godfreyගේ චිත්‍රයක් හරියට දකින්නේ Stormveil Castle එකේදී. 



මේ කියපු චිත්‍රවලින් මුලින්ම අපිට note වෙන දෙයක් එයාගේ උරහිස උඩ ඉන්න විශාල සිංහයා. මේක පිටිපස්සේ ලස්සන කතාවක් තියනවා. 

Godfreyගෙ ඇත්ත නම Hoarah Loux. මෙයා Badlands කියන ප්‍රදේශයේ නායකයා. Badlandsවල ඉන්න සටන්කාරයන්ට කියන්නෙ warriorsලා කියලා. මේ warriorsලට ලස්සන ඇදුම්, මිල අධික ආයුධ වැඩක් නෑ. මේගොල්ලන්ට තියෙන්නේ අසාමාන්‍ය ශාරීරික ශක්තිය.


Hoarah කියන්නෙත් අපි වගේම Tarnished කෙනෙක්. 

Warriorsලා ගොඩක් ලේ පිපාසිත මිනිස්සු. තමන්ගේ හතුරෙක්ව කිසි ආයුධයක් පාවිච්චි නොකර විනාස කරන එක මහ දෙයක් නෙමෙයි මෙයාලට. මෙයාලගේ ම්ලේච්ඡ ගති එක්ක මෙයාලට ලොකු රජකමක් එහෙම දෙන එක ටිකක් අමාරුයි. 


ඒ කොහොම උනත්, Hoarah Loux, Queen Marikaගෙ ස්වාමියා වෙනවා. හැබැයි Hoarah එයාගේ නම වෙනස් කරනවා: Godfrey කියන එකට. මෙයාගේ උරහිසේ ඉන්න සිංහයාගේ නම Serosh. Serosh කියන්නේ Hoarah Louxගෙ ම්ලේච්ඡ ගති වල පුද්ගලාරෝපණය (Personification)

Lord Godfrey, එයාගේ දරුණු ගති ඔක්කොම Serosh කියන සිංහයාට බාර දෙනවා. ඇත්තටම, Serosh කියන්නෙත් Godfrey/Hoarah ම තමයි. 

ඉතින් Elden Ring එකේ ඉස්සරහට, ඔයාට පුළුවන් Godfrey එක්ක සටන් කරන්න. එතකොට ඔයාලට හොදටම තේරෙයි Hoarah Loux, Warrior කියන කෙනාව සිංහයෙකුට සමාන කරන්නෙ ඇයි කියලා.


Good Luck, Tarnished. May you take the throne.


Author's note: 

Elden Ring එකේ කතාව player විසින්ම අර්ථකථනය කරන එක තමයි හොද. මේ post එක මගේ අර්ථකථනය. ඉතින් මේකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඔයාලගේ අර්ථකථනය මේ post එකට වඩා වෙනස් වෙන්න පුළුවන්. 


Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬