ශ්‍රී ලාංකීය ඇනිමේ සුපිරි වීරයෝ දෙන්නෙක්
හයි ගයිස්,
මෙන්න අපෙන් ඔය කට්ටියට ගෙනාපු Anime & Sri Lanka Post Series එකට අලුත්ම ලිපියක්. සාමාන්‍යයෙන් අපි මේ Post Series එකේ කතා කරන්නේ ඇනිමේවල දකින ශ්‍රි ලාංකික පුරාවෘත්ත සහ මිත්‍යා කතාවල හමුවන චරිත ගැන. අද හැබැයි කතා කරන්න යන චරිත දෙක නම් පුරාවෘත්ත නැත්නම් මිත්‍යා කතාවලින් හම්බෙන දෙන්නෙක් නෙවෙයි. අද කතා කරන්න යන්නේ Kinnikuman ඇනිමේ එකේ අපිට හම්බෙන Teapackman සහ Nankeeman යන ශ්‍රි ලාංකික සුපිරි වීරයෝ දෙදෙනායි.
මේ දෙන්නාට හැබැයි සුපිරි වීරයෝ කියලා කිව්වාට හුගක් වේලාවට විකට චරිත දෙකක් විදියට තමා ඉන්නේ. කොහොමත් හැබැයි Kinnikuman ඇනිමේ එකේ චරිත බහුතරයක්ම ඒ වගේ තමා.
සටහන:Kinnikuman ඇනිමේ එකේ කතාව මොකද්ද කියලා ඔය කට්ටිය ඇහුවොතින් සරලව කිව්වොතින් ඒක ලෝකයේ සුප්‍රසිද්ධ ජපන් සුපිරි වීරයෙකු වන Ultramanගේ Parody කතාවක් තමා Kinnikuman එකේ කතාව. Ultraman කියන්නේ කවුද කියලා ඇහුවොතින් එයා තමා අර "Japanizing beam" meme template එකේ ඉන්න එක අතකින් ලේසර් එකක් විදින කෙනා. ඒ Meme template එකත් දන් නැත්නම් වෙන විදියක් නම් මම දන්නෑ Explain කරන්න. ඕනේ නම් Ultraman සහ Kinnikuman ගැන විස්තර තියෙන Wiki Pages දෙකක Links දාන්නම් පල්ලෙහා .
![]() |
Japanese Beam Meme Template |
හරි එහෙනම් අපි මේ ශ්‍රි ලාංකික චරිත දෙන්නා ගැන පොඩි විස්තරයක් බලමු නේ.
Teapackman
ලංකාවේ ප්‍රසිද්ධම අපනයනය භෝගය කියලා ලෝකේම කියන්නේ තේ කියලා නේ. Kaguya Sama Love is War ඇනිමේ එකේ Kaguya වුනත් කැමති ලංකාවේ තේ බොනවාට කියලා ඒ ඇනිමේ Season 3 Episode 1 එකේම අපිට කිව්වා. ඉතින් තේ ආශ්‍රයෙන් හදපු සුපිරි වීරයෙක් ඉන්නවා Kinnikuman එකේ. ඒ තමා Teapackman කියන්නේ.
එයා Kinnikuman ඇනිමේ එකේ හුගක් වාචක කෙනෙක්. ඒ කියන්නේ එයා හුගක් කියවනවා හැමදේම ගැනම. කවුරුහරි කෙනෙක් එයාට තේ ගැන වැරදි මතයක් නැත්නම් සෘණාත්මක දෙයක් කිව්වොතින් එයාට ඉක්මනටම තරහ යනවා වගේම එයා එයාගේ ප්‍රතිවිරුද්ධවාදින්ට පහර දෙන්න පාවිච්චි කරන්නේ ලොකු තේ පැකට් එකක්. හැබැයි Kinnikuman කතාව හැටියට පොර හුගක් හොද චරිතයක්. විශේෂයෙන්ම කවුරුහරි කරදරයක ඉන්නවා වගේ දැක්කොත් ඕන වේලාවක එනවා පොර ඒ කෙනාට උදව් කරන්න Teapackmanටම ජිවිත අවදානමක් තිබුණත් නැතත්.
Teapackman ගැන තව විස්තර දැනගන්න ඕනේ නම් පල්ලෙහා Link එකක් දාන්නම් Kinnikuman Fandom Wiki එකේ.
Nankeeman
Nankeeman නැතහොත් Nankyman කියන්නේ නාන් (Naan) ආශ්‍රයෙන් හදපු සුපිරි වීරයෙක්. නාන් කියන්නේ නම් ඉන්දියාවේ අය සොයාගත්ත ආහාරයක් ඒත් ඉතින් ඔය කට්ටිය නාන් ඕන තරම් දැකලා ඇති අපේ එළවළු රොටි හදන අය සහ කොත්තු බාස්ලා ඉන්න කඩවල. ඉතින් නාන් කියන කෑම ආශ්‍රයෙන් තමා මේ Nankyman කියන ශ්‍රි ලාංකික සුපිරි වීරයාව හදලා තියෙන්නේ.
එයා Teapackmanට සාපේක්ෂව බැලුවොතින් හුගක් කෲර සහ කීයක්වත් එයාගේ ප්‍රතිවිරුද්ධවාදියාට සමාව දෙන් නැති කෙනෙක්. එයාගේ ප්‍රහාර නාන් සහ තවත් එක එක හොදි වර්ග ආශ්‍රයෙන් සැදුම්ලත් අතර එම ප්‍රහාර Kinnikuman කතාවට අනුව ඉතාමත් බිහිසුණුය. කෙසේ වුවත් අවසානයේදී මෙයාගේ අත් දෙකම නැති වෙනවා එයා Kevin Mask නැමැති කෙනෙක් එක්ක හැපෙද්දි අවාසනාවකට. මෙතැනින් පෙන්නනවා සමහර වේලාවට අපි අපේ ප්‍රතිවිරුද්ධවාදියාව හදුනාගෙන ගරුත්වයක් යුතුව ඔහු හෝ ඇය සමග සටන් වැදිය යුතුයි කියලා. නැත්නම් Nankeemanට වුන වැඩේමයි අපිටත් වෙන්නේ.
Nankeeman/Nankyman ගැන තව විස්තර දැනගන්න ඕනේ නම් පල්ලෙහා Link එකක් දාන්නම් Kinnikuman Fandom Wiki එකේ.
විශේෂ සටහන:පළමුව මෙම දෙදෙනාම Kinnikumanගේ දුෂ්ටයෝ විදියට තමා Debut කරන්නේ. පසුකාලීනව දෙදෙනාම Kinnikumanගේ දුෂ්ටයෝ නොව මිත්‍රයන් බවට පත් වෙයි.
❤️🔥
ReplyDeletenever knew sri lankan culture mentions in anime
ReplyDeleteOur goal is to make a beautiful anime community in Sri Lanka :)
DeleteGreat stuff
ReplyDelete