එතුණු කඩුව සහ ඇනිමේ



හයි ගයිස්,
අද කතා කරන්න ආවේ සම්පුර්ණ වෙනස් මාතෘකාවක් ගැන. අද කතා කරන්න යන මාතෘකාව අපේ රටේ අංගම්පොර ශිල්පින්ට හුගක් සමීප දෙයක්. ඒ වගේම මේක අපේ Anime Fansලා සහ Gamersලාටත් මාතෘකාවක් සහ අපේ ඉපැරණි ආයුධ ගැන සොයන පුද්ගලයන්ටත් වැදගත් ලිපියක්.

අපි අද කතා කරන්න යන්නේ Urumi නැතහොත් සිංහල භාෂාවෙන් අපි හදුන්වන "එතුණු කඩුව" නම් ආයුධය. මේ ආයුධය කොහොමද ඇනිමේවලට සම්බන්ධ වෙන්නේ කියලා ඇහුවොතින් මේ ආයුධය Berserkහි අපිට හමුවන චරිතයක් වන Silatගේ බිහිසුණුම ආයුධය වන්නේ මේ එතුණු කඩුව. ඒත් එක්කම මේ ළගදි ආපු Elden Ring පරිගණක ක්‍රිඩාවේ වුනත් මේ ආයුධය තියෙනවා අපේ "Tarnished"ට පාවිච්චි කරන්න.



 ඉතින් අපි පොඩ්ඩක් හොයලා බලමු නේ මොකද්ද මේ ආයුධයේ විශේෂත්වය කියලා නේ ? නැත්නම් මොකද මේ ඇනිමේ සහ පරිගණක ක්‍රිඩාවල මේක හැමතිස්සේම Feature කරන්නේ ?

පළමුවෙන්ම මේ ආයුධය සැදුනේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේය. කේරළ ප්‍රාන්තයේ ප්‍රධානතම භාෂාව වන මලයාලම් භාෂාවෙන් තමා මෙයට Urumi යන නම ලැබුනේ. මෙයට මලයාලම් භාෂාවෙන් Chuttuval (Chuttu=කැරකෙන, Val=කඩුව) ලෙසද හදුන්වනවා. මෙය කේරළ ප්‍රාන්තයෙන් පළමුව සැදුම්ලත් ආයුධයක් වුවත් වර්තමානය වන විට ලංකාවේ අංගම්පොර ශිල්පින් තමා බහුලව මේ ආයුධය පාවිච්චි කරන්නේ. සිංහල භාෂාවෙන් මෙයට "එතුණු කඩුව" ලෙස හදුන්වන අතර දෙමළ භාෂාවෙන් Surul Katti, Surul Val සහ Surul Pattakatti යන නම්වලින්ද හදුන්වනවා. ඒ වගේම හින්දි භාෂාවෙන් මෙයට Ara ලෙස හදුන්වන අතර ("Ara Ara" නෙමෙයි) මෙහි ඉංග්‍රිසී නම වන්නේ "Whip Blade" නමින්ය.


ඇයි ඉංග්‍රිසියෙන් එසේ නමක් කියන්නේ කියා ඇසුවොතින් එය කසයක් වැනි ආකාරයකට සැදුම්ලත් කඩුවක් වන බැවින්ය. එහි සිංහල නම වන "එතුණු කඩුව" යන නමින්ම තේරෙනවා එය ඔතාගෙන තියාගත හැකි ආයුධයක් බවත්. එතකොට ඔය කට්ටිය දැන් හිතනවා ඇති "කොහොමද අඩේ කඩුවක් ඔතන්නේ කියලා?" ඒකට Process එක මෙහෙමයි.

එහි මිට මුලින්ම හදන්නේ යකඩ නැත්නම් පිත්තලවලින්. ඒත් එක්කම Crossguard එකකුයි තව සිහින්ව සැදු Knuckleguard එකකුයි හයි කරනවා. මේකේ Pommel එක සාමාන්‍යයෙන් හදුන්වන්නේ Disc-hilt එකක් නැතහොත් "පිරිසියක් හැඩැති මිට" යනුවෙනි. එහි Pommel එක සරසලා තියෙන්නේ කටු සහිත එළියට විහිදෙන උපකරණයක් සේ වන අතර එය ඉහත කියු "පිරිසියක් හැඩැති මිට" වටේට පිහිටන විදියට තමා මේක හදලා තියෙන්නේ. ඔය කට්ටියට Crossguard, Pommel යන වචන පොඩ්ඩක් Confused Unga Bunga වගේ ඇති නම් පල්ලෙහා දාන්නම් පින්තුරයක් කඩුවක මුලික සැකැස්ම පෙන්වන.


මේ Urumi නැතහොත් එතුණු කඩුව හදලා තියෙන්නේ පළල අගල් 3/4ක් සිට 1ක් දක්වා ඇති නම්‍යශිලි තියුණු වානේ මගින්ය. එහි දිග අඩි 4 සිට 5.5ක්ද වන අතර එහි එක මත එක තල රාශියක් ඇත. අපේ ලංකාවේ එතුණු කඩුව නම් තල 36කින් සමන්විත වන අතර එය සාමාන්‍යයෙන් අත් දෙකෙන්ම පාවිච්චි කරන ආයුධයක් වේ.

මේක කසයක් වගේ පාවිච්චි කරන නිසා ඒකට ලොකු කේන්ද්‍ර අපසාරි බලයක් තියෙනවා. ඒ නිසා මේක පාවිච්චි කරන්න ලොකු ශක්තියක් වැය නොවුනත් ලොකු මානසික ස්ථාවරයක් තියෙන්න ඕන මේක පාවිච්චි කරන්න. හේතුව මේක කසයක් වගේ පාවිච්චි කරන නිසා ඔයාට ඒක හිතු පලියට හැමතැනම වනන්න යන්න බෑ. ඔයා ඇසළ පෙරහැරේ දකින කසකාරයොන්ටත් පවා Special Training එකක් දෙනවා හේතුව කසය තරංගයක් වගේ ගමන් කරන නිසා ඒක ගැහුවාම ඉතුරු බලයෙන් ඊට ප්‍රතිවිරුද්ධව තව තරංගයක් හැදෙනවා කසකාරයා දිහාවට. එන්න ඒ තරංගය නිවැරදිව ඔයාට Avoid කරන්න බැරි වුනොතින් කසය ඇවිල්ලා ඇහේ වදින්න පුළුවන්. දැන් හැබැයි මෙතැන අපි කතා කරන්නේ Urumi නැතහොත් එතුණු කඩුව ගැන. ඒකත් කසයක් වගේ පාවිච්චි කරන නිසා ඒකෙන්වුත් ගැහුවාම කසය වගේ ඊට ප්‍රතිවිරුද්ධ අතට තරංගයක් ඇවිල්ලා ඔයාගේ ඇහේ වැදුනොතින්.......Sorry තමා කියන්න තියෙන්නේ පුතේ.

එන්න ඒක නිසායි ලංකාවේ අංගම්පොර හෝ වේවා කේරළ ප්‍රාන්තයේ කලරි හෝ Kalaripayattu හෝ වේවා පංජාබ් ප්‍රාන්තයේ ගට්කා(Gatka) මල්ලවපොර හෝ වේවා Urumi නැතහොත් එතුණු කඩුව ගැන ඒ අදාල ශිල්පයේ අවසානයටම උගන්වන්නේ. හේතුව ඒක පාලනය කරන්න ලොකු මානසික ස්ථාවරයක් හා අවධානයක් අත්‍යවශ්‍යයි.

එතුණු කඩුව යොදාගන්න අංගම්පොර ශිල්පියෙක් 


දැන් ඔයා ඇහුවොතින් ඇයි මේ වගේ පාලනය කරන්න ආමාරු භයානක ආයුධයක් හැදුවේ කියලා ඒකට හේතුව ඒක ලේසියෙන් හංගගෙන තියාගන්න පුළුවන් නිසා. ඒක සාමාන්‍ය කඩුවක් නොවන නිසා කාටවත් එච්චර ගානක් යන් නෑ මේක ආයුධයක් සේ පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක ඔතලා කොයිහරි තැනක ලේසියෙන් හංගලා තියාගන්න පුළුවන් නිසා ඉස්සර අපේ මුතුන් මිත්තෝ මේ එතුණු කඩුව පාවිච්චි කරා.

ඉතින් මේ ආයුධය හුගක් Unique නිසා ඇනිමේ සහ පරිගණක ක්‍රිඩා රාශියක මේ ආයුධය සහ ඊට සමාන ආයුධ තියෙනවා. උදාහරණ Berserk, Castlevania, Soul Calibur, Elden Ring සහ Bloodborne වැනි ඇනිමේ සහ පරිගණක ක්‍රිඩාවල මේ Urumi නැතහොත් එතුණු කඩුව Feature වෙනවා.

මේ වගේ ලිපියකින් ඉදිරියටත් හමු වෙමු. 

Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬