Saul Ranasinghe and Richard Ranasinghe de vulpian



A Very Underrated Master-Student Relationship

සෝල් රණසිංහ සහ රිචඩ් රණසිංහ දි වුල්ෆියන් කියන්නේ අපිට Case Files of Jeweler Richard කියන ඇනිමේ එකේ හම්බෙන චරිත දෙකක්. සෝල් රණසිංහ ශ්‍රි ලාංකිකයෙකු වෙන අතර රිචඩ් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වෙනවා.

රිචඩ් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්!!!??? 
එහෙනම් කොහොමද එයාට රණසිංහ කියලා Surname එකක් තියෙන්නේ?
එයා සෝල් රණසිංහ කියන පුද්ගලයාගේ ඥාතියෙක්ද? 
ඒකට හේතුව මොකද්ද ?
කියලා කියන්න කලින් ඔය කට්ටියට රිචඩ්ගේ ජිවිත කතාව විස්තර කරලා දෙන්න ඕනේ.

Saul Ranasinghe

Richard Ranasinghe de Vulpian 

රිචඩ් කියන්නේ බ්‍රිතාන්‍යයේ Claremont family එකට අයිති ධනවත් වලව්කාරයෙක්ගේ පුතෙක්. ඉතින් මොන රටේ වුනත් වලව්කාරයෙක්ගේ පවුලක කෙනෙක් නම් අනිවාර්යයෙන් එක එක වැදගත් නැති ඒත් Avoid කරන්න බැරි Dramaවලට අහුවෙනවා. ඒ නිසා රිචඩ්වුත් පොඩි කාලේ ඉදන්ම එවැනි විශාල පීඩනයකට ලක් වුණා. කොච්චර ලොකුද ඒ පීඩනය කිව්වොතින් එයා කාලයක් යද්දි එයා Claremont family එකේ කෙනෙක් කියන්නත් ලැජ්ජා වුනා ඒත් එක්කම එයා බ්‍රිතාන්‍යයෙක් කියලා කියන්නත් ලැජ්ජා වුනා. පස්සේ කාලයකදි එයා එයාගේ University එකේ Japanese language department එකේ හදාරමින් ඉද්දි එයාට තුර්කි ජාතික ගැහැණු ළමයෙක් එයාත් එක්ක Relationship එකකට එනවා. රිචඩ් ඒ ගැහැණු ළමයාට හුගක් ආදරේ කරා ඒත් ආයෙත් වලව්වේ වුන Drama එකක් නිසා එයාට ඒ ගැහැණු ළමයාත් එක්කත් Break up වෙන්න සිදුවෙනවා.

ඊට පස්සේ රිචඩ්ට ජිවිතේ සම්පුර්ණයෙන්ම එපා වෙලා එයා එංගලන්තයෙන් පිට වෙලා ලංකාවට එනවා. එයා ලංකාවට එන්න හේතුව එයාගේ අත්තම්මා ලංකාවේ රත්නපුර පැත්තේ ඉපදුණු කෙනෙක් නිසා. තවත් හේතුවක් තමා එයා පොඩි කාලේ ඉදන්ම හිතුවා එයා බ්‍රිතාන්‍යයෙකු නොව ශ්‍රි ලාංකිකයෙක් වෙලා ඉපදුනා නම් මෙයාගේ ජිවිතයේ ඊට වඩා කරදර අඩු වෙන්න තිබ්බා කියලා. ඒත් ලංකාවට ආවාම පස්සේ එයාට තේරුණා එයාට ශ්‍රි ලාංකිකයෙක් වෙන්න බෑ කියලා. හේතුව එයාගේ හම සුදු පාට නිසා. පස්සේ රිචඩ් රත්නපුර පැත්තේ ගෙදරක පදිංචි වෙලා ඒ පැත්තට එන Touristලාට හොර මැණික් ලොකු මුදලකට විකුණලා රත්නපුර පැත්තේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට ඇත්තම මැණික් අඩු මුදලකට විකුණලා Business කරන්න පටන් ගත්තා. රිචඩ් හිතුවේ එයා හරි දේ කරේ කියලා ඒත් අර Touristලාට හොර මැණික් විකුණපු නිසා එයාට ආයෙත් ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා.

එතකොට තමා එයාට සෝල් රණසිංහ කියන ශ්‍රි ලාංකික මැණික් ව්‍යාපාරිකයා හම්බෙන්නේ. සෝල් තේරුන් ගත්තා රිචඩ්ව රිචඩ්ගේ තාත්තාටත් වඩා ආයේ සෝල්ට තේරුණා මේ වගේ කෙනෙක්ව එයා වැටිලා ඉන්න ආගාධයෙන් ගොඩගත්තා නම් එයාට සමාජයේ හොද පුරවැසියෙක් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා සෝල් රිචඩ්ව එයාගේ ගෝලයා කරගන්නවා.පස්සේ කාලයක් යද්දි රිචඩ් සෝල්ට කොච්චර ගෞරව කරාද කිව්වොත් එයා සෝල්ව එයාගේ සත්‍යම තාත්තා විදියට හදුන්වන්න පටන් ගත්තා. එන්න ඒක නිසා තමා එයා "රණසිංහ" කියන Surname එක පාවිච්චි කරන්නේ.

ඉතින් මොකද්ද මේ ඇනිමේ එකේ කතාවෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශය? ඒ තමා ගුරුවරයා කියන කෙනාට ජාතියවත් ආගමවත් රටවත් හමේ පාටවත් කියන දේ අදාල නෑ. අදාල වෙන එකම දේ වෙන්නේ ඔබ කොච්චරක් එම ගුරුවරයාට කෙලෙහි ගුණ දක්වනවාද කියලා.







Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬