Ramayana: The Legend of Prince Rama


ඉතින් ගයිස් ඔය කට්ටිය ඔක්කොම වාල්මිකිගේ රාමායණය ගැන පුන පුනා අහලා ඇති නේ. අද ලිපියෙන් ගෙනාවේ එම කතාව පාදක කරගෙන හදපු ඇනිමේ චිත්‍රපටියක් ගැන. ඔය කට්ටිය මේක බලලාත් ඇති සමහර විට. මේ චිත්‍රපටියේ නම තමා Ramayana: The Legend of Prince Rama නැතහොත් The Prince of Light.

Official Poster

මේකේ වාල්මිකිගේ රාමායණ කතා වස්තුව පාදක කරගන්නා අතර මේකේ Main Antagonist හැටියට රාවණා ඉන්නවා. මේකෙත් රාවණාගේ දඩුමොණරය පෙන්නනවාත් එක්කම රාවණාගේ හිස් දහයත් මේකේ පෙන්නනවා.

රවණා artwork 

ඒ හිස් දහයෙන් මොනවාද සංකේතවත් වෙන්නේ කියලා ඇහුවොතින් ඒ හිස් දහයෙන් සංකේතවත් වෙන්නේ රාවණාගේ කාමය, ක්‍රෝධය, මෝහය, ලෝභය, අභිමානය, ඊරිෂ්‍යාව, මනස, බුද්ධිය, කැමැත්ත සහ අහංකාරකම හැබැයි සමහර පොත්වල කියනවා ඒ හිස් දහයෙන් සංකේතවත් වෙන්නේ රාවණාට වේද ග්‍රන්ථ 4 සහ ශක්ති ග්‍රන්ථ 6 ගැන තියෙන සර්වසම දැනුමත් කියලා. (It is up to you to decide)

මුලින්ම කියන්න ඕනේ කට්ටියට මේක ඉන්දියන් කාටුන් එකක් නොවන බව. හුගක් අය මේක ඉන්දියන් කාටුන් එකක් කියලා නොබලා ඉන්නවා ඒත් ඇත්ත වශයෙන්ම ගත්තොත් මේක ඇනිමේ චිත්‍රපටියක්.

මේක නිර්මාණය කලේ 1992දී ඉන්දියාව සහ ජපානය අතර තියෙන මිත්‍ර සම්බන්ධතාවලට අවුරුදු 40ක් සැපිරිම නිමිත්තෙන්ය. මේකේ Animation කරලාත් තියෙන්නේ Kazuyuki Kobayashi කියන Animator. එයා තමා Yu-Gi-Oh, Rurouni Kenshin සහ One Piece සහ තව තවත් ඇනිමේවල Key-Animations කරලා තියෙන්නේ. ඔයා මේ චිත්‍රපටිය බලද්දිත් තේරෙනවා ඇති ඒ උඩ කියපු ඇනිමේවල Feeling එකක් වගේ තමා දෙන්නේ මේ ඇනිමේ චිත්‍රපටිය බැලුවාම. ඒ Animation කොච්චර හොදද කිව්වොත් ඉන්දියාවේ තරුණ පරපුරේ අය පවා කියනවා මේකේ තියෙන Animation හොදයි ඒ අයගේ දැන් හදන Chhota Bheem සහ Motu Patlu වැනි ඉන්දියන් කාටුන්වලට වඩා.

ඒත් අවාසනාවකට මේ චිත්‍රපටිය මෑතකදි කරලා Ban තියෙනවා ඉන්දියාවෙන් හේතුව ඒකේ හින්දු ආගමේ දේව චරිත කාටුන් ස්වරුපයෙන් පෙන්නපු නිසා. අනේ මන්දා ඉන්දියාවේ එවුන් මට තේරෙන් නෑ මචං. ඒ අය ඕන තරම් Hanuman, Ganesha සහ Krishna වැනි හින්දු දේව චරිත ගැන කාටුන් හදනවා ඒත් පිට රටක Cartoon එකක් ඒ දේව චරිත පාවිච්චි කරලා ගෞරවාන්විත විදියට හැදුවාත් ඒකටත් Case දානවා. හැබැයි අපේ රටේ Set එකකුත් හිටියා ඉතින් මේ ඇනිමේ චිත්‍රපටියට Case දාපු. කවුද කියලා කියන්න ඕන් නෑ නේ

කොහොමහරි මේ ඇනිමේ චිත්‍රපටිය භාෂා හුගකට පරිවර්තනය කරලා තියෙනවා. අන්තර්ජාලයේ හොයනවා නම් හොයාගන්න තියෙන්නේ English Dub එකයි Hindi Dub එකයි තමයි. මේකේ English Dub එක හොදට කරලා තියෙනවා. English Dub එකට යොදාගෙන තියෙන Cast එකත් US/UK Cast එකක්. හැබැයි මේකේ Authenticම Feel එක ගන්න ඕනේ නම් අපි Recommend කරන්නේ Hindi Dub එක බලන්න කියලා.

මේකේ හොද Sinhala Dub එකකුත් තියෙනවා. කාලයක් ඒ Sinhala Dub එක රූපවාහිනි එකේද සිරස එකේද කොහෙදො පෙන්නුවා.
(අපිට හරියටම මතක නෑ මොන Channel එකේද කියලා. ඔය කට්ටියට මතක නම් මොන Channel එකේද මේක පෙන්නුවේ කියලා පල්ලෙහා Comment Section එකේ අපිට කියන්න)


Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬