Ya Boy Kongming! - Recommendation



මේ ඇනිමේ එක ගැන නම් මේ Season එකේ පුන පුනා අපි කියලා ඇති නේ. මේ ඇනිමේ එකේ නම තමා Ya Boy Kongming නැතහොත් ජපන් භාෂාවෙන් කිව්වොතින් Paripi Koumei(パリピ孔明).

  • Rating (MAL) :8.36
  • Episodes No. :12
  • Genres : Comedy, Musical

ඉතින් මේ ඇනිමේ එකේ විශේෂත්වය මොකද්ද ? 
ඇයි මේ ඇනිමේ එක මේ Season එකේ හුගක් කැපිලා පෙනුනේ ? 
ඒ ප්‍රශ්නවලට හේතු තමා මේ Post එකේ කතා වෙන්නේ.

මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නේ Zhuge Liang නැතහොත් Kongming නම් සැබෑ ලෝකයේ සිටි චීන ඓතිහාසික චරිතයකි. Kongming ගැන ඔය කට්ටිය වැඩිදුර දැනගන්න කැමති නම් අපි ඉස්සෙල්ලා ලිව්ව කොන්ග්මින් ගැන Article or Blog Post එක කියවන්න. 


ඉතින් Ya Boy Kongming එකේ කතාව සරලව කිව්වොතින් තියෙන්නේ මේ Kongming කියන චීන ඓතිහාසික චරිතය ඔහුගේ මරණයෙන් පසුව වර්තමාන කාලේ ටෝකියෝහි ෂිබුයාහි නැවත ඔහුගේ පුනරුත්පත්තිය ලබනවා. ඔහු එසේ පුනරුත්පත්තියක් ලබන්නේ ඇයි කියා ඇසුවොතින් ඊට හේතුව ඔහු ක්‍රි.ව.234දී අභාවප්‍රාප්ත වෙද්දි ඔහු ප්‍රාර්ථනා කරා ආයෙත් ඉපදෙනවා නම් යුද්ධයක් නැති ලෝකයක ආයේ ඉපදෙන්න ඕනේ කියලා. ඔය කට්ටිය ඉස්සෙල්ලා අපි කිව්ව කොන්ග්මින් ගැන Article or Blog Post එක නැත්නම් චීන ඉතිහාසයේ Three Kingdoms Era එක ගැන කියවලා තියෙනවා නම් ඔය කට්ටියට තේරෙනවා ඇති කොච්චර අර්බුදකාරි සහ සාමකාමී නොවන පරිසරයක්ද ඒ කාලේ චීනයේ තිබ්බේ කියලා. ඉතින් Kongming ප්‍රාර්ථනා කරා ආයේ ඉපදෙනවා නම් මෙවැනි කාලයකින් මිදිලා සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න ඕනේ කියලා.

ඉතින් ඊට පස්සේ පොර වර්තමාන කාලයේ ජපානයේ ටෝකියෝහි ෂිබුයාහි නැවත ඉපදෙනවා අවුරුදු 30 සිට 40 දක්වා එයාට තිබ්බ පෙනුමත් එක්ක. ඒත් එක්කම මෙයා චීන කෙනෙකු වුවත් එක පාරටම එයාට ජපන් භාෂාවත් කතා කරන්න පුළුවන්. ඒ මදිවට නැවත ඉපදිලාත් තියෙන්නේ ජපානයේ Halloween උත්සවයත් මැද. පොරට ඉතින් මේ මොනොවත් තේරෙන්නේ නැති නිසා පොර හිතුවා "ආ.... මේ තමා අපාය" කියලා. ඊට පස්සේ පොර සැරිසරසර ඉද්දි පොර එක්තරා Club එකක එක්තරා ගායිකාවක් හම්බෙනවා. ඒ ගායිකාවගේ නම තමා Eiko Tsukumi නැතහොත් කෙටියෙන් EIKO. ඒ කෙල්ලගේ සින්දුව ඇහුවාම පස්සේ Kongming සිතුවේ එයා චීනයේ යැංග්සි නදියෙන් ස්නානය කරා මෙන් දැනුනා කියාය. 

සටහන:
චීනයේ යැංග්සි නදිය චීන ජනතාව වර්තමානයේද පවාද ඉතා දේවත්වයෙන් සලකන නදියකි. එම නදියේ චීන ජනතාවට තියෙන වැදගත්කම කුමකට සමාන කරන්නේද යැයි කිව්වොතින් එහි වැදගත්කම ඉන්දීය ජනතාව ගංගා නම් නදියට දක්වන වැදගත්කම හා දේවත්වයට සමානය
Yangtze River - China


ඉතින් පසුව Kongming මේ EIKO කියන ගායිකාවව හම්බෙලා එයාගෙන් අහනවා මෙම කාලයේ සංගීතය කොයි වගේද ? කියලා. හේතුව Kongmingට දැන් මේ කාලේ සංගීතය ගැන ලොකු කුතුහලයක් ඇති වෙලා තියෙන නිසා. හැබැයි පස්සේ EIKO, Kongmingට කියනවා එයා සින්දු කියන එක අතහරින්න යනවා හේතුව ඒ දක්ෂතාවෙන් එයාට කොහෙවත් යන්න බැරි නිසා කියලා. ඒත් Kongming, EIKOව Motivate කරලා අරගෙන පස්සේ එයාගේ Manager වෙලා එයාට ලොකු ලොකු උදව් උපකාර කරනවා. පසුකාලයක EIKO, Kongmingව හදුන්වන්නේ ඇයගේ "ගුන්ශි" (軍師) නැතහොත් එයාගේ උපදෙස්දෙන්නා නැත්නම් Tactician/Warrior General ලෙසයි. හේතුව මෙහිදි Kongming පාවිච්චි කරන උපක්‍රම සියල්ලම පාහේ එයාගේ පෙර ජිව්තයේ ඔහු සටන් කළ යුද්ධවල පාවිච්චි කරපු උපක්‍රමයි. මෙහිදි ඔහු පෙන්නනවා එම උපක්‍රම යුද්ධයේ පමණක් නොව එදිනෙදා ජිවිතයේද පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ තමා Ya Boy Kongming එකේ කතාව සාරාංශගත කරලා කිව්වොතින්.

දැන් ඔය කට්ටිය අහනවා ඇති අඩේ එකද මේකේ Synopsis එක?? මම හිතුවා මේකේ අම්මටසිරි වෙන්න Plot එකක් තියෙන්නේ කියලා? ඒ ප්‍රශ්නය අහන අයට මම දෙන උත්තරය තමා මුලින්ම මේකේ Genre එක බලන්න කියලා. Genre එක තියෙන්නේ Comedy/Musical කියලා නේ. කොහොමත් Comedy Genre එකට අයිති ඕනම Show/Anime එකක් වුනත් හෙන ගොන් Plot එකක් තමා තියෙන්නේ නැත්නම් ඇයි ඒකට කොමඩියක් කියලා කියන්නේ.

හැබැයි ඉතින් අනෙක් Comedy ඇනිමේ එක්ක බලද්දි මේ ඇනිමේ එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමා Comedy සහ අනික් දේවල් කොච්චර Balance කරලා කරලා තියෙනවාද කියන එක. මේ ඇනිමේ එක අපි Recommend කරනවා නම් Recommend කරන්නේ Guilty Pleasure Anime එකක් විදියට.

ඒ කියන්නේ මේක ඔයාට හොදට Chill එකේ සහ Relax එකේ බලන්න පුළුවන් ඇනිමේ එකක් නිසා. ඔයා දැන් උඩ කිව්ව චීන ඉතිහාසය සහ සංගීතය ගැන මෙලෝ දෙයක් දන් නෑ කියලාවත් හරි කියමුකෝ. ඒත් ඔයාට මේ ඇනිමේ එක Enjoy කරන්න පුළුවන්. මේ ඇනිමේ එක සරලත් නෑ සංකිර්ණත් නෑ. Underratedවුත් නෑ Overratedවුත් නෑ. One of the Hidden Gems of Anime කියලා තමා අපි මේ ඇනිමේ එක හදුන්වන්නේ.

එහෙනම් ඔන්න Ya Boy Kongming එක ගැන අපේ World of Anime Blog එක විසින් ගෙනාපු Review එක නිමා  කරනවා..
තව දෙයක් Add කරන්න තියෙනවා නම් Add කරන්න තියෙන්නේ මේ ඇනිමේ එකේ OST/Songs හෙන සුපිරි කියලා කියන්න තමා.

විශේෂයෙන්ම Opening Song එක. මම හිතන විදියට ඔය කට්ටිය ඒක දැනටම අහලාත් ඇති.




එහෙනම් Sayonara Folks. It's Party Time.



Teaser PV




Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬