"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬



ඔන්න අද දිගම දිග ලිපියක් අරන් එන්නෙ . අද මන්ගා හදන process එක ගැන තමා අපි සාකච්ඡා කරන්නෙ. මේකෙ ප්‍රධාන වශයෙන්ම ජපානයේ තියෙන තරඟකාරි වටපිටාව යටතේ මන්ගා එකක් Publish කරන process එක තමා සලකා බලන්න හිතුවෙ. ඒ කියෙන්නෙ ඇනිමේ adaptations වලට එන Manhawa,Webtoon වගේ දේවල් මෙතන ලොකුවට කතාවෙන්නෙ නෑ.

 මේක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුලුවන්  

  1. මන්ගා එක ලියන, අඳින process එක 
  2. මන්ගා එක ප්‍රකාශයට පත් කරන්න කලින් යන process එක 
  3. Publish වුණාට පස්සෙ පවත්වගන්න process එක 


ඔන්න ඉස්සෙල්ලම එහෙනම් , 


මන්ගා එක ලියන, අඳින Procedure එක 


𝐈𝐝𝐞𝐚 




මේකෙ ප්‍රධානම දේ තමා හොඳ කතාවක් හදාගන්න එක. ජපානයේ අති තරඟකාරී වටපිටාව යටතේ Unique දෙයක් තියාගන්න එක අතිශය තීරණාත්මකයි . 

ඒ කතාවෙ Key Points ටික ගැන ආරම්භයේ ම අදහසක් තියාගන්න එක වටිනවා. උදාහරණයක් විදියට "මම මේක ඉවරකරන්නෙ මෙන්න මේ වගේ" කියලා. ඒක අනිවාර්යය නෑ . ඒ වුණාට සාමාන්‍යයෙන් කතාව කරගෙන යන අය අනිවාර්යයෙන්ම cliffhangers මොනවද (ඒ කියන්නෙ කතාවෙ curious වැඩිම තැනකින් කියවන කෙනාගෙ tension එක ඉහළම තැනකදි චැප්ටර් එක break කරන තැන්) Characters වල Deaths,relationships වගේ දේවල් pre determine , ඒ කියන්නෙ කලින් හිතලා කරල ලියන්න පටන් ගන්න අවස්ථාව ගොඩක් වැඩියි. 

ඊළඟට මේ අදහස් Script එකකට ගන්න ඕනි. 


𝐒𝐜𝐫𝐢𝐩𝐭 


කොමික්/ Manga script එකක් කියන්නෙ ඔයා දන්නවනෙ කතාවෙ යන දෙබස්. මේ දෙබස් 

  • "මේ වගේ අවස්ථාවක මෙයා කියන්නෙ මේක"

වගේ දළව හදාගන්න ඕනි. මන්ගා කියන්නෙ රූපමය මාධ්‍යක්. ඒ නිසා හැමවෙලාවෙම දෙබස් වලින් තමා ගොඩක්ම යන්නෙ කතාව. කතාවෙ චරිත අතර වෙන සංවාද අනුව. මූවි එකක් වගේ තමා. ඒ නිසා කතාවට ගැලපෙන්න මේ script එක හදාගන්න ඕනි. 

Script එක හදනකොට Sequence by sequence හදන එක තමා ලේසි.  නිකන් Short film එකක් වගේ ගන්නකෝ. සීන් එකෙන් සීන් එකට සෑහෙන Description එකක් එක්ක ස්ක්‍රිප්ට් එක ලියන්න පුලුවන්නෙ. මේකෙත් එහෙමයි. 

  • මෙතම මෙයා ඉන්නෙ මේ දේ කර කර.
  • ඉන්න තැන මේ වගේ. 
  • මේක මේ වගේ වෙලාවක්.
  • එයාල ඉන්නෙ මේ වගේ මූඩ් එකක 

අන්න ඒවගේ. කතාව ගලායන විදිය අදහසක් ගන්න පුලුවන් විදියට හදාගන්න ඕනි. 

ඒ අතරම මේකෙ චරිත වල Character designs කරන්න වෙනවා. 


𝐂𝐡𝐚𝐫𝐚𝐜𝐭𝐞𝐫 𝐃𝐞𝐬𝐢𝐠𝐧 


Anime : Bungo Stray Dogs 


ඒක ඉතින් චරිතවල appearance එකම මත නෙවෙයි තියෙන්නෙ. Appearances වගේම එයාලගෙ personality, attitude කොයිවගේද?එයාල හැසිරෙන විදිය. Catchphrases, Moves, Action ඔක්කොම design කරගන්න ඕනි. ඇඳුම් පැළ්ඳුම් විතරක්ම නෙවෙයි.  

ඊළඟට Story boards. 


𝐒𝐭𝐨𝐫𝐲 𝐁𝐨𝐚𝐫𝐝𝐬


Manga : Attack on Titan

මේකනම් ගොඩක්ම Rough paneling වගේ. ඒ කියන්නෙ කතාවෙ මුල් අදියරේ ගන්න panelling. Frame වලට බෙදාගන්න එක. මේක ඒකාකාරී නොවෙන්න කරන්න ඕනි. හිතන්න මුලු මන්ගා එකම නිකන් එකම විදියට පැනල්ස් අස්සෙ පෙන්නුවා කියලා. අවුල්නේ. අන්න ඒ නිසා කතාවෙ සීන් එකෙන් සීන් එකට වගේ boxes ඇතුළෙ අඳින එක තමා මෙතන වෙන්නෙ. මූවි වලත් මේක යූස් වෙනවා. 

  • පේජ් එක බැලන්ස් වෙන්න පැනල්ස් ටික මෙහෙම එන්න ඕනි. 
  • එක සීන් එකකින් සීන් එකකට මාරු වෙනකොට ස්මූත් වෙන්න ඕනි. 
  • පේජ් එකෙන් පේජ් එකට මාරු වෙනකොට මෙන්න මේවගේ යන්න හොඳයි. 

අන්න ඒ වගේ දේවල් ගාණට හදාගන්න ඕනි. 

ඊට පස්සෙ Sketch කරන එක.

 

𝐒𝐤𝐞𝐭𝐜𝐡𝐢𝐧𝐠




සාමාන්‍යයෙන් අපේ සැකිලි රූපෙන් පටන් අරන් කරන drawings ඔක්කොම මේකට එන්නෙ. ඒ කියන්නෙ rough sketches වගේම එතනින් එහාට final sketch එක. Character වල ඉරියව්, bg එහෙම ඔක්කොම මැච් කරලා හෙණ ගහන්න වගේ එකපාර අඳින්න අමරුයිනේ . ඒ නිසා මේක අදියර කිහිපයකට ටික ටික සංකීර්ණ වෙන්න තමා කරන්න යන්නෙ. සරලම එකේ ඉඳන්. 

හිතන්නකෝ බැට් කරන එකක් අඳින්න ඕනි කියලා. ඉස්සෙල්ලම ඒකෙ නිකන් වටේ frame එක සහ බැට්ස්මන් ඉන්න ඉරියව්ව ඇඳලා ඒකට එක එක දේවල් එකතු කරනවා. අන්න ඒ වගේ. ඒකෙ එක එක්කෙනාට ආවේණික විදි තියෙනවා . සමහර අය කෙලින්ම complex drawing එකටම යනවා. කෝම හරි මේ සේරම sketching තමා. 

සාමාන්‍යයෙන් මන්ගා වල initial sketching කරන එක හඳුන්වන්නෙ "contours අඳිනවා" කියලා. Geography වල සමෝච්ච රේඛා කියන අදහස නෙවෙයි මේ කියන්නෙ. හැබැයි අර හදාගත්තු Boxes වල මේ විදියට contours අඳිනවා. මොන perspective එකෙන්ද මොන කෝණයෙන්ද ඒ වෙලාවෙ කතාව focus වෙන්නෙ කියන එක සහ place markers future effects වලට දාන එක එහෙමත් මේ sketch කිරිල්ලෙදි  වැදගත් පියවර කියලා හඳුනාගන්න පුලුවන්. Future effects වලට උදාහරණ ඉස්සරහට දෙන්නම් ලිපියෙදි.  

ඊළඟට තියෙන්නෙ මේක Ink කරන එක. 


𝐈𝐧𝐤𝐢𝐧𝐠 




මෙතන සාමාන්‍යයෙන් අදහසක් එනව ඇති අර sketch කරපු එක උඩ තීන්ත වලින්  අඳිනවා නැත්නම් ඒක trace කරනවා කියලා වගේ එකක් . 

ඒකත් එක විදියකට හරි. නමුත් inking කියන එකෙන් කියන්නෙ ඇත්තටම sketch එකේ වඩාත් ඉස්මතු වෙලා හා කැපී පෙනෙන්න ඕනි කොටස් විතරක් අවසාන drawing එකේ තියෙන්න ඕනි කොටස් ටික ink කරන එක. මේක ඉතින් කොමික් වල වෙනම profession එකක්. Inking කියන එක මන්ගා වල වෙනම ක්ශේත්‍රයක් විදියට හැදීගෙන ආවට තාමත් කොමික් වල වගේ නම් නෑ. මන්ගා වල සාමාන්‍යයෙන් තැනක් හදාගත්ත මන්ගකා කෙනෙක්ට මේ මේ දේවල් වලට ස්ටාෆ් එකක් සෙට් වෙන්න ඉඩ තියෙනවා. Inking විතරක් නෙවෙයි Panelling, lettering වගේ ඉස්සරහට කියාගෙනයන දේවල් වලටත්.  

Vagabond එහෙම ලිව්ව Takehiko Sensei වගේ අය මේවා එකෙන්ම පින්සලෙන් කරන්නෙ. පොරනම් Sketch කරන්නෙත් නෑ.




සාමාන්‍යයෙන් beginners ල මේවට Radiograph pens නැත්නම් ultra fine point pens යූස් කරනවා. Pens වර්ග දෙකක් මේවටම යූස් වෙන. පරිස්සමෙන් කරන්න ඕනි දෙයක් . මේ වෙලාවෙදි ඉතින් Conversations වලට bubbles, balloons එහෙමත් design කරනවා. අර කලින් Markers place කරපු Speedlines, flashes එහෙමත් ink වෙනවා. Speedlines එහෙම කියන්නෙ හිතන්න කෙනෙක් වේගයෙන් මොනව හරු කරනවා දුවනවා කියලා. අන්න ඒ වගේ එකක් කියවන කෙනාට අඟවන්න දාන ලයින් ඉෆෙක්ට් එකක්. Flashes වුණත් ඒ වගේ. අකුණුම නෙවෙයි. ඒ කියන්නෙ fight scenes වල එහෙම ඇනිමේ වල දානවා වගේ දේවල් අඳිනකොටත් එහෙමම තමා. Ruler එකක් එහෙම තියාගන්න එක වටිනවා accessory එකක් විදියට. (මේ ඉතින් traditional manga එකක් යන විදියහොඳේ . Digital arts යනවනම් ඉතින් මේවට වෙනම tools තියෙනවානේ Softwares එක්කම. ඒකෙන් මේවා තවත් පහසු වෙනවා)  

ඊළඟට තියෙන්නෙ Fillings. 


𝐅𝐢𝐥𝐥𝐢𝐧𝐠𝐬


මෙතනට Shades එහෙම බැලන්ස් කරන එක තියෙන්නෙ. මන්ගා එකේ මුලින්ම යන්නෙ B&W නිසා Shades හරියට යූස් වෙන එක ඉතාම වැදගත් . ඒ කියන්නෙ මන්ගා එකක් කලු සුදුම නෙවෙයි. කලු පාටෙත් එක එක අවස්ථා අදුරු පැහැයේ එක එක පාටවල් යූස් වෙනවනේ. තද අළු පාට හෙවණලි වගේ දේවල්. අන්නෙ ඒක තමා Shades කිව්වෙ. Wide markers, brush markers එහෙම තමා මේකට හොඳයි කියලා කියන්නෙ.  මේවනම් google කරල බලන්න ඔයාලටම තේරෙවි ඇයි මේව මේ දේටම ගන්නෙ කියලා.

ඒ වගේම Hair, cloths වලට අදාල එක එක decors ගාණට දාන එකත් මේකට අයිතියි. 

ඊළඟට තියෙන්නෙ Final Touches. 


𝐅𝐢𝐧𝐚𝐥 𝐓𝐨𝐮𝐜𝐡𝐢𝐧𝐠 


මේකෙදි කලින් ඇඳපු Balloons එහෙම ගාණට හදලා ඒක Words වලින් fill කරන එක වෙන්නෙ. මේවත් ඉස්සෙල්ලම blue pen එකෙන් ඉස්සෙල්ලම කරන අවස්ථා තියෙනවා. මොකද වචන ගාණට බැලන්ස් වෙන්න ඕනි නිසා.  

ඔහොම තමා ඔන්න මන්ගා එක හැදෙන process එක. 


ඊළඟට තියෙන්නෙ ඒක,

publish කරන එක 


සාමාන්‍යයෙන් beginner mangaka කෙනෙක් නම් අනිවාර්යයෙන්ම One Shot manga එකක් දාන්නම වෙනවා. එකක් නැත්නම් කීපයක්. 

මෙහෙම දේකුත් තියෙනව. Eiichiro Oda සෙන්සේ වගේ අය One Piece මන්ගා එක එලියට දානකොට Ruroni Kenshin Manga staff එකේ එහෙම ඉඳලා නමක් හදාගෙන හිටියෙ. එයාල ඒකාලෙ වුණත් One Shot එකක් දානකොටම කතාවෙ ඉස්සරහත් plan කරලා දාන්නෙ . 


𝐎𝐧𝐞 𝐒𝐡𝐨𝐭 manga එකක් කියන්නෙ නිකන් ටීවි ශෝ එකක pilot එපිය වගේ. මේකට එන ප්‍රතිචාර අනුව ඒ core එක අරන් ලොකු සීරිස් එකකට යන එක වෙනවා.


 ප්‍රවීණ මන්ගකාල වුණත් one shot එහෙම දාල තමා අලුත් සීරිස් වලට බහින්නෙ . එහෙම නැති අයත් ඉන්නවා නමත් එක්ක තියෙන ෆෑන් බේස් එක එක්ක කෙලින්ම බහින. හැබැයි වන්ශොට් කරන්නෙම ලොකු සීරිස් බලාගෙනම නෙවෙයි. එහෙම නැතුව ඒක එතනින් ඉවර කරන අවස්ථා ඕනි තරම් තියෙනවා. හැබැයි beginner කෙනෙක් නම් One Shot එකක් යනවමයි ගොඩක් වෙලාවට.



Kodansha, Shueisha Magazine වල එහෙම One Shot තෝරන Contest තියනවා . ඒවට එහම දාල ඉස්සරහට එන්න පුලුවන්. ඒ වගේම එයාලගෙ Academy එකක් තියෙනවා . ඒවගෙන් පාස් වෙන අයගෙ මන්ගා එහෙමත් ගන්නවා. මේ ළඟදි කතාබහට ලක්වුණ Blue lock එහෙම අන්න ඒ වගේ එකක්.

medibang. com එකේ එහෙම තියෙනවා මේ තරඟ ගැන විස්තර. කැමති අයට කියවන්න පුලුවන්. 

මේ One Shots Rank කරලා, Review කරලා කියවන අයගෙන් Surveys එහෙම කරලා සෑහෙන්න filter කරලා කීපයක් තෝරගෙන contract sign කරන එක වෙනවා.

manga-audition. com එකෙන් එහෙමත් තරඟයක් තියෙනවා මේවගෙන් හැලෙන අයට එහෙම .  එච්චරම direct නොවුණත් මේ වගෙ audience score කරලා ආපහු attention එක ගන්න පුලුවන් ඕනිනම් . 

One Shot එක තේරුණාට පස්සෙ ලියන මන්ගකාට ඒකෙ reviews A-Z සලකා බලන්න වෙනවා . ඒ වගේම publishers ලගෙ අදහසුත්. Character genders එහෙම පවා වෙනස් කරන්න වෙනවා . සමහරවිට ඊටත් වඩා වෙනස් කරන්න දේවල් සෙට් වෙන්න පුලුවන් . ඒක කරනවද නැද්ද කියන එක මත එයගෙ මන්ගා එකේ අනාගතය තීරණය වෙනවා . ඉතින් මේ එක්කම සාමාන්‍යයෙන් මන්ගා එකේ Initial chapters ටික එහෙම දෙන්න වෙනවා. ඒවත් බලල තමා publishers ලගෙ අදහස කියන්නෙ. contract එක ඒකේ conditions එහෙම බලලා sign කරන එක ඊළඟට වෙන්නෙ. ඔන්න දැන් ඉඳන් මන්ගා එක පබ්ලිශ් වෙන්න ඕනි.

ඊළඟට 


publish වෙනකොට සහ ඒකෙන් පස්සෙ පවත්වාගන්න ඕනි දේවල් 


Publish වුනාට පස්සෙ ඉතින් 100% creative control එක හම්බවෙන්නෙ නම් නෑ. ඕනි ජගතෙක් වුණත් මුලදි beginner විදියට ඔලුව පාත් කරන් publishers ලගෙ මතය අහන්න වෙනවා . කොටින්ම මෙච්චර ඩයල් එකක් වුණ Toriya Sensei ටත් එක එක කේස් දාගන්න වුණා මේවට. වෙන මොන කතාද ?  

ඉතින් සාමාන්‍යයෙන් මුල් කාලයේ මන්ගා එක සතිපතා පළකිරීම අනිවාර්යයෙන්ම වෙන්න ඕනි . Break ගන්න බෑ . Break ගන්න එක සාමාන්‍යයෙන් තැන හදාගත්ත මන්ගකාලට ලැබෙන Privilege එකක් . Takehiko එහෙම පේනවනේ ? HxH ලියන ඩයල් එක එහෙම.

Beginners ල මුලදිම break ගන්න ගියොත් break ම තමා පුතේ . සාමාන්‍යයෙන් first arc එකක් ඉවරවෙනකන්වත් මේක මෙහෙමයි. 


ඒ අතර Magazine වල user ratings අනුව chart කරන එකක් වෙනවා . මේකෙ පස්සට ගියොත් වැඩේ හුටස් .  සති දෙක තුනක් පිට පිට චාට් එකේ යට හිටියොත් කැන්සල් වෙනවා ඒක නිකන්ම . අච්චර කට්ටක් කෑවා කියලා සලකා බැලිලි නෑ. 

ඉතින් මුල් කාලෙ ඕනි මන්ගකා කෙනෙක්ගෙ අමරුම කාලෙ. ඊට පස්සෙ ෆෑන් බේස් එක grow වෙනවත් එක්කම ඕක හරි . Devoted fan base එකක් හැදෙනකම් අර වගේ කාගෙන එයාලව පිනවන්න වෙනවා . ඒක තමා මේකෙ අඳුරු පැතිකඩ . සාර්ථකත්වය අනුව ඉතින් Publishers ලගෙන් Staff එකක් ලැබෙන එක ඒකෙ ප්‍රමාණය එහෙම තීරණය වෙනවා . 



ඉතින් ඔන්න ඔහොමයි මන්ගා එකක් හදන හැටි, ප්‍රකාශයට පත් කරන එක වෙන හැටි සහ ඉන් අනතුරුව ඒක maintain කරන එක එහෙම වෙන්නෙ . අඩුපාඩු ඇති. ගොඩක්ම කතා කරේ අතෙන් අඳින් process එක ගැන.

Digital methods නම් මීට වඩා ලේසි සහ අවශ්‍ය adjustments කරගන්න කියවන ඔයාලට පුලුවන් කියලා හිතනවා. ඒ වගේම මේකෙ මන්ගා එක ලියන අඳින විදිය එක එක්කෙනාට වෙනස් වෙන්න පුලුවන් හොඳේ. ඒක සාමාන්‍ය දෙයක්  

ඔයාලගෙ අදහසුත් Comment කරගෙන යන්න  

මන්ගා එහෙම අලුතෙන් පටන් ගන්නෙ කොහොමද කියල අපෙන් අහපු අයට මේක උදව්වක් වෙන්නැති කියල හිතෙනව  

එහෙනං තවත් ලිපියකින් හමුවෙනකන් මම ගිහින් එන්නන්  

ara ara Soyonara 👋 

Comments