Ya Boy Kongming! - Recommendation
මේ ඇනිමේ එක ගැන නම් මේ Season එකේ පුන පුනා අපි කියලා ඇති නේ. මේ ඇනිමේ එකේ නම තමා Ya Boy Kongming නැතහොත් ජපන් භාෂාවෙන් කිව්වොතින් Paripi Koumei(パリピ孔明). Rating (MAL) : 8.36 Episodes No. : 12 Genres : Comedy, Musical ඉතින් මේ ඇනිමේ එකේ විශේෂත්වය මොකද්ද ? ඇයි මේ ඇනිමේ එක මේ Season එකේ හුගක් කැපිලා පෙනුනේ ? ඒ ප්‍රශ්නවලට හේතු තමා මේ Post එකේ කතා වෙන්නේ. මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නේ Zhuge Liang නැතහොත් Kongming නම් සැබෑ ලෝකයේ සිටි චීන ඓතිහාසික චරිතයකි. Kongming ගැන ඔය කට්ටිය වැඩිදුර දැනගන්න කැමති නම් අපි ඉස්සෙල්ලා ලිව්ව කොන්ග්මින් ගැන Article or Blog Post එක කියවන්න. දේවත්වයෙන් අදහන චීන පුරාවෘත්තය - "කොන්ග්මින්ග්" ලිපියට මෙතනින් පිවිසෙන්න ඉතින් Ya Boy Kongming එකේ කතාව සරලව කිව්වොතින් තියෙන්නේ මේ Kongming කියන චීන ඓතිහාසික චරිතය ඔහුගේ මරණයෙන් පසුව වර්තමාන කාලේ ටෝකියෝහි ෂිබුයාහි නැවත ඔහුගේ පුනරුත්පත්තිය ලබනවා. ඔහු එසේ පුනරුත්පත්තියක් ලබන්නේ ඇයි කියා ඇසුවොතින් ඊට හේතුව ඔහු ක්‍රි.ව.234දී අභාවප්‍රාප්ත වෙද්දි ඔහු ප්‍රාර්ථනා කරා ආයෙත් ඉපදෙනවා නම් යුද්ධයක් නැති ලෝකයක ආයේ ඉපදෙන්...