උතුරු කොරියානු ඇනිමේ බිල්ලන් !



උතුරු කොරියාව .....

උතුරු කොරියාව කිව්වාම මොකද්ද මතක් වෙන්නේ ?

★කිම්-ජොන්ග්-උන්
★න්‍යෂ්ටික අවි
★ගාල් කඳවුරු
★මිලිටරිකරණය වු සමාජයක්
★සරලම මානව අයිතින්වත් නැති රටක්

ඔව් ඔව්. හුගක් අයට උතුරු කොරියාව කිව්වාම ඒ වගේ දේවල් තමා මතක් වෙන්නේ. මට වුනත් ඒ දේවල් තමා පළවෙනියටම ඔළුවට එන්නේ "උතුරු කොරියාව" කියන වචනය ඇහුනාම .

උතුරු කොරියාව සරලව කිව්වොතින් ලෝකයෙන් හුගක් කොන් වෙච්ච රටක්. ඒ ඔක්කොටම හේතුව ඒ රට පාලනය කරන කිම් පවුල නිසා. චීනය සහ රුසියාව යන රටවල් සහ ඔවුන්ට 100%ක්ම පක්ෂපාති වන රටවල් ටික හැරෙන්න උතුරු කොරියාව ලෝකයේ අනෙක් සියළුම රටවල් සමග තියෙන විදෙස් සබදතා ඇත්තේ ඉතාමත් සෘණාත්මකවය.

ඒවා කොච්චර සෘණාත්මකද කිව්වොතින් ලංකා ඉතිහාසයේම විදෙස් සබදතා හුගක් සෘණාත්මක වීම හේතුවෙන් වසා දැමු එකම තානාපති කාර්යාලය වන්නේද ශ්‍රි ලංකා-උතුරු කොරියානු තානාපති කාර්යාලයයි

සටහන:
 එම තානාපති කාර්යාලය වසාදැමීමට හේතුව යැයි සලකන්නේ ශ්‍රි ලංකාවේ 1970 සහ 1980 දශකවල සිදු වුනු ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද කෝලාහලවලට උතුරු කොරියාව ජනතා විමුක්ති පෙරමුණට ආධාර දුන්නා කියලා ඔත්තු ටිකක් ආපු නිසාලු. උතුරු කොරියාව එසේ ජනතා විමුක්ති පෙරමුණට ආධාර කරාද කියන එක තාමත් 100%ක්ම සහතික කරන්න බෑ. ඒත් ඒ නිසා තමා ඉතින් ශ්‍රි ලංකා-උතුරු කොරියානු තානාපති කාර්යාලය වසා දැමුවේ.

ඉතින් ශ්‍රි ලංකාව වගේ අවුරුදු 70කට වඩා පිස්සු විකාර නටන ආණ්ඩුවක් තියෙන සහ නොබැදි ජාතින්ගේ සංවිධානයේ ප්‍රමුඛ සමාජිකත්වයක් තියෙන රටක් උතුරු කොරියාව සමග මේ වගේ විදෙස් සබදතා තියෙනවා නම් හිතාගන්නකෝ ඇමරිකාව, ජපානය සහ දකුණු කොරියාව වගේ රටවල් එක්ක ඒ අය තියෙන විදෙස් සබදතා.

ඒ මදිවට ඒ රටේ මිනිස්සුන්ගෙන් බහුතරයකටම හරියට කන්න දේකුත් නෑ බොන්න දේකුත් නෑ. ඒ මිනිස්සු උතුරු කොරියාවෙන් එළියට තියෙන ලෝකය කොයි වගේද කියලාත් දන්නෙත් නෑ. ඒ මුළු රටම සම්පුර්ණයෙන්ම හිර ගෙයක් වගේ. එහේ පුරවැසිභාවය තියෙන කාටවත් රටෙන් එළියට යන්න දෙන්නෑ. එහේ ජිවත් වෙනවා නම් හොදට ජිවත් වෙන්න පුළුවන් එකම විදිය තමා ඔයා ඒ රටේ කිම් පවුලට හා සමීප වුනොත් විතරයි. නැත්නම් ඉතින් එහේ ජිවිතය කියන්නේ සම්පුර්ණ අපායක්.  කිම් පවුල සම්පුර්ණයෙන්ම ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ ධනය හා ශ්‍රමය සුරා කනවා විතරක්ම නෙවෙයි ඒත් එක්කම ඒ මිනිස්සුන්ගේ මනස්වුත් විකෘති කරනවා "උතුරු කොරියාව තමා බලවත්ම සහ අංග සම්පුර්ණම රට" කියලා පෙන්නන්න. ඒකට ඉතින් ඒ අය විවිධාකාර ක්‍රම පාවිච්චි කරනවා. ඉන් එක් ක්‍රමයක් තමා ඒ අය ඒ අයගේම ඇනිමේ හදලා ඒවා පොඩි අයට පෙන්වීමෙන්.

හෝ හෝ පොඩ්ඩක් ඉන්න.....උතුරු කොරියාව......ඇනිමේ හදනවා?!?

 මේවාලට ඇනිමේ කියලා කිව්වාට අපි බලන Enjoyable සහ Cool ඇනිමේ නෙවෙයි මේවා . මේ ඇනිමේ සම්පුර්ණයෙන්ම ඒ අය පාවිච්චි කරලා තියෙන්නේ ඒ අයගේ දේශපාලන න්‍යාය පත්‍රය උතුරු කොරියාවේ පොඩි පෙර පාසල් හා පාසල් ළමයින්ට පැතිරිවීමට උදෙසා.



ඒ වගේ ඇනිමේ උතුරු කොරියාව විසින් 300කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ නිෂ්පාදන ඔක්කොම කරේ උතුරු කොරියාවේ ප්‍රධානතම සහ එකම Anime Studio එක වන SEK Studio නැතහොත් Korean April 26 Animation Studio. ඇයි ඒ අය "April 26" කියලා දවසක් ඒ අයගේ Anime Studio එකේ නමට දැම්මේ කියලා ඇහුවොතින් එය උතුරු කොරියානු හමුදාවේ ආරම්භක දිනය වන නිසා එම දිනයම පාවිච්චි කරලා ඔවුන්ගේ Anime Studio එකේ නම දාගන්නැයි උතුරු කොරියානු ආණ්ඩුව බල කරපු නිසා 😒😒.

ඊට කලින් ඒ Anime Studio එකේ තිබු නම් වන්නේ ,

  • Chosun National Film Studio - Puppet Animation Film Research Institute (1957-1959)
  • Chosun National Film Studio - Animation Film Studio (1959-1960)
  • Chosun National Film Studio - Animation Film Production (1960-1964)
  • Chosun Children's Film Studio (1964~1971)
  • Chosun Science Education Film Studio - Animation Film Production Team (1971-1980)
  • Chosun Science Education Film Studio - Children's Film Production Team (1980-1996)
  • Chosun 4.26 Children's Film Studio (1996~2013)

යනාදි නම්වලින්ය. 

මෙම Anime Studio එකට අඩිතාලම වැටුනේ 1948දී කොරියානු යුද්ධයත් පටන් ගැනිමටත් පෙර (ඒ කියන්නේ කොරියාව, උතුරු කොරියාව සහ දකුණු කොරියාව ලෙස බෙදිමටත් කලින්). මෙම Anime Studio එක වර්තමාන උතුරු කොරියාවේ මධ්‍යම දිස්ත්‍රික්කයේ Othan-Dong ප්‍රදේශයේ සොයාගත් අතර මෙම Anime Studio එක අපි නුතන කාලේ බලන ජපන් ඇනිමේවලට පවාද අඩිතාලම දුන්නා. කරුමේකට ඉතින් මේ Anime Studio එක උතුරු කොරියාව හා දකුණු කොරියාව වෙන් වෙද්දිම උතුරු කොරියාව පැත්තේ තිබුණ නිසා මේ Anime Studio එක පාවිච්චි කරලා තමා දැන් උතුරු කොරියාවේ පොඩි අයගේ ළමා මනස් විකෘති කරන්නේ .


උතුරු කොරියාව ඉන් පිට ලෝකයෙන් හුගක් කොන් වෙච්ච රටක් වුනත් මේ SEK Anime Studio එක International Collaborationsවුත් කරනවා. එම International Collaborations ඇමරිකාව, දකුණු කොරියාව සහ ජපානය වැනි රටවල් එක්කත් කරනවා. මෙම Anime Studio එකේ දැනට සේවකයෝ 1500කට වඩා ඇති අතර එය ලෝකයේ විශාලතම Anime Studioවලින් එකක්ද වෙනවා. (හැබැයි ඉතින් මේ "1500" ගණන උතුරු කොරියානු ආණ්ඩුව විසින් ප්‍රකාශ කරපු ගණනක්. ඒක නිසා 100%ක්ම Sure නෑ මේ Anime Studio එක සත්‍ය වශයෙන්ම ලෝකයේ විශාලතම Anime Studioවලින් එකක්ද කියලා කියන්න )

ඉතින් මේ Post එකෙන් දෙන පණිවිඩය මොකද්ද? 
"අපි ශ්‍රි ලංකාවේ ඉපදුන එක හොදයි. මේක උතුරු කොරියාව වගේ නෙවෙයි" කියලාද? 
නෑ. දැනට ශ්‍රි ලංකාව උතුරු කොරියාවට වඩා නම් හොදයි. ඔව් ඒ කතාව ඇත්ත. 

ඒත් අපේ රටේ දැන් තියෙන තත්ත්වය අනුව මේ රටත් සමහර විට උතුරු කොරියාවක් වීමේ සම්භාවිතාවක් නම් තියෙනවා කියන එකත් ඔළුවේ තියාගන්න. ඒ නිසා අපේ රටත් මෙවැනි රටක් වීමෙන් වළක්වමු . ශ්‍රි ලංකා මාතාවට ජය වේවා.....



Comments

  1. නියමයි 👍 දිගටම වැඩේ කරන් යන්න..all the best ..❤️‍🔥

    ReplyDelete

Post a Comment

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬