දේවත්වයෙන් අදහන චීන පුරාවෘත්තය - "කොන්ග්මින්"



හයි ගයිස්,
 මෙතැන Ya Boy Kongmin ඇනිමේ එක බලන සෙට් එකක් ඉන්නවා නේ. එන්න ඒ කට්ටිය වෙනුවෙන් තමා මේ ලිපිය ලියලා තියෙන්නේ.

මේ ලිපියේ අපි කතා කරන්නේ Zhuge Liang නැතහොත් Kongming ගැනයි. Ya Boy Kongming එක බලද්දි ඔය කට්ටියට සමහර විට EIKOට වගේ Confused Unga Bunga වෙනවා ඇති මොනොවද මේ Kongming මිනිහායි අර Club-Owner කාරයායි දොඩවන්නේ කියලා. ඒක නිසා පොඩ්ඩක් Terminology ටිකක් Explain කරලා Kongming ගැන විස්තර කරන්නම්.

මුලින්ම මොකද්ද Three Kingdoms කියලා හැමතිස්සේම Ya Boy Kongming Characters හැම කෙනාම දොඩවන්නේ කියලා බලමු. Three Kingdoms නැත්නම් Three Kingdoms Era එක කියන්නේ චීනයේ පැවති එක්තරා යුගයක්. නිකන් අපේ ලංකා ඉතිහාසයේ අපේ රට රුහුණු, මායා, පිහිටි වගේ රටවල් තුනකට වෙන් වෙලා තිබ්බා වගේම චීනයත් ක්‍රි.ව.220-ක්‍රි.ව.280 දක්වා ෂු-හාන්(Shu Han) , සාඕ-වෙයි(Cao Wei) සහ ඩොන්ග්-වු(Dong Wu) නැතහොත් සන්-වු(Sun Wu) නමින් රාජධානි තුනකට වෙන් වෙලා තිබ්බා.

Three Kingdoms of China

ෂු-හාන් රාජ්‍යය Liu Bei සහ Liu Shan විසින්ද පාලනය කළ අතර සාඕ-වෙයි රාජ්‍යය පාලනය කරේ සාඕ-සාඕ(Cao Cao) ගේ පරපුරයි. (සාඕ-සාඕ යනු චීනය රාජධානි තුනකට බෙදෙන්න පෙර තිබු හන් අධිරාජ්‍යයේ රජතුමාය) 
King Cao Cao

ඩොන්ග්-වු නැතහොත් සන්-වු රාජ්‍යය පාලනය කරේ සන්-ජියාන්ගේ සහ හන් අධිරාජ්‍යයේ අන්තිම අධිරැජිණ වන වු(Wu) ගේ පරපුරයි.

දැන් කට්ටියට Confused ඇති ඇයි මේ අධිරැජිණ වෙන මිනිහෙක් එක්කයි අධිරාජ්‍යයා වෙනස්ම පැත්තකයි හිටියේ කියලා. ඒක ගැන විස්තර කරන්න නම් මුළු චීන ඉතිහාසයම ගැන කතා කරන්න වෙන නිසා අපි මෙතැන ඒක ගැන කතා නොකර ඉමු හේතුව ඒක වෙනම මාතෘකාවක් නිසා. ඔය කට්ටියට එක ගැන තව දැනගන්න ඕනේ නම් YouTube Links ටිකක් දාන්නම් Oversimplified YouTube Channel එක විසින් හදපු Short History Videos.


එහෙනම් Three Kingdoms Era එක ගැන මුලික දැනුමක් ගත්ත නිසා අපි කතා කරමු අපේ Kongming කොල්ලා ගැන. (හරි නම් මෙයාට 'කොල්ලා' කියලා කියන්න හොද නෑ හේතුව චීනයේ මිනිස්සු Kongmingට දෙවියෙක් සේ සලකන නිසා. ඒ නිසා චීන කෙනෙක් ඉන්න තැන මේ Ya Boy Kongming ඇනිමේ එක ගැන ලොකුවට කතා කරන්න යන්න එපා. ඒකට හේතුව මේ ලිපියේ අන්තිමේට කියන්නම්)

Zhuge Liang a.k.a. Kongming

Kongming නැතහොත් Zhuge Liang ඉපදුනේ ක්‍රි.ව.181දි හන් අධිරාජ්‍යයේ යැන්ග්-ඩු ප්‍රාන්තයේය. කුඩා කලම Kongmingට ඔහුගේ පියා වන Zhuge Gui නැති වුන නිසා ඔහුව හදා වඩාගත්තේ ඔහුගේ පියාගේ නෑයා වන Zhuge Xuan විසින්ය. ක්‍රි.ව.195දි යැන්ග්-ඩු ප්‍රාන්තයෙන් Zhuge Xuanව පලවා හරින නිසා Kongmingවුත් ඔහු සමගම ජින් පළාතට යනවා. එතැනදි තමා Kongmingට ඔහුගේ පළමු ස්වාමින් වන Liu Beiව හම්බෙන්නේ. ඒ සමගම ඔහුට Sima Hui, Pang Degong සහ Huang Chengyan වැනි චීන ඉතිහාසයේ වැදගත් චරිත කිහිප දෙනෙකුත් හම්බෙනවා. එයින් Huang Chengyan කියන කෙනා තමා Kongmingට එයාගේ අනාගත බිරිදව හදුන්වලා දෙන්නේ.
Huang Chengyan

Ya Boy Kongming ඇනිමේ එක බලද්දි ඔය කට්ටියට Note වුනා ඇති Kongming පිහාටුවලින් හදපු පවනක් අල්ලන් ඉන්නවා. ඔය කට්ටිය දන්නවාද ඇයි එයා ඒක හැමතිස්සේම අල්ලන් ඉන්නේ කියලා. ඒකට හේතුව තමා ඒ පවන එයාගේ බිරිදගෙන් හම්බුන තෑග්ගක් නිසා. එයාගේ බිරිද වන්නේ Huang Chengyanගේම දියණියයි. Huang Chengyanගේ දියණිය Kongming වගේම හුගක් බුද්ධිමත් කෙනෙක් වුනත් Huang Chengyan වුනත් ඔහුගේ දියණියව හැදින්වුයේ ඉතා අවලස්සන සහ අප්‍රිය කාන්තාවක් ලෙසයි. එහෙත් Kongming, Huang Chengyanගේ දියණියත් සමග විවාහ වෙනවා හේතුව Kongmingගේ මතය වුයේ කෙනෙකුගේ පිටත පෙනුමට වඩා ඇතුළත් පෙනුම හුගක් වැදගත් බව.

Kongming

තව කියන්න දෙයක් තමා චීන මුලාශ්‍රවලට අනුව Kongmingගේ බිරිදට තිබ්බේ කහපාට කොණ්ඩයක්ලු. Ya Boy Kongming ඇනිමේ එකේ වුනත් EIKOට ඒ නිසාද දන්නෑ කහපාට කොණ්ඩයක් දෙන්න Ya Boy Kongmingහි Author වන Yuto Yotsuba සහ එහි Illustrator වන Ryo Ogawa තිරණය කරේ.

ඉතින් ඒ තමා Kongmingගේ ජිවිත කතාව සරලව. දැන් බලමු එයා කරපු මෙහෙවර කොයි වගේද කියලා. Ya Boy Kongming ඇනිමේ එකේ කියනවා වගේම Kongming කියන්නේ සත්‍ය ලෝකයේ වුනත් වැඩ්ඩෙක්. ඔහු 36 Strategems සහ Mastering the Art of War වැනි ග්‍රන්ථද ලේඛනය කළ අතර මිනිස්සු ඔහුව සැසදුවේ ක්‍රිස්තු පුර්ව කාලේ චීනයේ සිටි ප්‍රසිද්ධ හමුදාපති සහ Art of Warහි කර්තෘ වන Sun Tzuටය. Kongming, Stone Sentinel Maze නම් ඓතිහාසික නටබුන්හි නිර්මාණකරුවා වන අතර ඉතිහාසඥයෝ ඔහුව Repeating Crossbow සහ Hot-Air Balloon (Kongming Lantern)හි සත්‍යම නිර්මාණකරුවා ලෙසත් හදුන්වනවා.
36 Strategems

Mastering the Art of War

ක්‍රි.ව.234දි වුෂාන්ග් තැනිතලාවලදි Kongmingට හදිසියේම රෝගයක් වැළදි මිය යන නිසා ෂු-හාන්හි වැසියන් සියළු දෙනාම ඒ ගැන දුක් වෙනවා. එසේ Kongming හදිසියේ මිය යාම ෂු-හාන්හි බිදවැටිමට ලොකු හේතුවක් වුන බවත් ඉතිහාසඥයෝ මත පළ කරනවා. Kongmingට එසේ විශාල ගෞරවයක් තිබ්බ නිසා වර්තමාන චීනයේද වුනත් ඔහුට දේවත්වයෙන් සලකනවා. චින වැසියන් Kongmingට කොච්චර ගරු කරනවාද කිව්වොතින් ඔහු වෙනුවෙන් පන්සල් පවාද චීන වැසියන් සාදා තියෙනවා.


ඉතින් මෙතැන තමා චීන අයට Ya Boy Kongming ඇනිමේ එක ගැන හුගක් Offend වෙන්නේ. හේතුව ඒ මිනිස්සු දේවත්වයෙන් වගේ සලකන ඓතිහාසික චරිතයක් එසේ නිරුපණය කරන එක Kongmingට අගෞරවයක් ලෙස තමා ඒ අය හිතන්නේ. 
(සටහන:- සැම චීන කෙනෙක්ම Kongmingට දේවත්වයෙන් සලකන් නෑ ඒත් එසේ සලකන පිරිසකුත් ඉන්නවා යැයි සලකන්න. නිකන් අපේ රටේ රාවණා පිස්සෝ වගේ තමා චීනයෙත් ඒ වගේ එවුනුත් ඉන්නවා)

ඉතින් ඒ තමා Kongming ගැන මම ඔය කටිට්යට ගෙනාපු සරල විස්තරාත්මක ලිපිය. එහෙනම් Sayonara Folks.

Rise Up Baby Phoenix


Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬