Elden Ring Lore: General Radahn, Conqueror of the Stars.



"𝐶ℎ𝑎𝑚𝑝𝑖𝑜𝑛𝑠, 𝑤𝑒𝑙𝑐𝑜𝑚𝑒! 𝑇ℎ𝑒 𝑠𝑡𝑎𝑟𝑠 ℎ𝑎𝑣𝑒 𝑎𝑙𝑖𝑔𝑛𝑒𝑑! 𝑇ℎ𝑒 𝑓𝑒𝑠𝑡𝑖𝑣𝑎𝑙 𝑖𝑠 𝑛𝑖𝑔ℎ! 𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝑅𝑎𝑑𝑎ℎ𝑛, 𝑚𝑖𝑔ℎ𝑡𝑖𝑒𝑠𝑡 𝑑𝑒𝑚𝑖𝑔𝑜𝑑 𝑜𝑓 𝑡ℎ𝑒 𝑆ℎ𝑎𝑡𝑡𝑒𝑟𝑖𝑛𝑔, 𝑎𝑤𝑎𝑖𝑡𝑠 𝑦𝑜𝑢! 𝐴 𝑐𝑒𝑙𝑒𝑏𝑟𝑎𝑡𝑖𝑜𝑛 𝑜𝑓 𝑤𝑎𝑟! 𝑇ℎ𝑒 𝑅𝑎𝑑𝑎ℎ𝑛 𝐹𝑒𝑠𝑡𝑖𝑣𝑎𝑙!"


Radahn පොඩි කාලේ Alabaster Lord කෙනෙක්ගෙන් Gravity Magic ඉගෙන ගෙන තියෙනවා 

Alabaster Lord කෙනෙක් කියන්නේ "ගල්වලින්" හැදුනු හම තියන ජීවියෙක්. මේගොල්ලෝ Gravity Magic masters ලා.

මේ magic ඉගෙන ගන්න හේතුවක් තමයි Radahn ගෙ අශ්වයා Leonard. Leonard කියන්නේ පොඩි අශ්වයෙක්. එයා සෑහෙන දුර්වලයි. එත් Radahn, Leonard ට ගොඩක් ආදරෙයි. ඒ උනත් Radahn අසාමාන්‍ය විශාල කෙනෙක්. මෙයා අඩි 38ක් විතර උසයි. මෙච්චර ලොකු කෙනෙක්ව Leonard වගේ දුර්වල අශ්වයෙක්ට දරාගන්න බෑ. ඉතින් Radahn Gravity Magicවලින් තමන්ගෙ බර ගොඩක් අඩු කරගෙන Leonardව තමන් ලගින්ම තියාගන්න සමත් වෙනවා. මේ කතාවෙන් හැමෝටම තේරෙනවා ඇති Radahn කොච්චර හොද කෙනෙක්ද කියලා. 

Radahn

මෙහෙම Gravity Magic master කරපු Radahn, තරු වලට අභියෝග කරනවා. මෙයා අහසේ තරු අල්ලගන්නවා. මේක තමයි මෙයාට "Starscourge" කියන්න හේතුව. අපිට Radahn ගේ boss fight එකෙන් බලාගන්න පුළුවන් එයා ඇත්තටම තරුවලට වඩා බලවත් කියන එක. එයාගේ health 50% වලට අඩු කරාට පස්සෙ එයා ඇත්තම තරුවක් වගේ වෙලා අහසේ ඉදන් boss arena එකට එනවා rocket එකක් වගේ. මේ attack එක මාර භයානකයි. ගොඩක් වෙලාවට එක පාරින් Tarnishedව මරන්න පුළුවන් ඒකෙන්.

මේ boss fight එකට තව characters ලා 7 දෙනෙක් ඔයාගේ පැත්තට ගන්න පුළුවන්. ඒත් ඒගොල්ලෝ ඔක්කොවම Radahn ඉක්මනට මරලා දානවා. මේක boss fight එකකට වඩා යුද්ධයක් වගේ. 


මේ fight එකෙන් Radahn ව මරන එක ඇත්තටම එයාට කරන උදව්වක්. ඒ, මෙයා Malenia එක්ක කරපු සටනෙන් පස්සේ එයාගේ මනස විනාස වෙලා තියෙන හින්දා. Radahn ඉන්නේ උමතුවෙන්. ඒ උනාට, මේ fight එකෙත් Radahn ඉන්නේ Leonard එක්ක. කොච්චර උමතු උනත්, Radahn එයාගේ අශ්වයට තියන ආදරේ එහෙමම තියනවා.

Lord Radagon

Radahn ගේ තාත්තා තමයි Lord Radagon. Radahn ගෙ කොන්ඩේ, Radagon ගෙ වගේම රතු පාට දිග කොණ්ඩයක්. ඒ උනත්, Radahn තමන්ගේ තාත්තට වඩා Lord Godfrey ව අගය කෙරුවා. 

"I was born a champion's cub. Now I am the Lord of the Battlefield's lion."

මේ quote එකේ champion තමයි Radagon. Lord of the Battlefield තමයි Godfrey.

Godfrey

Radahn ගෙ අම්මා තමයි Queen Rennala. Rennala කියන්නේ Raya Lucaria Academy එකේ ප්‍රධානියා. එයා තරු ගැන ගොඩක් අධ්‍යනය කරපු කෙනෙක්. ඉතින් Radahnට එයාගෙ අම්මා නිසා තරු ගැන interest එකක් ඇතිවුණා වෙන්න පුළුවන්.


Godfrey ගැන අපි පළකරපු ලිපිය කියවන්න මෙතනින් පිවිසෙන්න

Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬