FIST OF THE NORTH STAR - Recommendation





හායියා ප්‍රේන්ස් ...ඔන්න ඉතින් මම හෙන කාලේකට පස්සේ අරන් ආවා පෝස්ට් එකක්.

මම අද කතා කරන්න යන්නේ අපි ගොඩක් එය දැකලා තියෙන...ඒත් බොහෝ විට නොදැන හිටපු Anime එකක් ගැන. ඒ තමයි Fist Of the North Star නැත්නම් Hokuto No Ken ගැන.

නම නම් ගොඩක් අයට පුරුදු නැතුව ඇති...හැබැයි මේ anime එකේ එක විශේෂත්වයක් තියෙනවා අපි ඔක්කොම දාන්න...

ඒ තමයි "Omae Wa Mo Shindeiru... 😳"

Quote එක.

ඔව්...Anime fans ල අතර වගේම මුළු ඉන්ටර්නෙට් එකේ හැමෝම දන්න ඒ ලෝකප්‍රසිද්ධ meme එකේ birthplace එක වුණේ Tetsuo Hara අතින් ලියවුණු ඒ Manga එකෙනුයි. මේ franchise එක කොච්චර successful ද කිව්වොත් 2018 වෙද්දී Fist of the North Star anime එකට මිලියන 100 කට වඩා copies විකිනුන manga අතර එකක් බවට පත් වෙන්න පුළුවන් වුණා.

කතාව ගැන පොඩ්ඩක් කියලත් ඉමුකෝ. 

Fist of the North Star වලට අනුව 1990 ගණන් වලදී ලෝකේ රටවල් අතර ඇතිවුණු ලොකු මත බේදාත්මක තත්ත්වයක් නිසා එක ඒක රටවල් වල උද්ගත වුණු අපරාධ, උද්ධමනය නිසා හෙම්බත් වෙලා හිටපු ඒ රටවල රජයන් එකට එකතු වෙලා ගත්තේ එක තීරණයක්. ඒ තමයි න්‍යශ්ටික යුද්දයක්. මේක නිසා ලෝකේ හිටපු හම රටක්ම දාම ප්‍රතික්‍රියාවක් වගේ න්‍යශ්ටික බෝම්බ ප්‍රහාර එල්ල කරා..මේක නිසා ලෝකේ තිබ්බ පරිසර පද්ධති, සතුන්, නගර වගේම ලෝකේ ජනගහනයෙන් 80% ඒ වෙලේම නැතිවෙලා යනවා...අන්තිමට පෘථිවිය කාන්තරික මුඩු බිමක් බවට පත්වෙනවා.


යුද්දයෙන් පස්සේ ඉතුරු වුණ මිනිස්සු කිහිපය අවසානයේදී ඉතුරු වෙලා තියෙන අන්තිම ආහාර, විෂ නොවුණු වතුර වල බලය ලබාගන්න  මරා ගන්න තත්වයකට පත්වෙනවා. අන්තිමට මිනිස් සංහතිය තිරිසන් ගතියක් වෙන බලවතා දුබලයා ගොදුරක් කරගන්න ගානට එනවා.


කතාවේ main protaganist වෙන Kenshiro කියන්නේ ඒ මහා විනාශයෙන් පස්සේ ඉතුරු වුණ ඒ මිනිස්සු කිහිප දෙනාගෙන් එක්කෙනෙක්. එය තමන්ගේ ජීවිතය සාමකාමීව ගත කරන්න උත්සාහ කරත් එහෙම කරන්න ඉඩ නොදුන් එක ඉරිසියාකර සටන් ශිල්පියෙක් නිසා, තමන් යුද්දෙන් බැට කමින් හිටපු ඒ දුබල අහිංසක මිනිස්සුන්ගේ අසරණබව භාවිතා කරමින් අසාධාරණ විදියට බලය ලබන් හිටපු හතුරු Marital Artists ලාගෙන් සමන්විත වුණු organizations පරාධ කරගෙන ගැලවුම්කරු වෙක් විදියට වැඩ කරන්න ගන්නවා.

එයාගේ signature martial art එක වෙන Hokuto Shinken කියන්නේ අවුරුදු 2000 කට වඩා පරණ technique එකක්. එක පාවිච්චි කරලා එයට පුළුවන් කෙනෙක් ගේ ඇඟේ තියෙන දුර්වල තැන් වලට බලය යොමු කරලා ඒ කෙනාව ඇඟ ඇතුලින් පුපුරවලා මරලා දාන්න. එයා ඒ technique එක පාවිච්චි කරලා තමන්ගේ හතුරන්ව බීතියට පත් කරන්නේ එයාගේ ලෝකප්‍රසිද්ධ catchphrase එක වන..

"OMAE WA MO SHINDEIRU."


"English Translation :- You're already Dead💀" 

එකෙන්.

Fist of the north star anime එකේ episodes ආසන්නව 160 ක් තියෙනවා. කතාව මුලින් aire වුණේ 1983 වුණාට බලද්දී පට්ටම nostalgic feeling එකක් ආපු anime එකක්. ඔක්කෝටම මම මේක 100% recommend කරනවා.

එහෙනම් කොල්ලො අපි ගියා...

Fist of the North Star - MAL පිටුවට මෙතනින් පිවිසෙන්න




Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬