Elden Ring Lore: General Radahn, Conqueror of the Stars.
"𝐶ℎ𝑎𝑚𝑝𝑖𝑜𝑛𝑠, 𝑤𝑒𝑙𝑐𝑜𝑚𝑒! 𝑇ℎ𝑒 𝑠𝑡𝑎𝑟𝑠 ℎ𝑎𝑣𝑒 𝑎𝑙𝑖𝑔𝑛𝑒𝑑! 𝑇ℎ𝑒 𝑓𝑒𝑠𝑡𝑖𝑣𝑎𝑙 𝑖𝑠 𝑛𝑖𝑔ℎ! 𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝑅𝑎𝑑𝑎ℎ𝑛, 𝑚𝑖𝑔ℎ𝑡𝑖𝑒𝑠𝑡 𝑑𝑒𝑚𝑖𝑔𝑜𝑑 𝑜𝑓 𝑡ℎ𝑒 𝑆ℎ𝑎𝑡𝑡𝑒𝑟𝑖𝑛𝑔, 𝑎𝑤𝑎𝑖𝑡𝑠 𝑦𝑜𝑢! 𝐴 𝑐𝑒𝑙𝑒𝑏𝑟𝑎𝑡𝑖𝑜𝑛 𝑜𝑓 𝑤𝑎𝑟! 𝑇ℎ𝑒 𝑅𝑎𝑑𝑎ℎ𝑛 𝐹𝑒𝑠𝑡𝑖𝑣𝑎𝑙!" Radahn පොඩි කාලේ Alabaster Lord කෙනෙක්ගෙන් Gravity Magic ඉගෙන ගෙන තියෙනවා Alabaster Lord කෙනෙක් කියන්නේ "ගල්වලින්" හැදුනු හම තියන ජීවියෙක්. මේගොල්ලෝ Gravity Magic masters ලා. මේ magic ඉගෙන ගන්න හේතුවක් තමයි Radahn ගෙ අශ්වයා Leonard. Leonard කියන්නේ පොඩි අශ්වයෙක්. එයා සෑහෙන දුර්වලයි. එත් Radahn, Leonard ට ගොඩක් ආදරෙයි. ඒ උනත් Radahn අසාමාන්‍ය විශාල කෙනෙක්. මෙයා අඩි 38ක් විතර උසයි. මෙච්චර ලොකු කෙනෙක්ව Leonard වගේ දුර්වල අශ්වයෙක්ට දරාගන්න බෑ. ඉතින් Radahn Gravity Magicවලින් තමන්ගෙ බර ගොඩක් අඩු කරගෙන Leonardව තමන් ලගින්ම තියාගන්න සමත් වෙනවා. මේ කතාවෙන් හැමෝටම තේරෙනවා ඇති Radahn කොච්චර හොද කෙනෙක්ද කියලා. Radahn මෙහෙම Gravity Magic master කරපු Radahn, තරු වලට අභියෝග කරනවා...