"Suzume no Tojimari" නොවැම්බර් 11 වනදා සිට තිරගත වේ

 



පසුගිය සෙනසුරද තමා  මුලින්ම මේ නිවේදනය කරේ. 

Your Name , Weathering with you ඇනිමෙ චිත්‍රපට අධ්‍යක්ෂක Makoto Shinkai සෙන්සේගෙ අලුත්ම චිත්‍රපටිය වන "Suzume no Tojimari (Suzume’s Locking-Up)" නොවැම්බර් 11 වනදා සිට ජපානයේ තිරගත වෙනවලු . විශේෂ මාධ්‍ය සාකච්ඡවකට එක් වෙමින් තමා මේ බව ප්‍රකාශ කරලා තියෙන්නෙ. ඒ වෙනුවෙන් අලුත්ම Key Visual එකකුත් එළිදක්වලා තියෙනව .   

Key Visual  එක 


ඒ වගේම Movie එකේ පලවෙනි Promotional Video එක අප්‍රේල් 10 වන ඉරිදා උදෑසන 7 ට (EDT) නිකුත් වුනා.



Movie එකේ පලමු Still Image එකත් නිකුත් වෙලා තියෙනව . මේකෙ Suzume අපිට පසු පස හරවාගෙන පාලමක් මතින් විනාශ වූ නගරයකට යන ආකාරය පෙන්නුම් කරනව  . ඔයාලා හැමෝම දන්නව ඇති මේ Movie එක post-apocalyptic theme එකකින් හැදෙන එකක් බව . ඒ වගේම මේක Shinkai Cinematic universe එකටත් අයත් වෙනව  . 

Still Image එක 


මේ Movie එක වෙනුවෙන්ම Shinkai සෙන්සේ Masayoshi Tanaka ව  character designer හැටියට නැවත එකතු කරගෙන තියෙනව.  ඔහු මීට පෙර Your Name film එකෙත් වැඩ කරා  .  ඒ වගේම Kenichi Tsuchiya සෙන්සේ මෙහි  animation director විදිහට කටයුතු කිරීමට නියමිතයි . ඔහුත් Your Name film එකේ ශින්කයි සෙන්සේගෙ සගයෙක් . Your Name සහ Kotonoha no Niwato ඇනිමෙ වලින් ශින්කයි සෙන්සේ සමග එක්වුන Takumi Tanji සෙන්සේත් artistic director විදිහට එකතු වෙනවලු.
පේනවනෙ . ආයි සුපිරිම Crew එකක් තමා වැඩේ කරන්නෙ. 
Movie එකේ ඇනිමේෂන් භාරව ඉන්නෙ CoMix Wave Films Studio එක . ශින්කයි සෙන්සේ ගැන දන්න ඕනම කෙනෙක් මේ studio එක දන්නවනෙ ?   ඒ වගේම නිෂ්පාදන කටයුතු STORY Inc. එකට භාර වෙලා තියෙනව වගේම  TOHO ලා තමා Movie එකේ Distribution භාරව ඉන්නෙ.

Shinkai සෙන්සේ චිත්‍රපටිය සම්බන්ධයෙන් දක්වපු අදහස් ටිකකුත් දාන්නන් .

"We must think about how to close the many doors we left open"

"I've bestowed that responsibility upon Suzume as she travels across Japan closing various doors. It is my sincere hope that this film leaves its audiences with big smiles and excitement as they walk out of the theater."

Plot Synopsis :
Suzume, a 17-year-old girl who lives in a quiet town in Kyushu, meets a young traveler who tells her “I’m looking for a door”. She follows him and discovers a worn door in the ruins of the mountains, as if it were the only thing left standing from a collapse. As if attracted by something, Suzume approaches the door… Before long, doors begin to open one after another in various parts of Japan. As catastrophes come from the other side of doors, open doors must be closed. The stars, the setting sun, and the morning sky: in that place she entered, there was a sky that seemed to mix all the time. Guided by the mysterious gates, Suzume’s “gate-closing journey” begins

එහෙනං ඔන්න මේ වසර හරිම විශේෂයි . වසර 3 කට පස්සෙ අපි ශින්කයි චිත්‍රපටියක් බලනව.
අපිට යම් හෝ වාසනාවක් තිබ්බොත් ලංකාවෙ සිනමා ශාලාවක මේක බලාගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. 




Comments

Popular Now

සෙකිරෝ සහ නිර්වාණයෙහි සැබෑ අරුත

The Upper Moon Five - Gyokko

Saul Ranasinghe and Richard Ranasinghe de vulpian