Ramayana: The Legend of Prince Rama
ඉතින් ගයිස් ඔය කට්ටිය ඔක්කොම වාල්මිකිගේ රාමායණය ගැන පුන පුනා අහලා ඇති නේ. අද ලිපියෙන් ගෙනාවේ එම කතාව පාදක කරගෙන හදපු ඇනිමේ චිත්‍රපටියක් ගැන. ඔය කට්ටිය මේක බලලාත් ඇති සමහර විට. මේ චිත්‍රපටියේ නම තමා Ramayana: The Legend of Prince Rama නැතහොත් The Prince of Light. Official Poster මේකේ වාල්මිකිගේ රාමායණ කතා වස්තුව පාදක කරගන්නා අතර මේකේ Main Antagonist හැටියට රාවණා ඉන්නවා. මේකෙත් රාවණාගේ දඩුමොණරය පෙන්නනවාත් එක්කම රාවණාගේ හිස් දහයත් මේකේ පෙන්නනවා. රවණා artwork ඒ හිස් දහයෙන් මොනවාද සංකේතවත් වෙන්නේ කියලා ඇහුවොතින් ඒ හිස් දහයෙන් සංකේතවත් වෙන්නේ රාවණාගේ කාමය, ක්‍රෝධය, මෝහය, ලෝභය, අභිමානය, ඊරිෂ්‍යාව, මනස, බුද්ධිය, කැමැත්ත සහ අහංකාරකම හැබැයි සමහර පොත්වල කියනවා ඒ හිස් දහයෙන් සංකේතවත් වෙන්නේ රාවණාට වේද ග්‍රන්ථ 4 සහ ශක්ති ග්‍රන්ථ 6 ගැන තියෙන සර්වසම දැනුමත් කියලා. (It is up to you to decide) මුලින්ම කියන්න ඕනේ කට්ටියට මේක ඉන්දියන් කාටුන් එකක් නොවන බව . හුගක් අය මේක ඉන්දියන් කාටුන් එකක් කියලා නොබලා ඉන්නවා ඒත් ඇත්ත වශයෙන්ම ගත්තොත් මේක ඇනිමේ චිත්‍රපටියක්. මේක නිර්මාණය කලේ 1992දී ඉන්දියාව සහ ජපානය...