ඔබේ හීනයට ඔබ එක්ක...
අහම්බයක් ! coincidence ! කියන දේ අපි නිතර දෙවේලේ නිර්මාණ තුළ සහ අපේ ඇත්ත ජීවිතේ තුළ දකිනව . අහම්බයක් කියන එක කෙනෙක්ගෙ ජීවිතේ කොයිතරම් වෙනස් කරන්න පුලුවන්ද ?
හීන දකින එහෙත් ඒවා සාක්ශාත් කරගන්න හැකියාවක් නැති කෙනෙක්ට අහම්බයක් නිසා එයාගෙ ජීවිතේ වෙනස් කරගන්න ලැබුනොත් ....
- Name : Josee, The Tiger and The Fish
- Year : 2020
- Type : Movie
- Running Time : 1h 38min
- Genre : Slice of Life , Drama , Romance
- Score : MAL 8.63 IMDBb 8.1
- Source : Short Story by Seiko Tanabe
යාවත්කාලීන කරන ලද තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න - MAL
IMDB තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න.
ඉතින් මේ Anime එකේ කතාවට හැරුනොත්,
Josee කියන්නෙ කකුල් දෙක පන නැති වීම නිසා රෝදපුටුවකට වෙලා තමන්ගෙ ජීවිතේම පිටත ලෝකෙන් වෙන්වෙලා අපි සමහරු වගේ මනෝ පාරවල් ගගහා හීන දකිමින් , දකින හීන චිත්‍රයට නගමින් ජීවත් වෙන තරුණ වයසෙ කෙල්ලෙක්. ඉතින් මෙයාට මෙයාගෙ ජීවිතේ වැදගත්ම කෙනෙක්ට කියල ඉන්නෙ මෙයාගෙ ආච්චි . මෙයාට ලොකූ ආසාවක් තියෙනව පිටත ලෝකෙට ගිහින් සිරි නරඹන්න . නමුත් කලින් එහෙම ගියපු වෙලාවල්වල මුහුන දීපු ප්‍රශ්න නිසා මෙයාගෙ ආච්චි කැමති නෑ මෙයාව වැඩිය එලියට යවන්න . කොහොමෙන් කොහොමහරි එක දවසක් එලියට බැහැලා වෙන අකරතැබ්බයක් නිසා මෙයාට හම්බෙනව ට්සුනෙයෝ කියල කොල්ලෙක් . ඉතින් මෙයා හම්බුන නිසා ජොසී ගෙ ජීවිතේට මොකද වෙන්නෙ , මේ කෙල්ල දකින හීන හැබෑ කරගන්න පුලුවන් වෙයිද කියල දැනගන්න මේ කතාව බලන්නම වෙනව .
මේක කලින් කිව්ව වගේම ටිකක් පරන කෙටි කතාවක් ඇසුරෙන් තමා නිර්මාණය වෙලා තියෙන්නෙ . ඒ වගේම ඒ කෙටි කතාව තවත් නිර්මාන ගණනාවකට adapt වෙලා තියෙනව . ඒකෙ latest ම adptation එකක් තමා Josee කියන live action korean movie එක .
මේ movie එකේ OST ටික ගැන කතා කරොත් ආයි දවසම කතා කරන්න පුලුවන් සුපිරිම OST ටිකක් තියෙනව.
විශේෂයෙන්ම Anime fans ලා අතර ගොඩාක්ම ජනප්‍රිය Eve තමා මේකෙ opening OST එක සහ Ending OST එක කියන දෙකම ගායනා කරන්නෙ .
එතනින් EVEගෙ Ao no Waltz කියන සිංදුව කීයටවත් miss කරගන්නෙපා.
Ao no waltz - Eve (Spotify Link)
මේ කතාව බලලා අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ උත්සාහය,කැපවීම,මගපෙන්වීම සහ සහයෝගය තියෙනව නං තමන් දකින ගොඩාක් හීන තමන්ට ඇත්ත කරගන්න පුලුවන් .
හීන අතාරින්නෙ නැතුව දිගටම ඒ වෙනුවෙන් වැඩ කරන්න...
Comments
Post a Comment