Posts

Showing posts with the label Tools in Anime

එතුණු කඩුව සහ ඇනිමේ

Image
හයි ගයිස්, අද කතා කරන්න ආවේ සම්පුර්ණ වෙනස් මාතෘකාවක් ගැන. අද කතා කරන්න යන මාතෘකාව අපේ රටේ අංගම්පොර ශිල්පින්ට හුගක් සමීප දෙයක්. ඒ වගේම මේක අපේ Anime Fansලා සහ Gamersලාටත් මාතෘකාවක් සහ අපේ ඉපැරණි ආයුධ ගැන සොයන පුද්ගලයන්ටත් වැදගත් ලිපියක්. අපි අද කතා කරන්න යන්නේ Urumi නැතහොත් සිංහල භාෂාවෙන් අපි හදුන්වන "එතුණු කඩුව" නම් ආයුධය. මේ ආයුධය කොහොමද ඇනිමේවලට සම්බන්ධ වෙන්නේ කියලා ඇහුවොතින් මේ ආයුධය Berserkහි අපිට හමුවන චරිතයක් වන Silatගේ බිහිසුණුම ආයුධය වන්නේ මේ එතුණු කඩුව. ඒත් එක්කම මේ ළගදි ආපු Elden Ring පරිගණක ක්‍රිඩාවේ වුනත් මේ ආයුධය තියෙනවා අපේ "Tarnished"ට පාවිච්චි කරන්න.  ඉතින් අපි පොඩ්ඩක් හොයලා බලමු නේ මොකද්ද මේ ආයුධයේ විශේෂත්වය කියලා නේ ? නැත්නම් මොකද මේ ඇනිමේ සහ පරිගණක ක්‍රිඩාවල මේක හැමතිස්සේම Feature කරන්නේ ? පළමුවෙන්ම මේ ආයුධය සැදුනේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේය. කේරළ ප්‍රාන්තයේ ප්‍රධානතම භාෂාව වන මලයාලම් භාෂාවෙන් තමා මෙයට Urumi යන නම ලැබුනේ. මෙයට මලයාලම් භාෂාවෙන් Chuttuval (Chuttu=කැරකෙන, Val=කඩුව) ලෙසද හදුන්වනවා. මෙය කේරළ ප්‍රාන්තයෙන් පළමුව සැදුම්ලත් ආයුධයක් වුවත්...