Love Hashira - Mitsuri Kanroji




"අද මෙතනිං පස්සෙ..අපි දෙන්න මැරිල යයි..
ඒ මැරිලා ලබන ආත්මෙයක් ලබන කොට...
ඒ ආත්මෙදිවත්,ඒ ජීවිතේදිවත්
මට ඔයාගෙ මනාලි වෙන්න පුලුවන්ද..?
Iguro".....

Moshi moshi 
කොහොමද ඉතිම්.. ඔයාලා ගොඩාක් සතුටින් සනීපෙන් ඇති කියල හිතනවා..
ඉතිං ඔන්න අදත් ඔයාලා ගොඩක් බලන් ඉන්න KnY article එකත් අරගෙනම ආවා 

අද කතා කරන්න යන්නෙ,දැනට KnY බලපු නොබලපු ඕනම කෙනෙක්,විශේෂයෙන්ම අපේ කොල්ලො ටික බොහොම ආදරේ කරන..
KnY universe එක තුල ඉන්න අපේ fans ල ගොඩකගෙ Crush එකක් උන 
'The most Adorable' Love Hashira, Mitsuri Kanroji ගැන 

Major Spoiler Alert for Anime Onlys !

.
.
.

Mitsuri ගැන ගත්තොත් මෙයා Demon slayer කතා මාලාවෙ ඉන්න Major supporting Character එකක් .
ගොඩාක් emotional ඒ වගේම Joyable character එකක් වෙන මෙයා ඇත්තටම Hashira corp එක තුලදි තමන්ට තියන Mantle එක ඒ විදිහටම define කරන්න ම ඉන්න කෙනෙක් කිව්වනං හරි...
ගොඩාක් ලස්සන Kawaii ඇස් දෙකක් තියන Pale skin එකක් හිමි මෙයා,middle build Body එකක් තියන ඒ වගේමයි ගොඩ දෙනෙක් Adore කරන හරිම ලස්සන ලොකු කේශ කලාපෙකුත් තියන කෙනෙක්..
Highly customized uniform එකක් අඳින මෙයාගෙ uniform එකත් අනික් අයගෙ ඒවට වඩා ගොඩාක් Bright pink colored එකක්.. ඒකෙ ඉස්සරහ තියන Buttons දෙකක් open තියනව කියන එකනං දැකපු අය අනික් සේරටම ඉස්සෙල්ල දකින්න ඇතිනෙ..

මේ ඇඳුමෙ යට කොටසට තියන pants වෙනුවට mini skirt එකක් අඳින මෙයා ඒකට උඩින් ලස්සන Haori එකක් දානවා..(Coat) මේක ගැන කියන්න හිතුවෙ මේක මෙයාට දෙන්නෙ The flame hashira Kyojuro විසින් වීම නිසයි..❤️
ඒ වගේමයි මෙයාගෙ Untold love එක වෙච්ච Obanai විසින් දීපු කොල පාට දිග මේස් දෙකකුත් එයාගෙ Zori දෙකත් එක්ක හැම වෙලාවෙම දාගෙනයි ඉන්නෙ 
මේක මෙයාගෙ Normal appearance එක උනත්,අපි ඉස්සරහට දකින්න ඉන්න SV arc එකේදි අපිට මෙයා ගොඩක් ලස්සන Kimono එකකිනුත් දකින්න පුලුවන්..

කොයි තරම් දුරට ගොඩාක් ආදරණිය,කරුණාවන්ත කෙනෙක් උනත්,Kanrogi ඩීමන් ලට නං කිසිම විදිහකිං Mercy එකක් පෙන්නන්නෙ නෑ..
මේ kanrogi ඩීමන් ස්ලේයර් කෙ⁣නෙක් වෙන්න ආව විදිහත් මරු කතාවක්..
Demon slayer corp එකට එන්න කලිං ගත කරපු සාමාන්‍ය ජීවිතයේදිත් මෙයා ගොඩක් ශක්තිමත් වගේම Talented..
ඉතිං එයා වගේ ලස්සන ගෑනු ළමයෙක් ඒ වගේ Strong වෙන්න බෑ කියල හිතාගෙන තමයි මෙයා හිතාගෙන හිටියෙ 
ඉතිං ඔය අස්සෙදි මෙයාට මෙයාගෙ ගෙදර කට්ටිය මගුලක් කතා කරනව.... 
මගුලක් කියන්නෙ වෙඩිමක්,හරිය..
මේකිට ගෙදරිං සෙට් කරන පොර හැබැයි මෙයාට වඩා ළාමක චරිතයක්.. අන්න ඒක මේ mitsuri ට අල්ලන්නෙ නෑ..
ඒ නිසා ඒ වෙඩිමට බම්බු ගහගන්න කියල ඒක අතෑරල දාලා මෙයා Demon slayer corp එකට එන්නෙ Hashira කෙනෙක් වෙන්න වගේ හිච්චි කාරනාවලට නෙවෙයි..
එයාට හරියන strong fiance කෙනෙක් හොයාගන්න වගේ ටිකක් upper level වැඩකට..හරියෙයි 
කොහොම උනත් එහෙම ආවට පස්සෙනං හැබැයි ඒ වෙලාවෙ අර ගත්තු තීරණේ ගැන ටිකක් අවුලෙං තමයි ඉන්නෙ..
ඒ නිසා stress eating එහෙම නැත්තං දුක හිතුනම හිතෙන හිතෙන කෑම කකා ඉන්න මෙයා කෝම හරි Shinobu සහ Iguro ගෙ companion එකත් එක්ක Normal වෙලා එයාගෙ Trainings හරියට කරගන්නව
මාස හයකට පස්සෙ Rengoku ගෙ highly recommendation එකකට පස්සෙ මෙයා හෂිරා Corp එකට join කරගන්නව..
මොනදේ උනත් ඉතිං තියන ළමා ගතියනං අරින්න කාටවත් බැරි වෙනවා මෙයාගෙ...
ඒත් ඒ දේවල් හරිම Adorable වගේම Heart melting..
මේ හැම එකක් එක්කම මෙයා කෝර්ප් එක තුල ඉන්න අති දක්ශ වගේම strong Slayer කෙනෙක්...
SV arc එකේදි upper moon දෙන්නෙක් එක්ක ඒ වගේමයි ඒ කෙනෙක්ගෙ copy එකක් එක්කත් කිසි ගින්නක් නැතිව fight කරන මෙයා ඒ එක්කම තවත් highly lethal demon ලත් 05 දෙනෙක්ම Decapitate කරල දාන්න සමත් වෙනව....
Infinite castle arc එකේදි තමන්ගෙ Demon slayer mark එකත් awake කරගන්න මෙයා..Lord muzan එක්කත් Sunrise එක වෙනකල්ම Fight කරනව..නිකං නෙවෙයි Muzan ව shock වෙන විදිහෙ පට්ට amazing technique එකකුත් reveal කරල..
එයාගෙ තියන uncommon blade එක (whip nichirin Katana) සහ විශේෂයෙන්ම මෙයාට හිමි abnormal muscular constitution කියන special ability එකත් එක්ක super human ලෙවල් එකකිං තමන්ගෙ opponent ට ෆේස් කරන්න මෙයාට පුලුවන්...
ඒ වගේමයි මතක් කරන්න ම ඕන, kanroji කියන්නෙත් යම් තාක් දුරකට Flame breathing technique එක ප්‍රගුණ කරපු කෙනෙක්.. Hashira training එකේදි තමන්ගෙ mentor උන rengoku තමයි මේක මෙයාට කියා දෙන්නෙ.. 

එහෙනං Kanrogi ගැන එච්චරයි..
වැඩි විස්තර ඕනනං ඔයාලට ඕන වෙලාවක Manga එක තියනව..

ඇත්තටම ලංකාවෙ මේ වෙනකොට කියවීම කියන දේ ගොඩාක් අඩු වී ගෙන යනව which is a Disaster 
ඉතිං අපි Geek,weeb හැමෝම.. ලංකා⁣ව ඇතුලෙ මේ කියවීම ටිකක් උඩට ගන්න project එකක් කරන්න Plan කරං ඉන්නෙ...

ඒ නිසා Stay tuned Guys... රටේ හැම තැනකම System එක Change වෙන එකේ.. අපිත්.. අපේ තිබුන Good habits ආපහු polish කරල ගන්න එපැයි 

එහෙනං... ගිහිං එන්නං  
Stay Hyped 



Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬