පිස්සු නේවාසිකාගාරය...
හුරතලේට සත්තු හදන්න ගිහින් වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුනා වගේ වැඩක් වෙච්ච කොල්ලෙක් ගැන තමා අද කතාව . ඉතින් එක හුස්මට බලල ඉවර කරන්න පුලුවන් ආතල් rom-com එකක් තමා මේක.
- Name : Sakura-sou no Pet na Kanojo (The Pet Girl of Sakura-sou)
- Aired : 2012
- Type : TV Series
- Status : Finished
- Seasons : 1
- Episodes : 24
- Duration : 23min
- Genre : Slice of Life, Romance, Drama, Comedy, School
- Score : MAL 8.15
- Source : Light Novel
යාවත්කාලීන කරන ලද තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න.
ඉතින් කතාවට බැස්සොත් සොරාටා කන්ඩා කියන්නෙ සුයිමෙයි උසස් පාසලේ ඉගෙන ගන්න දෙවෙනි වසරෙ කොල්ලෙක් . මේ ඉස්කෝලෙට තියෙනව ශිෂ්‍ය නේවාසිකාගාර දෙකක් . පලවෙනි එක තමා සාමාන්‍ය නේවාසිකාගාරය . අනිත් එක තමා මේ sakura-sou , aka Sakura Dominator එහෙම නැත්තන් සකුරා නේවාසිකාගාරය කියන්නෙ .
ඉතින් මේ සකුරා නේවාසිකාගාරෙ ගත්තොත් මේක තියෙන්නෙ ඉස්කෝලෙ සාමාන්‍ය නේවාසිකාගාරෙ නවත්තගන්න බැරි , පිස්සු කෙලින , මොලේ කොලොප්පන් කට්ටියට නේවාසික පහසුකම් දෙන්න . ඒක ගැන ඇහුවාමම ඔලුවට එනවනෙ පිස්සන් කොටුව වගේ feeling එකක් . ඉතින් මේ සොරාටා ගත්තොත් මිනිහා හෙන ආදරෙයි පූසන්ට . පාරේ අනාත පූසෙක් ඉන්නව දැක්ක ගමන් මිනිහගෙ පඬුපුල් ආසනේ උනු වෙලා ඌව ගෙදර ගෙනියනව හදාගන්න කියල . ඉතින් වැඩේ වෙන්නෙ මිනිහා මෙහෙම පූසෙක් සාමාන්‍ය නේවාසිකාගාරේ නවත්තගත්ත නිසා පාලනාධිකාරිය තීර්නය කරනව සොරාටවයි මේ පූසවයි සකුරා නේවාසිකාගාරයට මාරු කරන්න . ඉතින් මිනිහත් මුලින් මේක ගැන කිසි අදහසක් නැතුව chill එකේ sakura-sou එකට යනව . ගියාට පස්සෙ තමා මිනිහට තේරුම් යන්නෙ වැඩේ .
පිස්සු Animator මිසකි , සෙල්ලක්කාර නාට්‍ය රචකය ජින් , හැකර් සහ programmer රියුනොසුකෙ වගේම නේවාසිකාගාරය භාර පාටි දාන ටීචර් චිහිරෝ කියන කට්ටිය තමා සොරාටා මේකට යනකොට ඒකෙ ඉන්නෙ . ඉතින් මේක ඇතුලෙ වෙන දේවල් හරියට ඔලුවට ගිය ගමන් සොරාටා මුලින්ම කරන වැඩේ මේකෙන් ආයි සාමාන්‍ය එකට යන්න විදිහක් හදාගන්න එකට plan ගහන එක .
ඒත් වැඩේ කියන්නෙ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනියක් වෙන හුරතලෙක් වගේ හැසිරීමක් තියෙන මශිරො ශිනා කියන කෙල්ල මන්ගකා(Manga artist) කෙනෙක් වෙන්න බලන් පිටරට ඉඳන් එනව මේ ඉස්කෝලෙට . ඉතින් එයත් එන්නෙ මේ සකුරා-සො එකට . එයාට මුලින්ම සෙට් වෙන එකම කෙනා සොරාටා නිසා මිනිහගෙ පස්සෙන් හුරතලෙක් වගේ එල්ලි එල්ලි ඉන්න ගන්නව . ඉතින් සොරාටට මේ සකුරා-සො එකෙන් එලියට පැනගන්න තියෙන අවස්ථාව ටිකෙන් ටික නැති වෙලා යනව වගේ feeling එකක් දැනෙන්න ගන්නව .
කතාවෙ තියෙන්නෙ සොරාටයි ශිනායි එකතු වෙලා තමන්ගෙ ප්‍රශ්නත් විසඳ ගන්න ගමන් එයාලට අලුතෙන් හම්බුන මේ පිස්සු පවුලෙ ප්‍රශ්න විසඳන විදිහ .
ඉතින් සුපිරියට enjoy කරන ගමන් බඩ පැලෙන්න හිනා වෙන්න පුලුවන් series එකක් කියතැහැකි මේකට .
ඒක නිසා අනිවාර්යෙන් බලන්න.
Comments
Post a Comment