Initial D - Anime Recommendation


Keisuke Takahashi.... කහපාට Mazda RX 7 කාර් එකක් වේගයෙන් Akina Mountains හරහා පැදගෙන යන මේ කොලුවට ඒ වෙනුවෙන් වේගය මරු කැඳවන හැටි ගැන, පරිස්සම් වෙන්න ඕනි හැටි ගැන අනන් මනන් කිසිම දෙයක් ඕනි නෑ. මොකද තමන්ගෙ සහෝදරයා වෙන Street Racing Legend කෙනෙක් වෙන Ryosuke ගෙන් පවා compliments ලබල තියෙන තමන්ට මේවා අමුතුවෙන් පරිස්සම් වෙන්න ඕනි දේවල් නෙවෙයි කියලා එයා දන්න නිසා. මේ වගේ රෑක mountain area එකක හදිසියේ හම්බවෙන Racer කෙනෙක් එක්ක friendly race එකක් යන්නත් මෙයා අමතක කරන්නෙ නෑ. Friendly Race එකක් කිව්වට මේ වගේ එකකදි තමන් පරදින්නෙ නැතිවෙන්නත් Keisuke ගෙ Ego එක හොඳටම ප්‍රවේශම්කාරීවෙනවා.


අදත් ඒ වගේ දවසක්. Race එකකට ගැලපෙන opponent කෙනෙක්වත් නැතුව කම්මැලිකමේ යන Keisuke ට එක පාරම වේගයෙන් ඇදෙන AE86 එකක් දකින්න හම්බවෙනවා. කමක් නෑ වෙලාව හැටියට හොඳයි කියලා හිතාගන්න Keisuke මේ Car එකට Race එකකට අතවනන ගමන් වේගය වැඩිකරනවා. හැබැයි වෙනදා වගේ ලේසියෙන් මේ Opponent ව pass කරන්න Keisuke ට පුලුවන් වෙන්නෙ නෑ. ඉතින් මේ පාන්දර හතරට විතර අධික වේගයෙන් AE86 එක පස්සෙන් යන Keisuke එක පාරම තමන්ගේ රථය Slow කරනවා. මොකද එයා තමන්ගෙ පලපුරුද්ද නිසාම දන්නවා ඉස්සරහ තියෙන හැරවුමේ Drift කරන්න අමාරු විත්තිය.


ඒත් 86 කාරයාට ඒකෙ වගක්වත් නෑ වගේ. පොරනම් ඒ වේගයෙන්ම යනවා.


"මෝඩයා මැරෙන්නද යන්නෙ? ඒකත් මගේ ඉස්සරහ."


ඔහොම හිතන Keisuke ට තමන් ඉස්සරහ තව ටිකකින් වෙන්න යන මහා විනාශය මැවි මැවී පේන්න ගන්නවා. ඒත්....


මෙන්න AE86 එක මාරම ලස්සන ඒත් පට්ටම Risky Inertia Drift එකක් කරනවා ගේමක් ම නැතුව....


තමන්ට දැක්ක දේ අදහගන්න බැරිවුණ Keisuke පරාජය පිලිගන්නවා. එදා ඉඳන් එයාගෙ එකම අරමුණ මේ Akina වල එයා දැක්ක Ghost Driver ව හොයාගෙන එයාව පරාජය කිරීමමයි.


Racing Anime වල මහා හැරවුම් ලක්ෂ්‍යයක් වෙන INITIAL D Anime එකේ Protagonist ව අපිට හඳුන්වා දෙන සීන් එක තමා ඔයාලට මම ඔය කිව්වෙ. නෑ නෑ Keisuke නෙවෙයි Protagonist 


එහෙනම්... කවුද ??? AE 86....???


අන්න හරි... ඒ AE86 එක පැද්ද Takumi කොලුවා තමා මේ Racing Anime එකේ අපේ.වීරයා වෙන්නෙ.


ඔයාල බලල ඇතිනේ Tokyo Drift . ජපානය කියන්නෙ සෑහෙන්න Street Racing වලට නමක් තියාගත්ත ඒ හා බැඳුණ වෙනම industry එකක් තියෙන රටක්. මේ ඇනිමේ එක ඔය Racing Culture එක තනිකරම cover කරන පට්ට ඇනිමේ එකක් කියලා කියන්න පුලුවන්. මේකෙ කතාව කිව්වොත් ඔය උඩ කිව්ව born talented racer කෙනෙක් වෙන Takumi step by step තමන්ගෙ racing career එක හදාගන්න යන විදිය තමා තියෙන්නෙ. මෙහෙම born talented කියන්නෙ පොරගෙ අප්පොච්චා ඒ කියන්නෙ Bunta මහත්තයා Racing Legend කෙනෙක් ඒ කාලෙ. අප්පොච්චා එක්කම පොඩිකාලෙ ඉදලාම පොරට racing nothing. හැබැයි පොඩි කොස්සක්. Racing වලට පවුලෙන් කොච්චර පසුබිමක් තිබුණත්, යාලුවො අතර කොච්චර රේසිං පිස්සො හිටියත් පොරට ඒක එච්චර excited නෑ. අපි සාමාන්‍යයෙන් ඇනිමේ වල දකින energetic determined protagonist කෙනෙක්වත් 0 ඉඳන් වැටි වැටී පටන් ගන්න protagonist කෙනෙක් වත් නෙවෙයි මේකෙ ඉන්නෙ. මේකෙ ඉන්නෙ හොඳටම ටැලන්ට් එක තියෙන ඒක පාවිච්චි කරන්න උවමනාවක් නැති, තමන්ගෙ හැංගුණ passion එක එලියටගන්න ඒක තේරුම් ගන්න තේරෙන්නෙ නැති කොල්ලෙක්. ඒ නිසා මේකෙ කතාව පට්ටම interesting.


ඉතින් Akina Speedstars Racing Team එකේ ඉදන් එක එක Racing Legends ලට face කරන්න සිද්ධ වෙනවා මෙයාට. එක එක හැකියා තියෙන එක එක specialist වාහන වලට මෙයාට මූණ දෙන්න වෙනවා. මේකෙ Racing නම් තියෙනවා අප්පටසිරි වෙන්න. පොඩි ඒකාකාරී ගතියක් තිබුණට සහ ඇනිමේශන් වල කොලිටිය මුල් ටිකේ පොඩ්ඩක් අඩුවුණාට කතාවෙ චරිතවල design එක ටිකක් අපි හැමදාම දකින විදිය නොවුණාට මේකෙ story, music කියන දෙකේ වෙන synchronized ගතිය නිසා ඒවා නොදැනීම මේ සීරිඅ එක බලන්නම හිතෙනවා.


ඒ වගේම පට්ටම interesting characters ගොඩක් තියෙනවා මේකෙ. Takumi වගේම Takumi ගෙ Rival එක වෙන Keisuke, Racing Legend කෙනෙක් වෙන Ryosuke, Takumi ගෙ Mysterious කෙල්ල Natsuki, තමන්ගෙ Junior කෙනෙක්ට තැන දීල පැත්තකට වෙන්න වෙන Iketani, Takumi නිසා overshadow වෙන Itsuki වගේ එකී මෙකී නොකී ගොඩක් චරිත ඉන්නවා. හැමෝම පට්ට interesting. කතාවෙ ඉස්සරහට යනකොට Takumi ගෙ competitive ගතිය Impulsive ගතිය එහෙම මාර විදියට වෙනස් වෙනවා බලන්න ආසයි. 


ඒ වගේම මේකෙ ගොඩක් Deep තැන් එහෙමත් touch වෙනවා. ගොඩක්ම තමන්ගෙ හීන හඹායන්න තමන්ගෙ passion එක අවබෝධ කරගන්න බැරිවුණ කීදෙනෙක් නම් ඇද්ද ? මේකෙ Takumi ව දැක්කම එයාලට තමන්වම පෙනේවි. ඒ වගේම මේකෙ ලස්සන Romance Stories වගයක් තියෙනවා. කොටින්ම Takumi ගෙ love story එක වුණත් මේක එච්චරම සිම්පල් නෑ. ඔය හැමදේත් එක්කම කතාව පට්ටම interesting.


ඉතින් මේක ලියලා තියෙන්නෙ Shuichi Shigeno Sensei. Shigeno Sensei ගෙ Racing Universe එකක්ම තියෙනවා.  මේ ළඟදි trailer එකක් රිලීස් වුණ MF Ghost එහෙමත් මේ franchise එකේ කොටසක්. ඉතින් ඒකෙ Core එක තමා Initial D. මේකෙ මන්ගා එක ඇවිල්ල 1995 - 2013 කාලෙදි kodansha magazine එකේ තමා publish වෙන්නෙ. මේක ඇවිල්ල තනි භීෂණයක් කරපු මන්ගා එකක්. කොටින්ම ලංකාවෙ පවා පට්ට ෆෑන් බේස් එකක් ඉන්න සීරිස් එකක් මේක. Volumes 48 කින් නිමාවුණ මේ කතාව 2013 වෙනකොට 50 million Copies sold වෙලා තිබුණෙ ඇමරිකානු ඩොලර් මිලියන 400 කට අධික වටිනාකම්ක් ඒ වෙනකොට මේ franchise එකට හිමිකරලා දීලයි. මේක ඉතින් ඇනිමේ එකෙන් විතරක්ම නෙවෙයි Live Action movies පවා තියෙනවා. කැමතිනම් බලන්න පුලුවන්. ඒ වගේම පට්‍ටම Arcade games ටිකක් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලන්නකෝ ඔය අපි පොඩිකාලෙ පවා.ප්ලේ කරලා ඇති ඒ කාලෙ නොදන්නවා වුණාට.


ඉතින් මේ ඇනිමේ සීරිස් එකත් දිගයි ටිකක්. 99 ඉඳන් වගේ 2016 විතර වෙනකන් continue වුණ franchise එකක් මේක. මමනම් යෝජනා කරන්නෙ සීසන් අතර break අරන් බලන්න කියලා. මොකද ස්පෝට්ස් ඇනිමේ full hype බලන මටත් ටිකක් ලාවට ඒකාකාරී බවක් නොදැනුණාම නෙවෙයි. ඒ නිසා හොඳ විදිජක් කරන්න. හැබැයි අනිවා බලන්න.

ඒ  වගේම මේකෙ Watch Order එකත් සාමාන්‍යයෙන් කට්ටියට ටැපලෙනවා මූවිස් එහෙම tally වෙන නිසා. මම ඒ නිසා මෙහෙම කියන් යන්නම්.

  1. ඉස්සෙල්ලම බලන්න Initial D First Stage සහ Second Stage. Season 1 & 2 කියලා ගන්නකෝ. First එක එපි 26යි. අනික 13යි.
  2. ඊළඟට කැමතිනම් Initial D Extra Stage කියන OVA එක බලන්න පුලුවම්. Second Stage එකේ හම්බවෙන character එකක් based කරන් යන ova 2ක් තියෙනවා.
  3. ඊලගට තියෙනවා Initial D Third Stage. මේක මූවි එකක්.
  4. ඊලගට තියෙනවා එපි 24ක Initial D Fourth Stage එක.
  5. ඊළඟට ආපහු Extra Stage 2 OVA එකක් තියෙනවා. කලින් ආපු එකේ Sequel කියන්න පුලුවන්.
  6. ඊළඟට එපිසෝඩ් 14 ක Fifth Stage සහ එපි 4ක Final Stage කියන සීරිස් දෙක තියෙනවා. 


  • ඉතින් උඩ කිව්ව ඔක්කොගෙම (OVA හැර) Recap එකක් විදියට Initial D Legend: Awakening, Racer, and Dream  කියලා movie trilogy එකක් තියෙනවා. කැමතිනම් ඒක try කරන්න පුලුවන්. 

ඇනිමේශන් අවුල්ම වගේනම් එයාලට try කරන්න හොඳයි.


  • ඒ වගේම OVA 3ක් තියෙනවා Battle Stage 1,2,3 කියලා..සීරිස් එකෙ මුල.ඉඳන්ම තිබ්බ රේස් ටික තියෙනවා මේවගෙ.


ඔන්න ඔහොමයි කතාව. එහෙනම් මේ සීරිස් එකත් අනිවා බලන්න. පට්ටම unique සහ fresh කතාවක්. ඒ වගේම ඇනිමේ වග්ම මන්ගා වලත් වෙනම genres හොයාගෙන ගිය කතාවක්. මොන රේසිං ඇනිමේ කාලෙන් කාලෙට ආවත් තාමත් කාටත් මතක් වෙන්නෙ මේක තමයි.

ඉතින් තවත් ලිපියකින් හමුවෙනකම් ඔබට ජය !


INITIAL D - MAL පිටුවට මෙතනින් පිවිසෙන්න

Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬