Initial D - Anime Recommendation
Keisuke Takahashi.... කහපාට Mazda RX 7 කාර් එකක් වේගයෙන් Akina Mountains හරහා පැදගෙන යන මේ කොලුවට ඒ වෙනුවෙන් වේගය මරු කැඳවන හැටි ගැන, පරිස්සම් වෙන්න ඕනි හැටි ගැන අනන් මනන් කිසිම දෙයක් ඕනි නෑ. මොකද තමන්ගෙ සහෝදරයා වෙන Street Racing Legend කෙනෙක් වෙන Ryosuke ගෙන් පවා compliments ලබල තියෙන තමන්ට මේවා අමුතුවෙන් පරිස්සම් වෙන්න ඕනි දේවල් නෙවෙයි කියලා එයා දන්න නිසා. මේ වගේ රෑක mountain area එකක හදිසියේ හම්බවෙන Racer කෙනෙක් එක්ක friendly race එකක් යන්නත් මෙයා අමතක කරන්නෙ නෑ. Friendly Race එකක් කිව්වට මේ වගේ එකකදි තමන් පරදින්නෙ නැතිවෙන්නත් Keisuke ගෙ Ego එක හොඳටම ප්‍රවේශම්කාරීවෙනවා. අදත් ඒ වගේ දවසක්. Race එකකට ගැලපෙන opponent කෙනෙක්වත් නැතුව කම්මැලිකමේ යන Keisuke ට එක පාරම වේගයෙන් ඇදෙන AE86 එකක් දකින්න හම්බවෙනවා. කමක් නෑ වෙලාව හැටියට හොඳයි කියලා හිතාගන්න Keisuke මේ Car එකට Race එකකට අතවනන ගමන් වේගය වැඩිකරනවා. හැබැයි වෙනදා වගේ ලේසියෙන් මේ Opponent ව pass කරන්න Keisuke ට පුලුවන් වෙන්නෙ නෑ. ඉතින් මේ පාන්දර හතරට විතර අධික වේගයෙන් AE86 එක පස්සෙන් යන Keisuke එක පාරම තමන්ගේ රථය Slow කරනවා. මොකද එයා තමන...