Hajime no Ippo - Review


මෑතකාලයේ ගොඩක්ම මන්ගා ලෝකය shock වුණ departure එකක් තමයි Kentaro Miura හෙවත් Berserk Mangaka ගෙ අකල් මරණය. ඉතින් මාස්ටර්පීස් ගණයේ මේ නිර්මාණය පිටිපස්සෙ හිටපු මාසටර්මයින්ස් එක නැතිවුණාම ඒ වෙනුවෙන් ගොඩක් ප්‍රසිද්ධ Mangaka ල tribute arts කරලා තිබුණා. ඉතින් ඒ අතරින් එක්කෙනෙක් තමා Morikawa Sensei. ඉතින් එයාගෙ tribute arts එක්කම එයා Miura Sensei එක්ක එයාගෙ Manga වෙනුවෙන් Miura sensei කරලා දීපු arts පවා පළකරලා තිබුණා. ඉතිම් මේකත් එක්ක මගෙ මතකය ඇවිස්සුනා. ආපහු මගෙ Favorite Mangaka කෙනෙක් වුණ Morikawa sensei ගෙ Hajime no Ippo Manga එකේ Anime Adaptation එක ගැන. ඉතින් ඔන්න ලැබුණ පොඩි විවේකයකදී ඒ ගැන ලියන්න හිතුවා.

George Morikawa

ඉතින් දන්නවනේ 80 අග සහ 90 දශකය මුල කියන්නෙ Anime වල Golden Ages වලින් එකක්. Cowboy Bebop, Berserk, Neon Genesis Evangelion, Dragon Ball, Yu Yu Hakusho, Slam Dunk වගේම අන්තිම කාලෙ One Piece වගේ ඉතාමත් ඉහළ ගුණාත්මකභාවයෙන් පිරිච්ච Anime ගොඩක් මේ කාලයේ බිහිවුණා. ඉතින් 2000 ආරම්භයත් එක්ක මේ දේ පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච ගතියක් තමයි තිබිලා තියෙන්නෙ. මෙහෙමයි කියලා හරියටම කියන්න බැරි වුණත් ඒත්

2000 මුලම Release වෙච්ච එක Anime එකක් මේ Golden Age එකේ Anime වල තිබුණ Quality එක එහෙමම රඳවගන්න සමත්වෙනවා. ඒ ගැන තමයි අද කියන්න යන්නේ. Anime එක තමයි Hajime no Ippo


මම කලින් කිව්ව George Morikawa තමයි මේකෙ Writer වගේම Illustrator. 1989 තමයි මේක පටන් ගන්නෙ. විශ්වාස කරන්න තාමත් Run වෙනවා Manga එක. හැබැයි Anime එකක් විදියට මේ Story එක එලියට එන්නෙ 2000 ඉඳන්.


කතාව ගත්තොත් මේක Sports Drama Genre  එකේ Anime එකක්. Protagonist  Makunouchi Ippo කියන්නෙ හැමවෙලාවෙම Bully වෙන High School Student කෙනෙක්. දවසක් එයාව Bully කරද්දි Boxing Player කෙනෙක් ඇවිල්ල බේරගන්නවා. ඒකත් එක්ක පොරටත් Boxer කෙනෙක් වෙන්න ආස හිතෙනවා. පස්සෙ පොර Rookie Boxer කෙනෙක්ගෙ ඉඳන් World Stage එක වෙනකන්ම යන Journey එක ගැන තමයි මේක Focus කරන්නෙ.


මේක ගත්තොත් මෙහෙමයි. ගොඩක් මෑත කාලයේ ආපු Sports Anime Manga ගත්තොත් සෑහෙන්න Production Quality එක ඉහළ වුණත් Character වල Plot Armor එක ඒ වගේම Realistic ගතිය එහෙම හොඳයිමත් කියන්න බෑ. සාමාන්‍යයෙන් High School Student කෙනෙක් ගත්තම එයාගෙ ගෙදර ප්‍රශ්න සල්ලි ප්‍රශ්න Academics අනන්මනන් Balance වෙන හැටි මුකුත් Focus නොකර එයාල Pro Athletes ල ගාණට දාන එක තමයි ගොඩක් මෑත කාලෙආපු Stories වල මම දැක්කේ. Slam Dunk වගේම Hajime no Ippo වෙනස් වෙන්නෙ අන්න ඒ නිසා. මේකෙ ප්‍රධාන චරිතය වගේම අනෙක් චරිත වලත් Personal Life එකත් එක්ක එයාලගෙ Boxing Career එක සමාන්තරව ගලාගෙන යන හැටි ලස්සනට මේකෙන් පෙන්නල දෙනවා. ඒ වගේම Sporting Events වලට දෙන්න ඕනි Hype එකත් Next Level එකට දෙන්න පුලුවන් වෙලා තියෙනවා මේ සීරිස් එකට.  ඒ හින්ද මේක Average Show එකක් නම් නෙවෙයි.


සාමාන්‍යයෙන් ජපානය ගත්තම WBA WBC Champions ල බිහිකරන රටක්. Boxing සෑහෙන්න ඉස්සරහින් තියෙන රටක්. සමහර Weigh classes වල Dominate කරන් ඉන්නෙ Japanese අය. ඉතින් මේ සීරිස් එක ගොඩක් Japanese Pro Boxers ල වගේම MMA Fighters ලගෙ පවා ප්‍රශංසාවට ලක්වෙච්ච සීරිස් එකක්. MMA Pro ල මේකට කරන Reaction Videos එහෙම තියෙනව බලන්න. ඒකෙන්ම හිතාගන්න පුලුවන්නෙ Quality එක. පට්ට Realistic Show එකක්. මාරම Realistic ඒක Specially කියන්න ඕනි. අපිට සාමාන්‍යයෙන් Boxing කිව්වම.මතක් වෙන්නෙ Tyson, Ali, Foreman වගේ මහත දෙහෙත Heavyweights ල වුණාට වෙනත් Weightclasses ඕනි තරම් තියෙනවා ජපන්නු ආධිපත්‍යය පතුරවපු. මේක බැලුවම ඔයාව බොක්සිං ෆෑන් කෙනෙක් වෙනවමයි අනිවාර්යයෙන්ම. ඒ නිසා බලන්න අනිවාර්යයෙන්ම.


Cinematography Color Pallets එක්ක Effects එහෙමත් Next Level. පට්ට Effects ටිකක් තියෙනව මේකෙ Fight Scenes වල එහෙම. ඒකනම් බලන්නම ඕනි තේරෙන්න. 2000 මුල නිසා අපි නිතර දෙවේලෙ දකින Manga Anime Style එක නෙවෙයි මේකෙ තියෙන්නෙ ඒ නිසා පොඩ්ඩක් අවුල් යන්නත් බැරි නෑ අලුතෙන් ආපු Anime විතරක් බලල තියෙන කෙනෙක්නම්. පොඩි Weird ගතියක් දැනෙයි. හිතන්නෙ එපා. Match එකක් දෙකක් බැලුවම ආය Binge කරල තමයි නවතින්නෙ. Sure. මන්ගකා ගෙ Style එක accept කරන්න. එතකොට අමුත්තක් නෑ.


ඊළඟට Music. Top Notch. මම බලන්නෙ Rocky Franchise එකේ එකක්ද කියල හිතුණ වෙලාවකට. ඒ තරම් Music ඉස්තරම්. Fight Scenes Training Scene වල එහෙම දාන OST 👌👌👌. Theme Songs එහෙමත් අවුකක් නෑ. ඒත් OST next level. නිකමට YT වල අහන්න Standing Proud Theme එක. පට්ටම Legendary.


Character buildup මාරයි මේකෙ. Athletics ලගෙ Rivals Friendships එහෙම මාර විදියට Focus කරල තියෙනවා. ඒවගේම Side Characters Focus කරල තියෙනව පට්ටම විදියකට. මෙහෙම Side Characters Focus කරපු Anime එකක් කාලෙකින් දැක්කමයි. Fighters ලගෙ Emotional Breakdowns Physical Breakdowns ඒ වගේම Fellow Fighters ල එක්ක තියෙන Bond එක Mutual Respect එක මාරම ලස්සනට පෙන්නන Anime එකක්. ඒ වගේම Comedy 😂😂😂 හිනාකාල මැරෙනවා සමහර සීන් වලට. ඒ ටික විතරක් බැලුවත් පාඩු නෑ.


2000 මේක Episode 76ක Series එකක් විදියට එන්නෙ ඉස්සෙල්ලම.ඊට පස්සෙ 2003 OVA එකක් වගේම Television Movie එකක් Release වෙනවා. පස්සෙ 2009 Hajime no Ippo New Challenger වගේම 2013 Hajime no Ippo : Rising කියල Sequel Series දෙකකුත් Release වෙනවා. මේ ඔක්කොම බලන්න අනිවාර්යයෙන්ම


ඉතින් කට්ටිය Inspire Motivate වෙන්න පුළුවන් Series එකක් නම් හොයන්නෙ මේක ඔයාලටම තමයි.

පට්ට Shonen Action Series එකක් නම් හොයන්නෙ එයාලටත් මේක Recommend කරන්න පුලුවන් ඉහළින්ම. Sports Movies Series වලට කැමති අයටත් මේක පට්ට Choice එකක් වේවි. ඒ වගේම Overall ඕනැම Anime Fan කෙනෙක් මේක බැලුවොත් අනිවා එයගෙ Top 10 වලට දාගන්න Series එකක් මේක. ඒ නිසා අනිවා බලන්න. Boxing Visual Textbook එකක් මේක.  කොටින්ම එලකිරි Martial Artist Analyze කරන චැනල් එකක් තියෙනවා Modern Day Martial Artist කියලා. ඒකෙ එහෙම මේ ඇනිමේ එක වෙනුවෙන් වෙනම තියෙනවා videos. Accuracy compare කරලා. ඉතින් හිතාගන්නකෝ.


ඉතින් මගනොහැර අනිවා බලන්න මේ ඇනිමේ එක. මන්ගා එකත් කියවන්න. කවුද දන්මෙ මන්ගා එක ගාණටම ඇනිමේ එකත් ආපහු continue වෙන්න බැරි නෑ.


තවත් Review එකක් එක්ක ආපහු හම්බවෙමු.

Sayonara


"If you aren't the best, you are nothing because there can only be one king"


Hajime no Ippo - MAL පිටුවට මෙතනින් පිවිසෙන්න


Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬