Posts

Showing posts with the label ජපානයෙන් ඔබ්බට ගිය ඇනිමේ

උතුරු කොරියානු ඇනිමේ බිල්ලන් !

Image
උතුරු කොරියාව ..... උතුරු කොරියාව කිව්වාම මොකද්ද මතක් වෙන්නේ ? ★කිම්-ජොන්ග්-උන් ★න්‍යෂ්ටික අවි ★ගාල් කඳවුරු ★මිලිටරිකරණය වු සමාජයක් ★සරලම මානව අයිතින්වත් නැති රටක් ඔව් ඔව්. හුගක් අයට උතුරු කොරියාව කිව්වාම ඒ වගේ දේවල් තමා මතක් වෙන්නේ. මට වුනත් ඒ දේවල් තමා පළවෙනියටම ඔළුවට එන්නේ "උතුරු කොරියාව" කියන වචනය ඇහුනාම . උතුරු කොරියාව සරලව කිව්වොතින් ලෝකයෙන් හුගක් කොන් වෙච්ච රටක්. ඒ ඔක්කොටම හේතුව ඒ රට පාලනය කරන කිම් පවුල නිසා. චීනය සහ රුසියාව යන රටවල් සහ ඔවුන්ට 100%ක්ම පක්ෂපාති වන රටවල් ටික හැරෙන්න උතුරු කොරියාව ලෝකයේ අනෙක් සියළුම රටවල් සමග තියෙන විදෙස් සබදතා ඇත්තේ ඉතාමත් සෘණාත්මකවය. ඒවා කොච්චර සෘණාත්මකද කිව්වොතින් ලංකා ඉතිහාසයේම විදෙස් සබදතා හුගක් සෘණාත්මක වීම හේතුවෙන් වසා දැමු එකම තානාපති කාර්යාලය වන්නේද ශ්‍රි ලංකා-උතුරු කොරියානු තානාපති කාර්යාලයයි .  සටහන:  එම තානාපති කාර්යාලය වසාදැමීමට හේතුව යැයි සලකන්නේ ශ්‍රි ලංකාවේ 1970 සහ 1980 දශකවල සිදු වුනු ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද කෝලාහලවලට උතුරු කොරියාව ජනතා විමුක්ති පෙරමුණට ආධාර දුන්නා කියලා ඔත්තු ටිකක් ආපු නිසාලු. උතුරු කොරියාව ...