The Upper Moon Five - Gyokko



Moshi moshi 
කොහොමද ඉතිම් ? 


ඇත්තටම අද අරං ආව Character එක ගැන ඔයාලා කවුරුත් වැඩිය නොදන්නව ඇතුවත් ඇති ඒ වගේම දන්න අයත් I Bet ලොකු කැමැත්තක් තියං ඉන්න කෙනෙක් නෙවෙයි මේ..
කොහොම නමුත් අද කතා කරමු demon slayer ඉතිහාසය තුල සිටින The most freakiest Moon of all 'The upper moon five' Gyokko ගැන..

Major Spoiler Alert for Anime Onlys !
.
.
.
.

Gyokko ගැන ගත්තොත් අපි දකින සහ දැකපු සේරම Moons ලට වඩා සහ Demons ලට වඩා ගොඩක් වෙනස් appearance එකක් තියෙන කෙනෙක්..
Pale skin එකක් තියන මෙයාගෙ ඇඟේ උඩ කොටස ගොඩක් ශක්තිමත් mascular body  shape එකක් තිබුනට යට කොටස කිසිම හැඩයක් නෑ.. ඒ කියන්නෙ හරියට djinn කෙනෙක්,එහෙම නැත්තං භූතයෙක් වගේ කෙනෙක්.. 
මේ weird appearance එකටම හරියන්න මෙයාගෙ ඇඟ දෙපැත්තෙන් එලියට අත් කීපයකුත් ඇවිදින් තියනව මෙයා Normal form එකෙන් ඉද්දි 
මූන ගත්තොත් ඒක even worse 
සාමාන්‍ය මුහුනක ඇස් දෙක තියන තැන මෙයාගෙ තියෙන්නෙ කටවල් දෙකක්...
එතකොට ඇස් දෙක.තියෙන්නෙ තැන් දෙකක.
එක ඇහැක් නලලෙ සහ අනික් එක කට තියෙන්න ඕන තැන තමයි පිහිටල තියෙන්නෙ..
ඔන්න ඔය විදිහට normal form එකෙන් ඉන්න මෙයා Full form එකට ආවම සම්පූර්ණ වෙනස්..
ඉතාම ශක්තිමත් හැඩි දැඩි සිරුරක් transform කරගන්න මෙයා ඒක කොරපොතු වගේ දෙයකිං (හරියටම මොනවද කියන්න දන්නෑ) ආවරණය කරගන්නව.. Normal form එකේ අත් දෙකක් නොතිබුනාට මේකෙ අත් දෙකකුත් පිහිටන අතර බොහොම ශක්තිමත් tail එකක් කකුල් දෙක වෙනුවට ලබා ගන්නව..
මෙයා ගැන තවත් කියනවනං Gyokko කියන්නෙ ගොඩාක් ලොකු මාන්නයක් එක්ක හෙන අමුතු ලයින් එකක ඉන්න පොරක්.. හැම වෙලාවෙම මෙයා තමන් සැඟවිලා ඉන්න වලං (මෙයා භුතයෙක් වගේ නිසා ඒ වගේ ඒව අස්සෙ තමයි හැංගිලා ඉන්නෙ)  ගොඩක් ඉහලින් අගය කරගෙන ඉන්නෙ ඒවා 'කලාවක්' විදිහට අගය කරන මෙයා කිසිම විදිහකිං ඒ ගැන මොකවත් කියනවට කැමති නෑ..
ඒ වගේමයි තමන්ට වඩා ඉහල කලාත්මක දේවල් කරන අයව පේන්නත් බෑ..ඒ අයට ඉරිසියා කරනව වගේම ඒ වගේ අයව විනාශ කරල දානව..
මෙයා demon කෙනෙක් වෙන්න කලිං,ධීවර ගම්මානයක හිටපු කෙනෙක් Managi කියල..
මෙයාගෙ අම්මල තාත්තලත් ධීවර උදවියම වෙලා හිටපු අය..කොහොම හරි එක වතාවක මුහුදු ගිහිං ආපසු මේ දෙන්න එන්නෙ නෑ..☹
පස්සෙ කාලෙකදි මෙයාලගෙ මල සිරුරු හමුවෙනවා ගොඩක් විරුපි වෙලා..
ඒ හේතුව නිසා තනි වෙන මේ managi එක්ක ගමේ මිනිස්සුත් වැඩි ආශ්‍රයක් තිබ්බෙ නෑ.
කොහොම හරි එක දවසක් මෙයාට විහිලු කරන්න ආව පොඩි එකෙක් එක්ක මල පනින managi ඒ පොඩි දරුවව මරල ඒ මල සිරුර ජොග්ගුවක (ටිකක් ලොකු එකක ඈ) හංගනව..
මේ සිද්දිය දැනගන්න ⁣ගමේ මිනිස්සු සහ ඒ දරුවගෙ දෙමව්පියෝ ඇතුලු පිරිස මෙයාව හාපූන් එකකිං ඇනල මැරෙන්න දාලා යනව..
කොහොම හරි ටික වෙලාවකිං එතනිං ගමනක් යන්න එන Muzan ට මෙයාව හමුවෙලා,Managi ව Demon කෙනෙක් බවට පත් කරනවා..
පහු ගිය මනුෂ්‍ය ජීවිතේ පිලිබඳ මතකයක් නැති උනත් ඒ පුරුදු Demon කෙනෙක් ලඟ ඉතුරු වෙනව කියල මම කිව්ව නෙ කලිං..
ඉතිං Gyokko ත් Demon කෙනෙක් උනාට පස්සෙ වැඩිපුරම කාල දාන්න බලන්නෙ පොඩි ළමයින්ව
ඒ වගේමයි එයාත් හැංගිලා ඉන්න පාවිච්චි කරන්නෙ අර වගේ මැටි ජොග්ගු ම තමයි 

ඉතිං Gyokko ගැන ඔච්චරයි...
මොකද ලඟ ලඟම එන SV arc එකේ මුල ඉඳලම වගේ ඔයාලට මෙයාව දැකගන්න පුලුවන් වෙනවා.. ඒ වගේම තමයි දකින Unique ම Battle එකකුත් මෙයා එක්ක අපිට දකින්න ලැබෙයි..
ඊටත් වඩා,personally මට මේකව වැඩිය වර්ණනා කරන්න හිතෙන්නෑ එක scene එකක් නිසා SV arc එකේම තියන 
ඒ මොකද්ද කියල දැනගන්න ඕනනං අද හෙට ඉඳලම manga කියවන්න ගන්න 

ගිහිං එන්නං 
Stay Hyped 


Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬