The Upper Moon One - Kokushibou
"මට ශක්තිවන්තයෙක් වෙන්න ඕන කියල හිතුවද..? මිනිස්සු කන තරමට ශක්තිය එන්න..
මට අවුරුදු 100 දහස් ගානක් ජීවත් වෙන්න ඕන කියල හිතුවද..?කිසිම බැඳීමක් නැතිව
මේ වගේ කාලකන්නි ජීවිතයක් අරගත්තෙ මම මැරෙන්න බය නිසා කියල හිතුවද..?
නෑ...
මට ඕන උනේ ඔයා වගේ වෙන්න..
Yorichi, මගෙ මල්ලි.."
Moshi moshi..
ඔයාල ගොඩක් සතුටින් සනීපෙන් ඇති කිය.. Shit ! this is Sri lanka . sorry !
ඔයාල ගොඩ දෙනෙක් අපි දාපු Vote post එක හරහා වගේම personally msgs වලින් පවා Request කරපු Character එකක් අරගෙන ඔන්න මම ආවා එහෙනං .. උඩ දාල තියන කෑල්ල දැක්කම නං දැනටම Guess කරලත් ඇති..
එහෙනං, අද කතා කරමු... The 'Moon Samurai' of the Demon slayer Universe, The upper moon One 'Kokushibou' A.k.a. Michikatsu Tsugikuni ගැන ...
Major Spoilers Ahead for Anime Onlys !
.
.
.
මීට වසර 500කට විතර කලින්.. Demon slayers ලගෙ Golden era එන උන sengoku era වලදි, akeno tsuguni කියන අම්මට පුත්තු දෙන්නෙක් ඉපදෙනව.. මේ දෙන්න නිවුන්නු දෙනනෙක්..
Yorichi සහ Michikatsu කියල නම් දරපු මේ දෙන්න හරි අවාසනාවන්ත විදිහට පොඩි කාලෙ ඉඳංම වෙන් වෙලා තමයි ජීවත් උනේ..මේකට හේතුව අපි Yorichi ගෙ කතා වෙං දැනගම්මු කො..
කොහොම හරි yorichi වෙන් වෙලා නිසා michikatsu තාත්ත ත් එක්ක හැදී වැඩුනා..එයාට හැමදාමත් ඕන උනේ සමුරායි කෙනෙක් වෙන්න... ඉතිං මේ වෙනුවෙන් එයා එයාගෙ පොඩි කාලෙ ඉඳන්ම පුහුණු වෙද්දි එයාගෙ මල්ලි yorichi නිකම්ම ඒ දිහා ජනේලෙකිං බලං හිටිය කෙනෙක් උනා ....
මේ කාලෙ වෙනකොට මේ දෙන්නගෙ අම්මත් අසනීප වෙලා හිටියෙ..කොහොම හරි එක දවසක michikatsu ට උගන්නන ගමනකදි එයාගෙ තාත්ත ගෙ යාලුවෙක් Yorichi ටත් එන්න කියනව පුහුනු වෙන්න..
නිකං බලං හිටිය කෙනෙක් නිසා එයාට Basic දේවල් ටිකක් කියාදෙන්න හිතුවත්,ඉතාමත් පුදුම විදිහට Yorichi එයාට සහයට ආව කෙනාට critical blow 4ක්ම Land කරන්නෙ වටේට හිටිය හැමෝම පුදුම වෙද්දි..
මෙච්චර දවසක් sword එක practice කරලත් එකම එක සාර්ථක blow එකක්වත් land කරන්න බැරි උන michikatsu මේකෙං පුදුමයටත්, බයටත් වගේම යොරිචි ගැන ඉරිසියාවකටත් පත්වෙනව.
මෙච්චර දවසක් පවුලෙ highlight වෙලා හිටිය miichikatsu ට ඒක නැති වෙයි කියල බයක් හිතෙනව සහ එයා අච්චර පුහුණු වෙලත් අසාර්ථක වෙද්දි ඒක දිහා බලාගෙන විතරක් හිටිය යොරිචි අර තරම් සාර්ථක වෙන එක ගැන ලොකු ඉරිසියාවක් මේ michikatsu ට ඇති වෙනව..
කොහොම හරි මේ ගැන ඉව වැටෙන yorichi ඒ දේ වෙන්න දෙන්නෙ නෑ.. ඇත්තම කියනවනං එයාට කවදාවත් Samurai කෙනෙක් වෙන්න ඕන වෙන්නෙත් නෑ..ඒ නිසා එක දවසක තමන්ගෙ අම්මව බලන්න ඇවිල්ල පිටත් වෙන්න කලිං මේ ගැන michikatsu ට කියන යොරිචි, එයාට worry වෙන්න එපා කියල එයාලගෙ නිවසෙන් යන්නම යනව..
(මේ කතාව මීට වඩා ලස්සනයි වගේම දිගයි Guys. මම අනිවාර්යයෙන්ම ඒක ඔයාලට කියන්නං..ඒත් මේකට වඩා ඒක Yorichi ගෙ පැත්තට අරං කියද්දි ලස්සනයි..ඒ නිසා ඉවසන්න 😌)
කොහොම උනත්,Yorichi ගෙ attitude එක Strong එක වගේම ඒ වගේ දෙයක් කරන්න තරම් තිබ්බ knowledge එක ගැනත් ඉර්ශ්‍යා කරන michikatsu.. හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙ එලියට ගිය යොරිචි මැරෙන්න කියලම තමයි...
කොහොම හරි එතනිං අවුරුදු 10කට විතර පස්සෙදි Michikatsu සමුරායි කෙනෙක් වෙනව. ඒ වගේමයි එයා කසාදත් බඳිනව ළමයි දෙන්නෙක්ගෙ තාත්ත කෙනෙක් වෙන්නත් වාසනාවන්ත වෙනව ..
එක දවසක මෙයාල ගිය මිශන් එකක් අතරෙදි ඒ අය හිටිය Camp එකට Demon කෙනෙක් attack කරනව..එතනිං බේරෙන්නෙ michikatsu විතරයි....
හිතන්නත් කලිං ඒ වෙලාවෙදි එතනට එන Yorichi මේ Demon ව මරල දානව.. අවුරුදු 10කට පස්සෙ සහෝදරයො දෙන්නට දෙන්න හමුවෙන මේ ගමනෙදි පුදුමයෙන් පුදුමයට පත්වෙන Michikatsu.. ඉස්සරටත් වඩා ඊර්ෂ්‍යාවට පත් වෙනව යොරිචි transform වෙලා ඉන්න level එක දැකල...
මේ තත්වෙට එන්න වියරුවැටෙන michikatsu මේ සේරම අත ඇරල, තමන්ගෙ මල්ලි වැඩ කරන Demon Slayer corp. එකට බැඳෙනව..
මෙතනදි එයා දකිනව එයාගෙ මල්ලි විසින් හොයාගත්තු Sun breathing කියන technique එක එයාගෙ fellow Slayers ලට උගන්නන ව කියල, ඇත්තටම ඒ ඉගැන්නුවට ඒක සාර්ථක වෙන්නෙ නෑ ... ඒ වෙනුවට ඒ technique එක හරහා විවිධ වෙනත් technique බිහි වෙන්න පටං ගත්ත.
කොහොම හරි ඒ වෙන කොට හිටිය Wind breather කෙනෙක් එක්ක පුහුනු උන michikatsu.. එයාගෙ Demon slayer mark එක awake කලා වගේමයි.. අනික් Slayers ල වගේ ම තමන්ට ම Unique style එකක් හොයාගත්ත Moon breathing කියල.
මේ මොනව කරත්,මොනව උනත්.. එයාට කිසිම වෙලාවක Yorichi ලඟට කිට්ටු වෙන්නවත් බැරි වෙනව කිසිම වෙලාවක..
මෙන්න මේ දේ හන්දා ලොකු කේන්තියකින් ඉන්න michikatsu ට එක දවසක් අහම්බෙන් හමුවෙන Muzan හරහා තව දෙයක් දැනගන්න ලැබෙනව.. ඒ තමයි අපි කලින් එක ලිපියකින් දැනගත්තු 'The curse of the slayer mark' එක..😶
මේ නිසා එයාට එයාගෙ මල්ලිව ජීවත් වෙලා ඉන්න කාලෙදි පරාද කරන්න බැරි වෙයි කියල බය වෙන Michikatsu, එයාගෙ ස්ව කැමත්තෙන්ම Demon කෙනෙක් බවට පත් වෙනව....
එදා ඉඳං michikatsu කියන නම අතෑරල දාන මෙයා Kokushibou නමින් ජීවත් වෙන්න ගන්න අතර, Demon Slayer ඉතිහාසය පුරාවටම ඉන්න අතිශයින් දරුණුතම, ශක්තිවන්තම සහ රෞද්‍ර තම Demon ඒ විදිහට Universe එකට එකතු වෙනව.
මෙයා මොනවගේද කියල දැනටමත් ඔයාල එහෙං මෙහෙං දැකලත් ඇති මේ වෙනකොට..
මෙයා ටිකක් උස, muscular body එකක් එක්ක Spiky long hair එකක් තියන කෙනෙක්...bee hive pattern එකක් තියන දිග Kimono එකක් එක්ක Hakma pants අඳින මෙයාගෙ විශේෂයෙන්ම මතක හිටින දේ තමයි...මූන
සෙට් 03කට තියන ඇස් හයක් තියන මෙයාගෙ මූනෙ මැද ඇස් දෙකේ upper moon සහ one කියන kanji අක්ෂර දකින්න පුලුවන්...
Human life එකේදි awake කරගත්තු Demon slayer mark එක mutant වෙලා එයාගෙ නලලෙ ඉඳන් මූන මැදටත්,වම් පැත්තෙ බෙල්ලෙ ඉදං මූන මැදටත් විහිදිලා තියෙනව දකින්න පුලුවන්..😌
මෙයාගෙ Final fight එකේදි sanemi සහ Gyomey මෙයාව beheaded කරද්දි අපිට kokushibu ගෙ Full potential එක දැක ගන්න ලැබෙනව... ඒක නං literally menacing වගේම frightening look එකක්..
කොහොම උනත්,මේ kokushibu ගොඩක් වෙලාවට පේන්න එන කෙනෙක් නෙවෙයි..ඒ වගේමයි එයාට Upper moon ranking ගැන වැඩි දැනුමක් තිබුන කෙනෙකුත් නෙවෙයි..ඒකට හේතුව මෙයා Demon කෙනෙක් විදිහට ගොඩාක් වෙන් වෙලා හිටිය එක වෙන්න පුලුවන්..😌
කොහොම උනත් upper moon hierarchy එකට ගොඩාක් ගරු කරන මෙයා ඒකටත් වැඩියෙන් Muzan kibutsuji ට respect කරා වගේම එයා විසින් පනවල තියන සියලුම නීති ඉතාමත් දැඩිව පිලිපදින ගමන්ඒ මතම රැඳී හිටියා..
ඒ වගේම මෙයා ගොඩාක් සතුටු වෙන කාරණාවක් විදිහට එයාට එයාගෙ ප්‍රතිවාදීන් Challenge කරන තැන පෙන්වන්න පුලුවන්..😌
හැම වෙලාවෙම මෙයා එක්ක සටන් කරන්න එන ප්‍රතිවාදීන් ට ඉතාමත් හොඳ සටනක් දෙන kokushibu ඒ හා සමානව ම ඒ ප්‍රතිවාදියා ට ගරු කරන්නත් දෙපාරක් හිතන්නෑ..
Muichiro, Gyomey වගේ Beyond human abilities තියන slayers විදිහට kokushibu දැක්ක Hashira ල එක්ක සටන් කිරීම ගෞරවයක් විදිහට දකින්න තරම් නිහතමානි උන මෙයා.. ඇත්තටම Gyomey වගේ ඉතාමත් බල සම්පන්න කෙනෙක් Slayer mark එක awake කර ගත්තු එකට දුක් උනා..(Curse එක නිසා.)
ඒ වාගෙමයි මේ දෙන්නටම Demon life එක ප්රදානය කරන්නත් එයා දෙපාරක් හිතන්නෙ නෑ ....
මොන තරම් ඊර්ෂ්යාවකිං තරහකිං හිටියත් හිත යටින් ඇත්තටම තමන්ගෙ සහෝදරයට පන වගේ ආදරේ කරපු මෙයා, Yorichi ට Curse එක effect උනේ නැති එකට ගොඩක් සතුටු උනා වගේම එයාගෙ මරණය ලඟදි හදවතින්ම දුක් වෙලා හඬා වැටුන කෙනෙක්..🥺
මේ හැම එකක් එක්කම, එතෙක් මෙතෙක් බිහි උන අති බිහිසුණු ම යක්ෂයෙක් උන මෙයා දෙවනි වෙන්නෙ Muzan kibutsuji ට විතරමයි..👌
දැනට ඉන්න පරණම Moon කෙනෙක් වගේම skillful ම Moon වෙන මෙයාට ඕනම Demon කෙනෙක්, Human කෙනෙක් physical contact එකක් හරහා Absorb කරගන්න පුලුවන් වගේම.. Transparent world ability එක unlock කරගෙන ඉන්න එකම Demon විදිහටත් හඳුන්වන්න පුලුවන්..
Demon slayer mark සහ Bright red nichirin abilities දෙකම unlock කරපු දැනට Slayer ල අතර ඉන්න බලවත්ම Slayers ල තුන් දෙනෙක් ව තනි technique එකකිං Hold කරන්න තරම් මෙයා powerful කෙනෙක්..
ඒ වගේමයි මෙයාගෙ Moon katana එකත් හරිම Unique..මේ කටානා එක එයාට ඕන ඕන විදිහට වෙනස් කරන්න පුලුවන් වගේමයි..එයාගෙ ශරීරයෙන් ඕන තරමක් katanas මවන්නත් මෙයාට පුලුවන්..
පේනවනෙ...තරහව, ඉරිසියාව කියන දේ අපිව කොතරම් තරඟකාරී කරනවද ? ඒ දෙක නිසා අපිට කොයි තරමක් Limits Surpass කරන්න පුලුවන් වෙනවද ? කියන එක ගැන ඉඟියක් Kokushibu හරහා Sensei කියාදෙන්න හදල තියනවද කියල..
කොකුශිබු වගේ ඕනම දේකට Competitive වෙන අය අපි අතරෙත් ඉන්නව.. ඒ දේවල් නිසා ලෝකෙට හැමදාමත් හොඳ දේ වගේම නරක දේත් ලැබෙනව..
Kokushibu ගැන තවත් කතා කරමු Yorichi ගෙ article එකෙනුත්...
ඒ වගේම Manga එක කියවනවනං මීටත් වඩා ලස්සනට ඔයාලට මෙයා ගැන දැනගන්න පුලුවන් ❤
අදහස් යටිං කියාගෙන යන්න
අදට ගිහිං එන්නං 😌
Peace ✌
👍👍👍👍
ReplyDelete