The Upper Moon Four - Hantengu



... අ⁣ඤේ..මම අහිංසකයි ...

Moshi Moshi.....

රටේ තොටේ වෙන බහුතරයක් දේ හොඳට වෙද්දි..
ඊට යටිං භයානක දේවල් ටිකක් වෙන්න යනව වගෙ Guys..
මොලෙං හිතල වැඩකරන්න ඕන කාලෙක රටම ඉන්න වෙලාවෙ..
ඔන්න මම අදත් අරං ආවා KnY weekly article එක ඔයාලට..

අද අරං ⁣එන Demon ගැන ගත්තොත්,මෙයා ගැන අපි අන්තිමට කතා කරපු Demon Gyokko තරමටවත් කතා වෙන්නෙ නෑ..ගොඩක් anime බලන අය අතරෙ ප්‍රසිද්ධත් නෑ..
හැබැයි,අද මම කතා කරන්න යන්නෙ KnY universe එකේ අතිශයින්ම බලසම්පන්න Demon කෙනෙක් ගැන... කෙටියෙන්ම කියනවනං මෙයා දැනට හිටිය ශක්තිමත්ම Demons ලගෙන් 05 වෙනි තැනට හිටිය කෙනෙක්...
එහෙනං, කතා කරමු.. KnY තුල සිටි The upper moon 04 'the emotional' Hantengu ගැන

Major Spoiler Alert for Anime Onlys ! 

.
.
.

Hantengu ගැන ගත්තොත්, මෙයා හෙනම දුර්වල පෙනුමක් තියන,කෙට්ටු ඇටකටු ගැහිච්ච ඇඟක් තියන කෙනෙක්...
ගොඩාක් වයසක කෙනෙක්ගෙ පෙනුමකට සමාන,වැහැරිලා ගිය පෙනුමක් තියන මෙයාගෙ විශේෂම දේ තමයි ඔලුව...
ඔලුවෙ මැද්දට වෙන්න ලොකු ගෙඩියක් (Bump) පිහිටන මෙයාගෙ නලල දෙපැත්තෙං එලියට ආව ලොකු Demon horns දෙකකුත් තියනව 
අනික් demon ල වගේ නැති හෙන දුර්වල නිය සහිත අත් දෙකකුත් එක්කම තවත් විශේෂ දෙයක් තමයි මෙයාගෙ දිවේ තියන 'Fear' සලකුන..(තනි ජපන් Kanji අක්ෂරයක් මේක)
මේ සේරම දේවල් දුර්වල උනාට..hantengu ට පිහිටලා තියන Neck එක නං අතිශයින්ම ශක්තිමත්..❤️‍🔥
ඇත්තටම මේක එයාට තියෙන විශේෂ ability එකක් කියල උනත් හඳුන්වන්න පුලුවන්,මොකද මේ බෙල්ල Slay කරන්න ගොඩාක් අමාරුයි..Upper level එකක Nichirin sword එකක පවා ශක්තිය Question කරන තරමටම මේ බෙල්ල හයියයි..

හරි,ඔයාලා බලනව ඇති මෙයා මෙච්චර weakling නං කොහොමද upper moon කෙනෙක් වෙන්නෙ කියල..
ඒකට හේතුව තමයි සරලවම,මෙයාට හිමි උන Blood demon art එක.. 
මේ Blood demon art එක ගොඩක් විශේෂයි..ඒකට හේතුව තමයි ඒ හරහා මෙයාට පුලුවන් ⁣Clones නිර්මාණය කරන්න...
මේ Clone නිර්මාණය වෙන්නෙ මොනවෑන්ද කියල බලනවනං..ඒව නිර්මාණය වෙන්නෙ මෙයාගෙ හැඟීම් එහෙම නැත්තං emotions base වෙලා..
මේ වගේ Clones 06 ක් මෙයාට තමන්ගෙ Blood demon art එක හරහා හදාගන්න පුලුවන්..
ඒව තමයි
  • Sekido (කෝපය)
  • Karaku, (සාමය)
  • Aizetsu (⁣දුක)
  • Urogi (සතුට)
  • Zohakuten (වෛරය)
  • Urami (අමනාපය)

මේව ගැන පොඩියට මම කියාගෙන යන්නං...

Sekido - 

මේ මෙයාගෙ පලවෙනි Clone එක..මෙයා හැම වෙලාවෙම ඉන්නෙ පුලුවන් තරම් නොරිස්සුමක් මූනෙ තියාගෙනමයි 
උස,පැහැපත් පෙනුමක් තියන මෙයාගෙ දිග කොණ්ඩයක්,Crack markings සහිත මූනකුත් වගේම ලොකු pointy Horns දෙකකුත් තියනව...
හැම වෙලාවෙම මෙයා අතේ Kakkhara එහෙම නැත්තං හෙල්ලයක් වගේ item එකක් තියෙනවා දකින්නත් පුලුවන් 

Karaku - 

Clone වෙන්නෙ Relaxing කියන feeling එකෙං උනාට,මූ කිසිම relaxable එකෙක් නං නෙවෙයි ..හැබැයි හැම වෙලාවෙම බොහොම සාමකාමී පැහැපත් හැඟීමක් තමයි මූනෙ තියාගෙන ඉන්නෙ..අතේ තියාගෙන ඉන්නෙ අවානක් වගේ ආයුදයක් හැබැයි ගහක කොලයක් වගේ හැඩයක් තියන..
මෙයා කිසිම දෙයක් බරපතලෙට ගන්නෙ නෑ..අඩුම මෙයාගෙ opponent ව පවා..ඒක දකින්නෙත් ක්‍රීඩාවක් කරනව වගේ කියල හරි සැහැල්ලු විදිහට
අනෙක් සේරම දේවල් ඉතිරි අයට සමානයි..

Aizetsu - 

Clone අතර ඉන්න Calming ම චරිතෙ තමයි මෙයා.. අනික් අය වගේ පැනපු ගමං නෙලාගෙන යනව වෙනුවට බොහොම සන්සුන් විදිහට තමන්ගෙ ප්‍රතිවාදියාව analyze කරල..එයාගෙ ,Skill වගේම Weak points ත් වෙන වෙනම බලාගෙන තමයි මෙයා එලියට එන්නෙ..

Urogi - 

Clone වෙන emotion එක වගේම තමයි මෙයත්.. ගොඩාක් joyfull .. karaku වගේම තමන්ගෙ ප්‍රතිවාදියාව Game එකක් විදිහට නැත්තං,තමන්ට විනෝද වෙන්න ලැබුන දෙයක් විදිහට දකින මෙයා..ප්‍රතිවාදියා දක්ෂ වෙන්න වෙන්න ඒකෙං ගොඩාක් සතුටු වෙන කෙනෙක්..
ඒ වගේමයි සියලුම Clones අත⁣ර ඉන්න unique ම කෙනාත් මෙයා තමයි..සාමාන්‍ය ශරීර ලක්ෂන වලට අමතරව මෙයාට පිහිටල තියන අත්තටු යුගලයකුත් දකින්න පුලුවන්..

Zohakuten - 

මෙයාත් Sekido වගේම තමයි..හැබැයි ඉන්න සියලුම Clone අතර බුද්ධිමත් ම කෙනා.. ඉතාම ඉක්මනට කේන්ති ගන්න කෙනෙක් වගේම තමන්ගෙ ප්‍රතිවාදියා ව ඉක්මනට Predict කරන්නත් මෙයාට පුලුවන්... ඒ වගේමයි තමන්ගෙ opponent ව පුලුවන් තරම් Insult කරන්නත් මෙයා ගොඩක් කැමතියි..
ඉන්න සියලුම Clone අතරෙ 
muzan ට ඉහලින්ම ගරු කරන කෙනා කිව්වොත් හරි 

Urami - 

Clone වෙන emotion එක වගේම ඉන්න තවත් එකෙක් තමයි මූ.. ඒ වගේමයි සියලුම Clone අතර Furious ම face එකක් තියෙන්නෙ මෙයාට... හැම වෙලාවෙම Hantengu තමන්ව Innocent කියල කියනව වගේම මෙයත් අනික් අයට Hantengu කියන්නෙ අහිංසකයෙක් කියල පිලිගන්න බල කරන කෙනෙක් 

 ඔන්න ඔය වගේ තමයි සරලව ගත්තොත් Hantengu ගෙ Blood demon art එක වෙන Clones ගැන සරලව කියන්න තියෙන්නෙ..
ඒ එක්කම ඉන්න real body එක එහෙම නැත්තං Hantengu ගැන කියනවනං.. මෙයා ඉන්නෙ හැම වෙලාවෙම බය වෙලා වගේ..
ඒ වගේමයි කිසිම ගැලපීමක් නැති තැන් වල දි,හොඳම වැදගත්ම සිද්දි අතරෙදි කිසි තේරුමක් නැතුව අඬන පුරුද්දකුත් මෙයාට තියනව 
හැම වෙලාවෙම කොහෙ හරි අස්සකට රිංගල පැනල යන්නම හදන මෙයා Demon කෙනෙක් වෙලා ඉඳං මිනිස්සු බර ගානක් විනාශ කරල කාලා දැම්මත්, තමන් කියන්නෙ හරි අහිංසකයෙක් කියල හිතාගෙන ඉන්න කෙනෙක්...

මේ දේවල් සේරම අස්සෙදි,අමතක කරන්න එපා මේ ඉන්නෙ KnY විශ්වයේ පස් වෙනියට ශක්තිමත් ම Demon..
ඉතිං මෙයාගෙ overall abilities ටික Next level තියෙන්නෙ..ඊට අමතරව Strong neck සහ Flesh manipulation abilities එකතු උනාම, මෙයාව Defeat කරන එක Nearly impossible වෙනවා..
විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපි ඉස්සෙල්ලම දකින Demon slayer mark එක awake වෙන්නෙ මෙයා නිසා... ඒ Kanroji ගෙ මාක් එක..

ඔයාලට මේ මාක් එක ගැන විස්තර ගෙනාවම තේරුම් ගන්න පුලුවන් වෙයි.. මේක මොන තරම් Brutal level එකකට යන්න ඕනද කියල Awake කරන්න...

ඉතිං,වැඩිය නොදන්නව උනාට අවතක්සේරු කරන්න එපා කාවවත්..
වැඩිය අහන ගොඩක් අය මෙලෝ රහක් නැති වෙද්දි..සද්ද වහල ඉන්න අය Lethal වෙන්න පුලුවන්... ඕනම තැනකදි..

ගිහිං එන්නං...
ඔයාලගෙ අදහස් යටිං දාගෙන යන්න..
And..... Stay calm guys, We are this much close  to the Victory 

Hang on tight and stay calm..

Peace ✌️




Comments

Post a Comment

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬