සෙකිරෝ සහ නිර්වාණයෙහි සැබෑ අරුත



Soulsborne Series කියන්නේ මේ ලෝකේ තියෙන පරිගණක ක්‍රිඩා අතුරින් හුගක්ම Unique Gaming Franchise එකක් වන අතර මෙම Soulsborne Series එකේ Lead Designer සහ From Softwareහි සභාපති වන Hidetaka Miyazaki සෘජුවම කියලා තියෙනවා මෙම Gaming Franchise එකට අනුප්‍රාණය ලබලා තියෙන්නේ Berserk Manga එක මගින් කියලා.

From Software's Soulsborne Franchise


ඉතින් මේ Soulsborne Series එකේ Demon's Souls, Dark Souls, Bloodborne, Elden Ring යන පරිගණක ක්‍රිඩාවල හුගක් බුද්ධාගමට හා සම්බන්ධ දේවල් පාවිච්චි කරලා තියෙනවා. එයින් හුගක්ම පාවිච්චි කරලා තියෙන්නේ අපේ ෂිනෝබි වන Wolf ඉන්න Sekiro කියන පරිගණක ක්‍රිඩාවේ.

Sekiro


මොකද්ද මේ පරිගණක ක්‍රිඩාවේ විශේෂත්වය කියලා ඔය කට්ටිය ඇහුවොතින් ඒක Soulsborne පරිගණක ක්‍රිඩාවලින් බටහිර ආභාෂයක් නැති එකම පරිගණක ක්‍රිඩාවද වන අතර එය පාදක කර ඇත්තේ ජපානයේ සෙන්ගොකු යුගයේය.

Sengoku Period Warfare


සටහන:- ජපානයේ සෙන්ගොකු යුගය ක්‍රි.ව.1467- ක්‍රි.ව.1615 දක්වාද වන අතර එය හැදින්වුයේ ජපානයේ නිතර නිතර සිවිල් යුද්ධ ඇති වෙන යුගයක් ලෙසයි. නිකන් අපි ඉස්සෙල්ලා කතා කරපු චීනයේ Three Kingdoms Era නැතහොත් Warring States Era එක වගේම තමා මේ ජපානයේ සෙන්ගොකු යුගයත්. මේ යුගයේම තමා යුරෝපීයයන් ජපානයට ඇවිත් Arquebus වැනි තුවක්කු වර්ග හදුන්වා දුන්නේ. තවද මේ යුගයේම තමා Oda Nobunaga සහ Toyotomi Hideyoshi වැනි ජපන් පුරාවෘත්තත් බිහි වුනේ. ඒත් එක්කම මේ කාලේම ජපානය කොරියාව ආක්‍රමණය කිරිමේ පළමු අදියරද දියත් කර තිබු අතර ටොකුගාවා ෂෝගනේට්වරයා සහ ඔහුගේ හමුදාවන් ඔවුන්ගේ සෙකිගහාරාහි සටනත් (Battle of Sekigahara) දියත් කරේ. මෙම යුගය ආරම්භ වුයේ අෂිකාගා ෂෝගනේට් යුගයේ අවසානයත් සමග වන අතර මෙය අවසන් වුයේ 1615දී ඔසාකාහි සටනින් (The Siege of Osaka) ටොකුගාවා ෂෝගනේට්වරයා සහ ඔහුගේ හමුදාවන් ජයග්‍රහණය ලබා ජපානය ඔවුන්ගේ යටතේ එක්සේසත් කිරිමෙනි.

කොහොමහරි අපේ Sekiro ගහපු අය දන්න දෙයක් තමයි ඒ පරිගණක ක්‍රිඩාවේ හැම චරිතයක්ම පාහේ බලන්නේ නැවතත් පුනරුත්පත්ථියක් ලබන්නේ නැතිව මැරෙන්න පුළුවන් විදියක්. සරලම කිව්වොතින් ඒ අය ඔක්කොම නිර්වාණය ලබාගන්න බලන්නේ.

අපි දන්නා බුදුදහම අනුව නිර්වාණය ලබන්න නම් අනිවාර්යයෙන්ම ඔබ පැවිදි කෙනෙකු හෝ හාමුදුරුවෝ නමක් විය යුතුමයි එහෙත් මේ පරිගණක ක්‍රිඩාවේ චරිත බලනවා එසේ පැවිදි කෙනෙකු හෝ හාමුදුරුවෝ නමක් නොවී නිර්වාණය ලබා ගන්න පුළුවන් විදියක්. එම නිසා ඒ අය විවිධාකාර වු ආකාර අත්හදා බලනවා නිර්වාණය ලබාගන්න. සමහර අය යක්ෂයෝ වෙනවා. සමහර අය ඔවුන්ගේම දෙවිවරු හදන්න බලනවා. සමහර අය සටන් කරලාම මැරෙන්න බලනවා. එන්න ඒ වගේ දේවල් කරලා ඒ අය හොයන නිර්වාණය ලබාගන්න බලද්දි ඒ අය දැනගන්නවා Mortal Blade නම් කඩුවක් ගැන.

එයින් ඔවුන්ට ඕන දේ සිදු වෙනවා. ඒ තමා නැවතත් පුනරුත්පත්ථියක් නොලබා මරණය අත්කරගැනිම. ඒ වුනාට ප්‍රශ්නේ තමා අපේ Protagonist වන Wolfට පමණක් ඒ කඩුවෙන් ඔහුගේ ජිවිතය ඉවර කරගැනිමට බැරි වීමයි. ඒ නිසා ඔහු බලනවා ඔහුගේම වු නිර්වාණය ලබන්නේ කොහොමද කියලා. අපි පළවෙනියටම මැරුනාම පස්සේ අපේ බොරු අත අපිට හදලා දෙන උපාසකයා මෙහෙම කියනවා.

"So you're awake. Looks like death is not your fate just yet. Some time has passed since I found you: your master still lives but they'll soon make use of his bloodline. The limb you have lost will give way to something more... useful. You'll learn to appreciate its worth. Your death won't come easily."

ඉහත වැකියෙහි සිංහල පරිවර්තනය

"ආ ඔයා ඇහැරුනා නේ. බලන් යනකොට ඔයාට මරණයක් ඉරණම් වෙලා නෑ වගේ තාම. මම ඔයාව හොයාගෙන කාලයක්ම ගත වෙලා තියෙන්නේ. ඔයාගේ ස්වාමින් තාම පණ පිටින් ඉන්නේ ඒත් ඒවුන් එයාගේ පරපුර උපරියටම පාවිච්චි කරලා ඉවරයක් කරයි. ඔයාට නැති වුන අත ඔයාට ලොකු... උපකාරයක් වෙවි. ඔයා කාලයක් යත්ම ඉගෙනගනි මෙහි වැදගත්කම. එතකන් ඔයාගේ මරණය ඔයාට ලේසියෙන් අත්කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි"

ඉතින් ඒ නිසා අපේ Protagonist වෙන Wolf නැතහොත් Sekiro බලනවා ඔහුගේ මරණය අත්කරගන්න පුළුවන් ආකාරයක්. බුදු දහම අනුව අපි නිර්වාණය ලබන්න නම් පළමුම අපට තියෙන බැදිම්වලින් ඈත් වෙන්න ඕනේ. එන්න ඒ නිසායි සිදුහත් කුමාරයා උන්වහන්සේගේ බිරිද, පුත්‍රයා සහ අනාගතයේ උන්වහන්සේට උරුම වී තිබු සිංහාසනයත් අතහැර පැවිදි කෙනෙකු වෙන්න ගියේ.

Sekiroහි මුලික Theme එක වන්නේද මේ "නිර්වාණය" කියන මාතෘකාවයි. අවසානයේදි Sekiroට ඔහු පොරොන්දු වු නිර්වාණය නොලැබුණු නිසා සමහර විට මේ පරිගණක ක්‍රිඩාවේ Sequel එකකුත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

එතකොට කොහොමද අපේ Wolf/Sekiro චරිතයට නිර්වාණය ලබන්න පුළුවන්? ඔහු හාමුදුරුවෝ නමක් වී අරහත්භාවය ගන්න ඕනේද? නැත්නම් වෙන ක්‍රමයක් ඇත්තේම නැත්ද?

සෑබැවින්ම මේ නිර්වාණය කියන්නෙත් හරියටම මොකද්ද කියන ප්‍රශ්නය තමා මේ පරිගණක ක්‍රිඩාව අපෙන් අහන්නෙත්. 

ඉතින් ඔය කට්ටිය මොකෝ හිතන්නේ? ඔය කටිට්ය හිතන්නේ මොකද්ද සෑබෑවටම නිර්වාණයෙහි සෑබෑ අරුත කියලා?



Comments

Post a Comment

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬