The Upper Moon Two - Douma



උඹල මොන දේ කිව්වත්...
මම හැමදාමත් උඹලව දකින්නෙ..මේ ලෝකෙට බිහි උන දුර්වලම එවුං විදිහට..

Moshi Moshi.. and What a great week isn't it..?

WOA Blog එක Full happening එකේ ඔයාලා අතර යද්දි..එහෙං johnny නඩුවත් දිනල...

දෙයියනේ දෙයියනේ... 

මෙහෙම යද්දි ඔන්න අද,ටිකක් පරක්කු වෙලා උනත් ඔයාලට අරං ආවා හැම සතියෙම ඔයාලා බලාගෙන ඉන්න KnY article එකත් අරගෙන..

අද කතා කරන්න යන්නෙ..දැනට KnY වල ඉන්න බොහෝ දෙනෙක් Hate කරන,ඒ උනාට anime fan girls ලගෙනං හෙන...Crush එකක් වෙලා තියන සහ වෙන්න නියමිත..

The 'Most hated' Upper Rank two, The Doma ගැන.. යං එහෙනං...

Major Spoiler Alert for Anime Onlys !
.
.
.

Doma ගැන ගත්තොත් මෙයා ඇත්තටම ඉන්න Demons ලගෙං පට්ටම ලස්සන කෙනෙක්.. KnY universe එකේ Major antagonist කෙනෙක් වෙන මෙයා..කිව්වත් වගේ Current Upper moon 2 position එකේ ඉන්න කෙනා..

Silver Color Hair එක pale skin එක ඒ සේරටම වඩා පට්ටම ලස්සන Rainbow Colored Eyes.. The Cute but menacing Smile එක.. ඔයාලා කාටවත් මෙයාව අමතක කරන්නෙ නැතිව ඇති.. 

මේ සේරම දේවල් වගේම එයාගෙ clothes සහ අතේ දකින්න ලැබෙන Sharp Fan එක ත් දකින ඕනම කෙනෙක්ට එයාව අමතක කරවන්නෙ නෑ...
ඇත්තටම Doma ගෙ තියන මේ Beyond monstery look එක නිසා,ගොඩ දෙනෙක් එයාව ⁣Demon කෙනෙක් විදිහට මුලින්ම විශ්වාස කරන්නෙත් නෑ.. හුඟක් අය විශ්වාස කරන්නෙ මෙයා දෙවියන් ගෙං ආශිර්වාදය ලබපු කෙනෙක් විදිහට 


කොහොම උනත්,ඇත්තටම අනික් කිසිම Demon කෙනෙක්ට නැති විදිහට මෙයාට Cult එකක් පිහිටල තියනව... ඒ කියන්නෙ මෙයාව අදහන්න පිහිටව ගෙන ඉන්න,එයාගෙ Followers ලගෙ සංගමයක්,නිකායක් වගේ දෙයක්..
''Eternal Paradise Faith" කියල හඳුන්වන මේ නිකාය තුල නායකයා වෙලා ඉන්න මෙයා ඒකෙ ඉන්න එයාගෙ Followers ලගෙ ප්‍රශ්න අහල ඒවට විසඳුම් දීලා..අන්තිමට ඒකට හිලව්වක් විදිහට ඒ Followers ලව මරං කන්නත් පුරුදු වෙලා හිටිය ...



ඔන්න ඔය සීන් එක හන්ද තමයි Doma එක්ක අපේ Inosuke Hashibira ව ⁣ඈඳෙන්නෙ... ඒ ගැන කතාව මම Inosuke ගැන කියද්දි කියන්නං ..

මේ ඇරුණම,Doma කියල කියන්නෙ අපිට දකින්න ලැබෙන විදිහට Overly friendly and beyond calm චරිතයක්...
මෙයා හැම වෙලාවෙම වගේ ගොඩාක් සන්සුන් ස්වරූපයක් තමයි ගන්නෙ,ඒ වගේමයි තමන් එක්ක කතා කරන කෙනාව ගොඩාක් Care කරන බවකුත් මෙයා අඟවනව..
හැබැයි,ඇත්තම කියනවනං මේ හැම එකක්ම බොරු..Doma ට තියෙනව psychopathic tendency එකක් ලෝකෙ ඉන්න සේරම මිනිස්සු Stupid සහ week කියල හිතල ඒ අයව ඒකෙං මුදවගන්න ඕන කියල හිතන..
ඉතිං ඒ නිසා එයා හම්බෙන හැම මනුශ්‍යයා එක්කම ගොඩාක් සංසුන්,Friendly විදිහට ඉන්නව වගේම..ඒ අයව එයාල විඳින දුකිං මුදවල,එයාලට එයාගෙ ඇඟ ඇතුලෙ ජීවත් වෙන්න ඉඩ හදල දෙනවා..
ඒ හේතුව නිසා ඇරුණම ඇත්තටම Doma කිසි කෙනෙක් වෙනුවෙන් තමන්ගෙ true emotions එලියට දුන්න කෙනෙක් නෙවෙයි.. එයා කියන විදිහට හැඟීම් කියන දේ කිසිම කාලෙක එයාට Familiar දෙයක් උනෙත් නැහැල්ලු..
පලවෙනිම වතාවට එයාගෙ true emotions එලියට ගන්න සමත් උනේ The butterfly lady Shinobu Kocho විසින්.. ඒ හේතුව නිසා, Doma විසින් තරහකට මරල දාපු පලවෙනි කෙනාත් එයා වෙනව වගේම,Shinobu ඇතුලුව Inosuke,Kanao අතින් එයාට විනාශ වෙන්න ලැබීම Doma ට සිද්ද උන අපහාසයක් විදිහටත් එයා දකිනව.. මොකද,එයා හිතං හිටියෙ මිනිස්සු කියන්නෙ පුදුම තරං දුර්වල ජාතියක් කියලනෙ..

මේ සේරමත් එක්ක මේකගෙ ගොඩාක් disturbing habits ටිකකුත් තියනව, නිකං ඉන්න වෙලාවට ඔලුව අස්සට ඇඟිල්ල ගහගන්න එක... මතකෙ අලුත් කරගන්න කියල මොලේ කිති කවා ගන්න එක (literally හොඳේ).. වෙන එකක් තියා මෙයා හැමවෙලාවෙම වගේ නිකං ඉන්නවනං හිත හිත ඉන්නෙ රිද්ද ගන්න ක්‍රම ගැන...
තමන්ගෙ අවසාන සටනෙදි උනත්,kocho නිසා මෙයා Poisoned වෙනවනෙ,ඒ හන්ද ඇති වෙන වේදනාවටත් මෙයා ගොඩාක් ආස කරනව... හිතාගන්නකො මොන තරමෙ පිස්සෙක්ද කියල..

⁣මිනිස්සු Devour කරද්දි,මෙයා හැම වෙලාවෙම කන්නෙ ගොඩා..ක් ලස්සන ගෑනු කට්ටියව විතරයි..
ඇත්ත⁣ටම මෙයාගෙ Cult එකේ ඉන්න ගොඩක් අයත් ගොඩක් ලස්සන ගෑනු අය තමයි.. මෙහෙම කන එකට හේතුව,එයා හිතනව ලස්සන ගෑනු ලඟ ගොඩක් ඉවල Nutrition value එකක් තියනව කියල...

හැබැයි කවමදාවත්,එයා මරන්නවත් කන්නවත් තුන් හිතකිංවත් හිතපු නැති කෙනෙක් හිටිය,ඒ තමයි Inosuke ගෙ අම්ම 
එයාට බොහොම ලෙංගතු කමක් පෙන්නපු ඩෝමා,කවදාවත් එයාව මරන්න කැමති උනෙ නෑ...හැමදාමත් එයා ලඟ ඉඳල සවභාවිකව වයසට ගිහිං මැරෙනකල්ම බලාගන්නයි ඕන වෙලා තිබ්බෙ...
ඒත් ඉතිං,අන්තිමට ඩෝමාට එයාව මරන්න සිද්ද වෙනවා.. ඒ කතාව පස්සෙ කියන්නංකෝ.............

හැම ඩීමන් කෙනෙක්මත් වගේ,මෙයත් මේ හැම personality එකක් එක්කම උනත්,ගොඩක් දරුණු Demon කෙනෙක්..විශේෂයෙන්ම upper moon 2 නිසාම,එයා ගොඩක් Skillfull වගේම Talented කෙනෙක්..
Tessenjutsu කියන සටන් කලාවේ Master කෙනෙක් වෙන මෙයා ඒ හා සමානව Superhuman Speed එකක් තියන කෙනෙක්...Manga එක කියවපු අයට මතකනං Hadhira corp එකේ හිටිය Speedest ම කෙනෙක් උන Kocho ව Blitz කරල දාන තැන. එතනදි කෝචොට හිතාගන්නවත් වෙන්නෙ නැ..
මීට අමතරව Ice භාවිතා කරමින් ක්‍රියාත්මක වෙන එයාගෙ Blood demon art එකත් Pretty deadly එකක්..

එහෙනං ඔන්න ඔහොමයි කතාව,මිනිහ මොන තරං Cold hearted උනත්,ඕනම කෙනෙක් ලඟ..කවුරුම හරි කෙනෙක් වෙනුවෙන් Warm Feeling එකක් තියනව කියන්න,Doma මං හිතන්නෙ හොඳ example එකක්..

ඔයාලගෙ අදහසුත් යටිං ලියාගෙන යන්න..
මගෙ ජීවිතේ,පෞද්ගලිකව ගොඩාක් emotionally Down වෙලා ඉන්න කාලයක් මේක.. පොඩ්ඩක් හරි සතුටු වෙනවනං ඒ WOA ඔයාල නිසා Guys.. ඉතිං ඔයාලගෙ අදහස් ඇත්තටම තව එක්කෙනෙක් හරි Light up කරනව..

Blog එක කියවන්නත් අමතක කරන්න එපා..

Comments

Post a Comment

Popular Now

සෙකිරෝ සහ නිර්වාණයෙහි සැබෑ අරුත

The Upper Moon Five - Gyokko

Saul Ranasinghe and Richard Ranasinghe de vulpian