ඇනිමේ එකක් හදන්න කීයක් යනවා ඇත් ද ?
මීට ටික කාලෙකට කලින් Japanese animator ලගෙ Underpaid සිද්ධි ගැන news අහලම මට හොයන්න හිතුන නිසා හෙව්ව දෙයක් මේක . මම මේක ලිව්වට විස්තර ගොඩාක්ම internet එකේ දැක්ක article සහ Youtube Videos වල දැක්ක interview වලින් හොයාගත්තු දේවල් ! මේ කාලෙ (2019-2021) වගේ වෙනකොට තත්පර 60 ක 2D animation එකක් සඳහා $6000 ක් වගේ වැය වෙනෝලු . Full episode එකක් කරන්න අවසාන වශයෙන් $100,000-300,000 ක් වගේ යනව කියල තමා කියන්නෙ . ගොඩාක් producers ලා කියන විදිහට Anime ගොඩාක් බිහි උනාට Anime industry එක රැඳිලා තියෙන්නෙ අතරින් පතරින් එන big hits දෙක තුනක් මත කියල . ඉතින් ඒ උනත් Anime වලින් ජපානෙට එන සමස්ත ආදායම හිතාගන්නත් බැරි නිසා රටක් වශයෙන් ඒ ගොල්ලො මේ industry එක තවත් promote කරනව කියල තමා කියන්නෙ . ජපනා හපනා . ටික කාලෙකට කලින් CG creator කෙනෙක් වෙන සසමුනේ සකාකි කියල තියෙනව episodes 13 ක වගේ mini anime series එකක් කරන්න $million 2 ක් වගේ යනව කියල . ඒ වගේම තවත් anime producer කෙනෙක් කියල තියෙනව episodes 24 anime එකක් කරන්න $ million 4-5 වගේ එයාට යනවලු . නමුත් ඒ an...