The Infinity Castle Summoner - Nakime
Moshi Moshi
ඉතිං කොහොමද..?
ඔන්න එහෙනං ගිය සතියෙ article එක හරහා ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලල තිබුන KnY character එකක් ගැන අරගෙන ආව...
මොකද උනේ එකපාරටම ආ...?
එහෙම අහන්න හේතුව තව ගොඩක් famous and attractive Character පෝලිමක් ම එන්න තියෙද්දි ඔයාලා insist කරල මේ වගේ Character එකක් ගැන ඉල්ලපු නිසා which is nice and impressive
කොහොම හරි,ඔයාලා ඉල්ලපු දෙයක් WOA අපි කවදාවත් නොදී ඉඳල නෑනෙ ඉතිං..
එහෙනං යං...
KnY තුල ඉන්න The demon messenger එහෙමත් නැත්තං The Current Upper moon 4, Nakime ගැන දැනගන්න ..
Major Spoilers Ahead for Anime Onlys !
.
.
.
Nakime ගැන ගත්තොත්,මෙයා තමයි පොඩිම කාලයක් තුලදි Demon slayer කතා මාලාවේ අතිශය ලොකු Impact එකක් දෙන්න සමත් උන කෙනා..
ඒ වගේම Muzan kibutsuji ගෙ Personal favorite demon වගේම අපි ඉස්සරහට දකින්න ඉන්න සහ දැනටත් තැන් තැන් වලදි පොඩ්ඩ පොඩ්ඩ දැකපු infinite castle summoner ත් මේ නකිමේ ම තමයි.
නකිමේ ව මතකනං ඔයාලට..දුඹුරු පාටට හුරු කලු පාට දිග කොන්ඩයක් තියන,අලු පාටට හුරු Pale skin color එකක් තියන ඒ එක්ක හොඳටම කැපිල පේන තද රතු තොල් දෙකක් තියන Normal build Demon කෙනෙක්..
ඒ වගේමයි,අපි මෙයා දකින හැම වෙලාවකම, මෙයාගෙ ඇඟේ කෑල්ලක් වගේ තියන 4 string Biwa එකක් (music instrument එකක්) සහ ඒක play කරන්න Bachi pick එකත් දැකගන්න පුලුවන්..
Basically,KnY කතා මාලාවෙ අපි දකින මුල් කාලෙදි මෙයාගෙ තිබුන රාජකාරිය තමයි,Upper moon ලව Infinite castle එකට Summon කරන එක..
සාමාන්‍යයෙන් moon ලව Gather කරන්නෙ කවුරු හරි Fellow 12 kisuki කෙනෙක් මැරුණම,ඉතිං සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් අවුරුදු 100කින් වගේ වෙන්නෙ නැති නිසා Nakime හුඟක් වෙලාවට නිකං තමයි ඇත්තෙ.
Personality එක ගත්තොත්,Nakime කියන්නෙ ගොඩක්ම Silent කෙනෙක්..Hashira training arc එකට වගේ එනකල් ම අපිට ඇත්තටම මෙයාගෙ මූනවත් බලාගන්න වෙන්නෙ නෑ..ඒ වාගෙමයි Nakime කතා කරනවනං කතා කරන්නෙ අත්‍යාවශ්‍යම දේකට විතරයි..ඒකත් ඉතාමත් කෙටියෙන් සහ අවශ්‍ය කරන තොරතුර Direct ලබා දෙනව විතරයි... (perfect women doesn't exists කියන්නෙ නිකං ද ඉතිං )
Nakime ගෙ කතා නොකරම බැරි දෙයක් තමයි එයාගෙ Past Human life එක..
එයාාග early life එකේදිත් මෙයා දක්ෂ Biwa player කෙනෙක්..
ඒ වාගෙමයි ගොඩක් ලස්සනයි..හැබැයි මෙයාගෙ Husband නං එහෙම නෙවෙයි..
Nakime ගොඩක් දක්ෂ සහ ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් වෙද්දි,ඒ යකා සූදු කෙලින්න ගත්ත බේබද්දෙක් උනා..
කොහොම හරි එක දවසක ටිකක් ලොකු Stage presentation එකක් කරන්න Nakime ට Set වෙනව. ඒකට ගොඩාක් වටින සහ ලස්සන ඇඳුමකුත් එයා වෙන් කරගෙන ඉන්නව..
අදාල දවසෙදි ගිහිං, ඒක අඳින්න බලද්දි මේ ඇඳුම අරගෙන එයාගෙ ස්වාමිපුරුෂයා ඒක ඔට්ටු තියල සූදු කෙලින්න ගිහිං තිබුන..
ඇති උන කේන්තියත් එක්ක වියරු වැටෙන Nakime එයාගෙ ලඟ තිබුන මිටියකින් ගහල එයාගෙ මහත්තයව මරල දානව..
ඒත් එක්කම මතක් වෙනව එයාට Play කරන්න තියන event එකට වෙලාව ලං වෙලා තියනව කියල...ඇඳුමක් නෑ කියල ඒක නවත්තන්න බෑනෙ,ඉතිං මෙයා තිබ්බ පරණ ඇඳුමක් ඇඳගෙන යනව..
කොහොම උනත් ඊට සුලු වෙලාවකට කලිං එයා කරපු අපරාධය කේන්තිය නැති වෙනවත් එක්ක ටික ටික මතක් වෙද්දි,ඇත්තටම හිත එක තැනක තියාගෙන එයාට මේක කරගන්න බැරි වෙනව...මතක් වෙන මතක් වෙන ගානෙ ඇඟිලි ටිකත් වෙව්ලනව...
ඉතිං,මේ නිසා එයා play කරන්න ගිය Music එක නෙවෙයි Biwa එකෙන් එන්නෙ..වෙන music එකක්..
ඒ උනාට,ඇවිල්ල ඉන්න මිනිස්සු ඒකට පුදුම විදිහට කැමති වෙනව...ඒ music presentation එකට හැමෝම ඔල්වරසන් දෙනව වගේම Nakime ව ඉල්ල කෑ ගහනව..
ඉතිං,අර ඇඳං ගිය පරණ ඇඳුමට එහෙම කේස් දදා හිටිය manager ල ඇතුලු පිරිසත් ඒක අමතක කරල එයාට හොඳ ගෙවීමකුත් කරනව...
මේ හේතුව නිසා Nakime,මෙතනිං එහාට තියන හැම Grand stage presentation එකකටම යන්න කලිං මිනියක් මරල යන්න පුරුදු වෙනව... ඒ වගේම,එහෙම ගිහිං play කරන music හැම එකක්ම එකකට එකක් වෙනස් වෙනව වගේම මිනිස්සු පිස්සු වැටෙන්න පටං ගන්නව..
එක දවසක්,මෙයා තමන්ගෙ වැඩසටහනට යන්න කලිං සුපුරුදු පරිදි මරන්න මිනිහෙක් හොයාගෙන යනව..ඒ යද්දි කෙනෙක් හම්බ වෙනව... ඒ තමයි.. The lord demon, Mr.Muzan Kibutsuji කියන මහත්තය
එතනදි ඇත්තටම Surprise වෙන muzan එයා මෙහෙම Human hunting යන එකට impress වෙනව වගේම ඒ හේතුව නිසාම එයාලෙ precious gift එක වෙච්ච Demon life එකත් එයාට ප්‍රදානය කරනව..
ඔන්න ඔහොම demon කෙනෙක් වෙන Nakime, එදා ඉඳං infinite castle එකේ ඉඳගෙන Muzan ට සේවය කරන්න පටං ගන්නව....
කොහොම හරි SV arc එකේදි Hantengu මිය ගියාට පස්සෙ Muzan විසින් නකිමේ ව Upper moon 4 position එකට up කරනව...අපිට මෙන්න මෙතනදි එයාගෙ මූන දැක ගන්න පුලුවන්...
මූන මැදට වෙන්න තියන විශාල තනි ඇහැක් එක්ක ඒ වටේට විහිදිලා ගිය නහරවල් ගානක් එයාගෙ මූනෙ පිහිටනව.. upper moon 4 කියන එකේ 4 කන්ජි අක්ෂරය එයාගෙ තනි ඇහේ පිහිටල තියනව...
මෙන්න මේ ඇහැ KnY විශ්වයටම අතිශයින් ලොකු බලපෑමක් කරන්න සමත් උන ඇහැක් කියල කිව්වොත් මම හරි..
මුසාන් විසින් නකිමේව Upper moon 4 බවට පත් කලාට පස්සෙ ගොඩක් බලවත් වෙන නකිමේට ඒ එක්කම මේ ඇස හරහා ඉතා විශාල වට ප්‍රමාණයක් දකින්න පුලුවන් කම ලැබෙනව..
එහෙම බලල තමයි අවුරුදු සිය දහස් ගානක් Muzan ගෙන් සැඟවිලා තිබුන Kagaya ගෙ Hidden mansion එක සහ Kagaya ubayashiki හොයා ගන්න සමත් වෙන්නෙ...
අපි එතනිං එහාට කතාව Kagaya ගැන කියවද්දි බලමුකො..
ඔයාල බලනවනං මෙයා upper moon කෙනෙක් වෙලත් මෙයාගෙ Blood demon art එක කෝ කියල. එහෙම නැත්තං අර Eye එක එයාගෙ Blood demon art එක කියල හිතනවනං...
ඇත්තටම Nakime ගෙ Blood demon art එක තමයි අර Infinite Castle එක කියල කියන්නෙ..
මේ Castle එකට ඕනම කරන Demon කෙනෙක් ව ගෙන්න්න..ඒ අයව කැමති තැනක තියල තියන්න එයාට පුලුවන්...
ඊට අමතරව infinite castle එක එයාට ඕන ඕන විදිහට Manipulate කරන්නත් Nakime ට පුලුවන්...
මේ හැකියාව හරහා එයා මොන තරම් සෙල්ලං දානවද කියල හරියටම බලාගන්න පුලුවන් ඔයාලට Infinite castle arc එක හරහා හොඳටම..
එතකං ඉතිං ඉන්න වෙනව,
Manga එක ඕන වෙලාවක කියවන්නත් පුලුවං හැබැයි
එහෙනං, Comments යටිං දාගෙන යන්නත් අමතක කරන්න එපා..🙂
ගිහිං ඉක්මනට එන්නං ❤️
Peace ✌
@admin hasira next article eka widiyata kokushiboge article eka one.loku hellak ekka
ReplyDeleteI will tell him
Delete