The Wind Hashira - Sanemi Shinasugawa



හුලඟ......හුලඟ කොහොමද උඹට උදව් කරන්නෙ..
ඒක උඹව දෙකට ඉරල දායි ..
මම තමයි හුලඟ...

Moshi moshi..
කොහොමද ඉතිං ඔයැයිලට..
මේ සතියෙත් ඔන්න ඔයාල ගොඩක් දෙනා බලං ඉන්න KnY article එක අරං ආවා..ගොඩ දෙනෙක් දැනගන්න බලං ඉන්න කෙනෙක් එක්ක..

එහෙනං, 
අද කතා කරමු 'The badass ,Wind hashira, Sanemi Shinasugawa ගැන 

Sanemi ගැන ගත්තොත්,Sanemi කියල කියන්නෙ KnY universe එක තුල ඉන්න දැවැන්තම චරිත වලිං එකක්..
Spiky hair style එක..Unbuttoned uniform එක,ඇඟ හැම තැනම තියන Scars එක්ක හැම වෙලාවෙම දකින Maniac හිනාව ඔයාලට මෙයාව මතක් කරනව ඇති..

KnY universe එක තුල හමුවෙන සියලුම Slayers ල අතර Strongest ම කෙනෙක් වෙන මෙයා,වර්ථමානයේ The wind breathing technique එක Bear කරන කෙනාත් වෙනව..
සාමාන්‍යයෙන් ගොඩාක් Aggressive එහෙම නැත්තං Hot blooded චරිතයක් වෙන මෙයාව ඉතාම ඉක්මනින් ඕනම දේකට කේන්ති ගස්සවන්න පුලුවන් චරිතයක්..

අතීතයේදි ගොඩාක් tragic events ටිකක් pass කරගෙන ආව එක ඒකට ලොකු හේතුවක් වෙනව..
Most recent incident එක විදිහට එයාගෙ අම්මව Demon කෙනෙක් විනාශ කරන එකිං bottom එකටම වැටෙන Sanemi,එතන ඉඳන් ඇති වෙන වියරුවත් එක්ක තමයි Demon slayer Corp එකට බැඳෙන්නෙ..
Former lower rank one,Ubume ව Slay කරල Hashira mantle එකකට එන මෙයා,හොයාගෙන එයාගෙ ජීවිතේ වැඩියෙන්ම Care කරන පිරිසගෙන් එකම ජීවතුන් අතර ඉන්න කෙනා,එයාගෙ මල්ලිත් Slayer Corp එකට එනවා..
Anime එක බලපු ඔයාලත් දැකපු Season one වල හිටිය Genya shinasugawa තමයි ඒ මල්ලි..
තමන්ගෙ මල්ලිට තියන ආදරේ නිසාම එයා පුලුවන් තරම් එයාව ගනන් නොගෙන,ජීවිතෙං ඈත් කරලමයි තිබ්බෙ..ඒ ඉතිං එයාගෙම හොඳට..
අවසාන මරණයත් එක්ක Demon ල එක්ක වියරු වැටිල හිටිය Sanemi පුලුවන් හැම වෙලාවකම Demon කෙනෙක් Slay කරන එකම තමයි කලේ..
මේ වෙනුවෙන් විතරක්ම ජීවත් වෙන නිසාම..එයා එයාගෙ සියලුම Skills පීක් ලෙවල් එකට ගෙනාව කෙනෙක්..
Upper moon one එහෙම නැත්තං Kokushibu එක්ක infinite castle arc එකේදි කරන සටනෙදි.. දුසිමකට වඩා වැඩි Demons ල පිරිසක් කිසිම ගින්නක් නැතිව විනාශ කරල දාන Sanemi ඒ ගැම්මටම Kokushibu ටත් face කරනව විතරක් නෙවෙයි Surprising Deadly attack දෙක තුනක්ම deliver කරන්නත් සමත් වෙනව වගේම,තමන්⁣ගෙ Demon slayer mark එකත් awake කරගන්න සමත් වෙනව..

ඒ වගේම,මේ Battle එක අවසාන වෙන්නෙ තමන් ⁣ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන අන්තිම කෙනත් තමන්ට අහිමි වෙලා උනත්..
ඒ වෙනුවෙන් වැඩි කාලයක් ගන්නෙ නැතිව..Surprisingly fast විදිහට Mind එක set කරගන්න මෙයා.. එහෙමම Muzan ටක් Face කරන්න යනව..

මෙයා කොයිම වෙලාවකවක් කිසිම විදිහකිං අදහසක් ඔලුවට දාගත්තනං ඒක වෙනස් කරගන්න කැමති මනුස්සයෙක් නෙවෙයි..
හැමදාමත් විශ්වාස කරං ඉන්න දෙයක් උන Demon,Human coexist එකක් නෑ කියන එක..කිසිම තැනකදි මෙයා වෙනස් කරන්නෙත් නැ..
Kamado siblings එක්ක උනත්..කොයි තරමට Kagaya එයාලා ගැන Trust කරන්න කිව්වත්..Sanemi ඒ අයව accept කරේ නෑ අන්තිම වෙනකල්ම..
Deep down,අපි කොයි තරමට rude විදිහට දැක්කත්,sanemi කියන්නෙ තමන්ගෙ ලඟම අයට ගොඩාක් ආදරණිය කෙනෙක්..
සියලුම දෙනා අත ඇරලා,එයා ආදරේ කරන හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න හේතුව වෙන්නෙත් ඒකම තමයි..

මොකද හිතන්නෙ Sanemi ගැන..
යටිං ලියාගෙන යන්න 


Stay hyped  
Peace ✌️


Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬