මොකක්ද මේ ඇනිමේ "මාස්ටර්පීස්" කියන්නෙ?
ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකෙම ගත්තම වැඩියෙන්ම අවභාවිතා වෙන වචන අතර ඉදිරියෙන්ම තියෙන එකක් විදියට Masterpiece කියන වචනය ගන්න පුලුවන්. හැබැයි එහෙම වැරදියට යූස් වෙනවා කියන්නත් බෑ . මොකද මේවගෙ තේරුම මේකයි කියලා කිව්වට එහෙම 100% ක් ඒ අරමුණ මතම යූස් වෙන එක ප්‍රායෝගිකව බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි මාස්ටර්පීස් කියන වචනය ගත්තම යූස් කරන කෙනා එයාගෙ perspective එක සහ තවත් සාධක මත ඒකට ලැබෙන වටිනාකම සහ ඒක අපි consider කරන්න ඕනි ප්‍රමාණට තීරණය වෙනවා. අද කියන්න යන්නෙ ඇනිමේ ගත්තම මාස්ටර්පීස් කියන්න මොකක්ද කියලා වුණාට මේක ගොඩක් දේවල් වලට related වෙන්න පුලුවන්. මාස්ටර්පීස් කියන වචනය ගත්තම ඒකට සාමාන්‍යයෙන් අපි ගන්නෙ outstanding work එකක් හඳුන්වන්න. උදාහරණයක් විදියට ගත්තම Michael Angelo ගෙ David, ඩාවින්චි ගෙ මොනාලීසා වගේ ගන්නකෝ. ඒ වගේ දේක සුපිරිම ලෙවල් එක හඳුන්වන්න තමා මේ වචනය යූස් වෙන්නෙ. David by Michelangelo Mona Lisa by Leonardo da Vinci හැබැයි මේක vocabulary එකට එන්නෙ Master's piece කියන එකෙන් බිඳිලා. ඒ කියන්නෙ මාස්ටර් කෙනෙක් එහෙමත් නැත්නම් ඒ විශයේ ප්‍රවීණයෙක් ගේ සුපිරිම වැඩ්ඩෙක්ගේ cr...