මන්ගා කියවන්න පටන් ගමු !


හොඳයි, 

ඇත්තටම මේ වගේ post එකක් ගේන්න හේතු උනේ අපි ගොඩාක් Manga recommendation ගෙනාවත් ඒවා කියවන්න ගොඩාක් අය අදි මදි කිරීම සහ මන්ගා කියන දේ ලංකාවෙ anime community එක නිවැරදි පරිදි වැළඳ නොගැනීම. 

ඒක නිසා අපි හිතුවා ලංකාවෙ ඉන්න newbie anime community එකට මන්ගා හඳුන්වාදෙන්න . ඒ වෙනුවෙන් article රැසක් අපි ලෑස්ති කරගෙන ඉන්නව. ඉතින් ඒ දාන post ඔයාලගෙ යාලුවො අතරෙ share කරල එයාලට මන්ගා culture එක introduce කරන්න. 

මුලින්ම අපි හිතුවා ඔයාලට මන්ගා ගැන දළ අදහසක් දෙන්න ඕනෙ කියල . ඒ වෙනුවෙන් තමා අද මේ post එක .

මුලම ප්‍රශ්නෙ , 

මොනාද මේ "මන්ගා" කියන්නෙ ?

මන්ගා කියන්නෙ සරළවම ජපන් චිත්‍රකතාවලට . එහෙම නැත්තන් Japanese Comics වලට . මේවට graphic novels කියන යෙදුමත් යොදාගතෑකි  . නූතන ජපන් මන්ගා කලාවෙ ආරම්භය තියෙන්නෙ 19 වෙනි ශතවර්ෂයත් එක්ක . 12 වන ශතවර්ෂයේ ඉඳන් පැවතගෙන එන ජපානයේ සාම්ප්‍රදායික චිත්‍ර කලාවෙන් ආභාෂය අරන් යුගයෙන් යුගයට අලුත් වෙලා ලෝකෙ අනිත් කලාවලින් ආභාශය අරගෙන මේ මන්ගා පෝෂණය වෙලා තියෙනව . 


මන්ගා නිර්මාණකරුවෙක්ට කියනව "මන්ගකා" කෙනෙක් කියල. මන්ගා වල තියෙන ප්‍රධාන විශේෂත්වය තමා අතරින් පතර තියෙන වර්ණ පිටු හැරුනම ප්‍රධාන මන්ගා එකම කළු|සුදු ක්‍රමයට තමා නිර්මාණය වෙන්නෙ.  එයාලා කියන විදිහට arts වඩාත් details පේන විදිහට ඉදිරිපත් කරන්න පුලුවන්ලු එහෙම.


 ඇයි මන්ගා මේ තරම් වැදගත් ?

ලෝකෙම වැලඳගෙන තියෙන ඇනිමෙ කලාව ගොඩාක්ම පෝෂනය වෙන්නෙ මන්ගා වලින් . අද Light Novels , Games වලින් Anime හැදුනට Anime කලාවෙ නව පිබිදීම ඇරඹෙන්නෙ මන්ගා එක්ක . 1960 ගණන්වල ඇනිමෙ වල පිබිදීමත් එක්ක මන්ගා source material ලෙස භාවිත කරමින් විශාල ඇනිමෙ ප්‍රමාණයක් අද වෙනතුරු බිහි වෙලා තියෙනව . 

2021 වර්ෂයේ ඇනිමේ නිර්මාණය කිරීම සඳහා යොදාගන්නා ලද මුලාශ්‍ර  - Crunchyroll ඇසුරෙනි.


මන්ගා කියවන ක්‍රමය  

මන්ගා එකක් ලෝකෙ අනිත් comics වලට වඩා කියවන විදිහ වෙනස් . මොකද මේක ජපන් අකුරු ලියන ක්‍රමයට තමා හැදෙන්නෙ . ඒ කියන්නෙ අපි මේ මන්ගා දකුණේ සිට වමට තමා කියවන්න ඕනෙ. සමහර අය මේ බව නොදැන වැරදි විදිහට කියවලා පළමු පාරින්ම මන්ගා එපා කරගත්තු අවස්ථා අපිට අහන්න ලැබිලා තියෙනව.

සමහර වෙලාවලට English translation ආවම මේ ක්‍රමය යම්තාක් දුරකට වෙනස් කරලා මුද්‍රනය කරන්නත් ඒ අදාල ආයතනය වග බලාගන්නව .

මේ ගැනත් ඉස්සරහ post එකකින් අපි හරියටම කතා කරමු 


 මන්ගා වලින් ආභාශය ලබපු චිත්‍රකතා ක්‍රම

මන්ගා කියන චිත්‍ර කතා ශෛලිය අභාශයට ගෙන ලෝකෙ දැන් comics ශෛලීන් විශාල ගණනක් හැදිලා තියෙනව . මේවයෙන් ප්‍රධානම ඒවා තමා , 

  • Manhua -Chinese Comics 

  • Manhwa - Korean Comics (Manhwa ආභාශය අරන් Webtoons හැදීමත් දකින්න පුලුවන්)

  • OEL Manga - Manga Influenced English Comics

  • Manfra - Manga influenced French Comics

  • DZ-Manga - Manga Influenced Algerian Comics 


මීට අමතරව මන්ගකා විසින්ම ප්‍රකාශනය කරන මන්ගා වලට අපි Doujinshi එහෙම නැත්තන් fan comics කියල කියනව.


මන්ගා මුද්‍රණය වෙන ක්‍රම 

මන්ගා මුද්‍රණය වෙන ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනව . 

පලවෙනි ක්‍රමය තමා ,

  • Magazine අතිරේක විදිහකට 

Magazine එක්ක පිටු 20-40 ත් අතර කොටස් විදිහට මන්ගා release වෙනව . ගොඩාක්ම වෙලාවට මන්ගා chapters release වෙන්නෙ මේ විදිහට . මන්ගා එකක් serialize වෙන්න කලින් මන්ගා එක promote කිරීමට සහ මහජන ප්‍රතිචාර දැනගන්න මන්ගා එකේ one-shot version එකක් මුද්‍රනය කරල අදාළ සඟරාව එක්ක අතිරේකයක් විදිහට එවනව . ඒවයෙ සාර්ථකත්වය මත කොටස් කොටස් වශයෙන් සතියෙන් සතිය (හෝ අදාල time gaps ඇතුව) ඒ අදාල magazine එකත් එක්ක මන්ගා එකේ chapters බලාගැනීමට අපිට හැකියාව ලැබෙනව . 

weekly Shounen Magazine කියන්නෙ මේ වගේ ආරම්භ කරපු මුල්ම magazine වලින් එකක් ❤️


දෙවෙනි ක්‍රමය තමා ,

  • Volume විදිහට 

Magazine අතිරේක විදිහට එන මන්ගා කොටස්(chapters) කීපයක් එකතු කරල පොතක් විදිහට මුද්‍රනය කරනව . මේ එක පොතක් අපි Volume එකක් කියල කියනව . 

Click here to view A List of Manga Publishers


Quick Fact : 

ටික කාලයක් ගියාට පස්සෙ මන්ගා එකේ ප්‍රසිද්ධිය මත coloured version එකක් release වෙන අවස්ථාත් දකින්න පුලුවන් . 


මීට අමතරව දැන් තාක්ෂනයේ දියුණුවත් එක්ක අපිට Web Manga විදිහටත් අන්තර්ජාලය ඔස්සේ මන්ගා කියවන්න හැකියාව ලැබිලා තියෙනව . 


 මන්ගා ශානර (Genres)

ජපන් මන්ගා,ඇනිමෙ කලා ගත්තාම හිතාගන්න බැරි genres ගණනාවක් වටා විහිදෙනව . සමහර ඒවා අපි ලෝකෙ ජීවිතේට අහපු නැති ඒවා 😅 ඉතින් එහෙම ප්‍රසිද්ධ කීපයක් ගැන කියන්නන් ,


action, adventure, isekai (වෙනින් ලෝකවලට ඕපපාතිකව පහල වෙන ඒවා) , business and commerce, comedy, detective, drama, historical, horror, mystery, romance, science fiction and fantasy, erotica (hentai),Ecchi (Hentai light version) , sports and games, suspense, Harem(අන්තඃපුර සිද්ධි 😂) , Slice of Life , Shounen (තරුණ වයසෙ පිරිමි ළමයින්ට) , Seinen ( Mature audience එකට) , Shoujo (තරුණ වයසෙ ගෑනු ළමයින්ට) , Josei (Mature ගැහැනු පාර්ශ්වයට) .... වගේ ගොඩාක් genres අපිට මන්ගා තුළ දැකගන්න පුලුවන් ❤️🔥


හරි ඊළඟට එමු මන්ගා ගැන interesting facts ටිකක් දැනගන්න 

  • ලෝකෙ best selling manga එක වෙන්නෙ මේ වෙනකොට Copies මිලියන 500 ක් විකිණිනු Oda sensei ගෙ One Piece මන්ගා එක . ලෝකෙ comics අතින් දෙවෙනියට වැඩිම ප්‍රමාණයක් විකිණුනු comic එක වෙන්නෙත් මේකමයි.

  • ජපානයේ සෑම ගෙදරක්ම වගේ මන්ගා මිළදී ගැනීම සඳහා වසරකට $30 ක වගේ මුදලක් වියදම් කරනවලු 
  • මන්ගා නිර්මාණය සඳහා උගන්වන විශ්වවිද්‍යාල පවා ජපානයේ පවතිනව.


ඉතින් අද ඔන්න ඔයාලා මන්ගා කියවන්න පළමු පියවර ගත්තා කියල අපි හිතනව . අපි පියවරෙන් පියවර ඔයාලව මන්ගා පිස්සො කරල නවතින මේ ගමන ඇරඹුවා  .  

ඊළඟ post එකත් එක්ක හම්බ වෙමු එහෙනං . 

Comments

  1. me widiyata kiyawana eka lesi facebook ekata wada. wade niyamai digatama karagena yamu good luck ❤️❤️❤️

    ReplyDelete
    Replies
    1. කියවන්න ලේසි වෙන්න ඕනේ හින්දමයි අපි blogging වලට බැස්සෙත්

      Delete
    2. මේ වැඩේ මරු🤩🔥🔥

      Delete
    3. Keep it up friends.
      Harem එකේ තේරුම තමා හොඳටම කරේ.

      Delete
  2. Keep it up friends.
    Harem එකේ තේරුම තමා හොඳටම කරේ.

    ReplyDelete
  3. Keep it up brothers ! Good for knowledge

    ReplyDelete

Post a Comment

Popular Now

Love Hashira - Mitsuri Kanroji

මොකක්ද මේ ඇනිමේ "මාස්ටර්පීස්" කියන්නෙ?

The Sound Hashira - Tengen Uzui