මනසට සැහැල්ලුවට Anime



මේ දවස්වල depression scene එක ගැන ගොඩක් memes යනවනේ....ඉතින් දුක mood එකේ ඉන්න අයට බලන්න හොද anime 5ක් ගැන කියන්න හිතුනා....මෙහෙමයි සිද්දිය හැබැයි, සමහර anime තියෙනවා කෙනාගෙන් කෙනාට mood එක වෙනස් කරන හැටි වෙනස්. උදාහරණයකට කෙනෙක්ට death note වගේ එකක් බලද්දී තමන්ගේ ප්‍රශ්න අමතක වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ anime හදලා තියෙන්නේ කෙලින්ම මනස සැහැල්ලු කරන්නවත් කෙනෙක්ගේ දුක තුනී කරන්නවත් නෙවෙයි. මම මේ අද කියන්න යන anime හදලා තියෙන්නේ අන්න ඒ අරමුණෙන්.


1.𝐁𝐚𝐫𝐚𝐤𝐚𝐦𝐨𝐧


                                          


මේක අපි මුල්ම කාලේ ගෙනාව post එකකත් කතාවුන anime එකක්. මගෙන් ඕනි කෙනෙක් මනස සැහැල්ලු කරගන්න හොද anime එකක් ඉල්ලුවොත් මම දෙපාරක් නොහිතා දෙන පලවෙනි උත්තරය තමයි Barakamon බලන්න කියන එක. මේ anime එක පාදක වෙලා තියෙන්නේ calligraphy කරන handa කියන පුද්ගලයා වටේ. මෙයාට වෙන අකරතැබ්බයක් නිසා ජපානයේ ගම්බද පලාතකට යවනවා ටික කාලයක් එහේ ඉදලා මනස සංසුන් කරගෙන එන්න කියලා. අන්න ඒ ගමට ගියාට පස්සේ එයාගේ ජීවන රටාව වෙනස් වෙලා එයාට දැනෙන සැහැල්ලුව අපිටත් දැනෙනවා මේ anime එකෙන්. ඉතින් ඔයාලා ඉන්නේ මනස අවුල් වෙලාද? මේක බලන්න ඔයාලට අනිවාර්යයෙන්ම සැහැල්ලුවක් දැනෙනවා කියලා මම ස්ථීර කරනවා


2. 𝐀 𝐏𝐥𝐚𝐜𝐞 𝐅𝐮𝐫𝐭𝐡𝐮𝐫 𝐓𝐡𝐚𝐧 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐞





වැඩි හෑලී ඕනි නෑ කෙලින්ම කියන්නම් මේ anime එක පාදක වෙලා තියෙන දේ ගැන. පොඩි ගෑනු ලමයි 4 දෙනෙක් antarctica expedition එකකට සම්බන්ධ වෙලා එයාලා එක්ක antarcticaවට යන කතාව තමයි තියෙන්නේ. සාමාන්‍ය expedition එකක වෙන සත්‍ය සිදුවීම් අපිට පෙන්වන ගමන් ඉතාම සරල සහ සංසුන් plot එකකින් බලන කෙනාව ඇදගෙන තියාගන්න සමත් වෙනවා. Visuals ගැන කිව්වොත් ඇස් දෙකට ඉතාම ප්‍රියමනාප visuals තමයි මේ anime එකේ තියෙන්නේ 


3. 𝐊-𝐎𝐧





මේ anime එක නම් බලලා නැතත් හැමෝම දන්න කියන anime එකක් කියලා මම විශ්වාස කරනවා. හැබැයි මේක හැමෝටම සෙට් වේවිද කියලා sure නෑ. කිසිම musical ability එකක් නැති ගෑනු ලමයෙක් එයාගේ ඉස්කෝලේ musical club එකට සම්බන්ධ වෙන එක ගැන තමයි මේ කතාවේ තියෙන්නේ.හැබැයි music විතරක්ම නෙවෙයි මේ anime එකේ target කරන්නේ. සමහර වෙලාවට මේ ගෑනු ලමයින්ගේ පිස්සු වැඩ නිසා music plot එක යට යන අවස්ථාවන් නැතිවම නෙවේ.overall මේක බලද්දී මට ඔලුවට කිසිම බරක් දැනුනේ නෑ. දැනුන එකම දේ සැහැල්ලුවක් සහ සතුටක්. 

4. 𝐒𝐢𝐥𝐯𝐞𝐫 𝐒𝐩𝐨𝐨𝐧





මුලින්ම මේක බලන්න ගනිද්දී මට හිතුන දේ තමයි දෙයියනේ මුන් හැම මගුල ගැනම anime හදනවනේ කියලා. Silver Spoon කියන්නේ agriculture / farming පාදක වුන anime එකක්. ඔව් agriculture ගැනත් anime තියෙනවා.ඔයාලා stardew valley හෝ harvest moon වගේ game play කරලා තියෙනවා නම් අන්න ඒවාගේ anime adaptation එකක් වගේ මේක. නාගරික ඩයල් එකක් වැඩ අඩුයි කියලා හිතලා ගම්බද agriculture school එකකට join වෙන එක ගැන තමයි මේ කතාව තියෙන්නේ. මනුස්සයා හිතපු දේ කනපිට හැරෙනවා හැබැයි. Slice of life elements එක්ක comedy මිශ්‍ර කරලා හදපු හොද anime එකක් මේක.


5. 𝐔𝐬𝐚𝐠𝐢 𝐃𝐫𝐨𝐩






මේක මම මෑතකදී බලපු හොද heartwarming anime එකක්. මේ කතාව පාදක වෙලා තියෙන්නේ අවුරුදු 30daikichi කියලා ඔහේ ගෙවන්නම්වාලේ ජීවිතේ ගෙවන කෙනෙක් වටේ. මෙයාගේ සීයාගේ මලගෙදරදී මෙයාට සීගගේ හොරශොට් එකකින් ලැබුන දුවෙක්ව හමුවෙනවා.හැබැයි පවුලේ කවුරුත් මෙයාව බලාගන්න අකමැති නිසා Daikichi කැමැත්තෙන්ම මෙයාව බලාගන්න බාරගන්නවා. ඉතින් ලමයින්ව බලාගෙන කිසිම experience එකක් නැති daikichi පලවෙනි වතාවට පවුලක් ගොඩනගන්න දරන උත්සාහය ගැන තියෙන මේ anime එක ඇත්තටම මාරම ලස්සනයි

Comments

Post a Comment

Popular Now

The Upper Moon Two - Douma